යුද්ධය මෙන්ම පශ්චාත් යුධ සමයේ පුද්ගල පශ්චාත්තාපයන්ද බිහිසුණුය.

Ida 🎬| 2013 | Poland

සියවස් භාගයකටත් වඩා ඉතිහාසයක් ඇති දෙවන ලෝක යුද්ධය හා ඒ ඔස්සේ ගොඩනැගුනු චිත්‍රපට මේ දක්වාම නිර්මාණය වේ. යුද්ධය පැවති වකවානුවේ කතා මෙන්ම පශ්චාත් යුද සමය තුල යුද්ධයේ වින්දිතයන්ගේ කතාද ඒ අතර සුවිශේෂී වේ. Ida (2013) චිත්‍රපටයද නිර්මාණය වී ඇත්තේ පශ්චාත් දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගුනු පෝලන්තය ආශ්‍රය කොට ගෙනය. කන්‍යා සොයුරියක් වීමට අපේක්ශාවෙන් ජීවත් වන Annna හට ඇයට ජීවතුන් අතර සිටින එකම නැන්දනියගෙන් ලැබෙන ඇරයුමක් ඔස්සේ මේ කතාව ගොඩනංවා තිබේ.

තම නැන්දණිය මුණ ගැසීමෙන් අනතුරව Anna තමා අනන්‍යතාවය හරියට හදුනාගන්නා අතර තමාගේ සැබෑ නම Ida බවත් තමා ජුදා ජාතිකයකු බවත් තම දෙමාපියන් දෙවන ලෝක යුද්ධයේදී ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරිමේදී මරා දැමුණු බවත් ඇය දැන ගනී. අනතුරුව චිත්‍රපටය ගලායන්නේ Ida තම දෙමාපියන් වල දැමු තැනක් සොයා යන ගමන ඔස්සේ ඇය ජීවීතය අත් දකින ආකාරයත් ඇයගේ නැන්දණියගේ පශ්චාත්තාපී ජීවන චාරිකාවත් සමඟය.මේ දෙදෙනාම එකම ප්‍රශ්නයකට මුහුණ දෙනු ලබන්නේ එකිනෙකට පරස්පර ආකරයකටය. මෙහිදී Ida විසින් තම දෙමාපියන් ඝාතනය කල පුද්ගලයාට සමාව ලබාදෙන අතරම ඇයට උරුම නිවසේ අයිතිය පවා ඒ පුද්ගලයන්ගෙන් උදුරා නොගැනීමට තීරණය කරයි. නමුත් ඇයගේ නැන්දණිය ජීවත් වන්නේ ඇයට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකටය. දැඩි බීමත්කමකින් හා තම දරුවා දෙවන ලෝක යුද්ධයෙන් මිය යැමේ පශ්චාත්තාපය තුල දැඩි පීඩනයකින් ජීවත් වන ඇය මෙම මිය ගිය අයගෙ අස්ථි කොටස් පවුලේ සුසාන භූමීයක තැන්පත් කොට Ida නැවත් කන්‍යාරාමයට ඇරලවිත් ජීවීතය හැර යයි.

කුඩා කල සිට කන්‍යාරාම ජීවීතයෙන් මිදී ටික කලක් නැන්දණිය සමග ජීවත් වූ කාලය නිසා ඇය කන්‍යා සොයුරියක් වීම පිළිබද දෙගෙඩියාවට පත් වී අවසාන මොහොතේ තමා එය සුදානම් නැති බව පවසන අතර නැවත් ඇයට තම නැන්දණියගෙ අවසාන කටයුතු වෙනුවෙන් පැමිණීමට සිදුවන අතර ඇය තම ජීවීතය වෙනස් ලෙස දකින්නට උත්සහ කලත් නැවත එක් මොහොතකදී ඇය මේ සාමාන්‍ය ජීවීතය තුල වන ඒකාකාරී බව නිසා නැවත පැරණි ජීවීතයට යාමත් සමග චිත්‍රපටය අවසන් වේ. ඇය මේ ජීවීතය ගැන දකින ආකාරය දක්වන දෙබස මේ චිත්‍රපටයේ එන එක් සුවිශේෂී දෙබසකි.

“What do you think?

I don’t think.

We’re going to finish this and go to Gdańsk. Are you coming too?

Have you been to a beach before?

I don’t want to go anywhere.

Come with me. Then you can hear we are playing piano. We can walk on the beach.

Next …….?

We can have a pet dog.

Let’s get married ….. Let’s have children …. Let’s buy a house ….

Then….?

“A normal life”……

යුද්ධය අවසන් වූ පසු සියල්ල අවසානය යැයිද දැන් සියලු දේ විසදුනා යැයිද කියමින් යුද්ධය උත්කර්ශයට නංවන රටක ජීවත් වන මිනිසුන් හට එහි වින්දියතයන්ගේ ජීවීත දෙස සානුකම්පිතව බලන්නට මේ චිත්‍රපටය අපට ඉඩක් ලබා දී තිබේ.

©️KF | 2023.08.26

Leave a comment