මාගම් සෝලිය : කුහක සුචරිතවාදින්ගේ නිරුවත ඔවුන් ඉදිරියේම දිග හැරීම.

Magam Soliya-Moha Raj Madawala

මාගම් සෝලිය සහ මොහාන් රාජ්  මඩවල විසින් රචිත කෘති තරමට පසුගිය වසර දෙක තුනක කාලය තුල කතාබහට ලක්වූ ලේඛකයකු නොමැති තරම් යැයි කීම අතිශොක්තියක් නොවේ.සිය පලමු නවකතාවෙන්ම පාඨකයා දැවන්ත ලෙස ආකර්ශනය කර ගත හැකි වේ නම් එය කතුවරයකු ලබන මහත්ම උත්තේජනයකි. මාගම් සෝලිය රචනා කල මොහාන් රාජ් මඩවල මහතාද එම භාග්‍ය ලද්දෙකි.ඉන් ලද පන්නරය මත ඔහු විසින් රචනා කරන් ලද ලොවිනා මෙන්ම ආදරණීය වික්ටෝරියා යන කෘති ද්විත්යද පාඨක මෙන්ම විචාරකයන්ගේද නොමද පැසසුමට මෙන්ම දරුණු විවේචනයට ලක් විණ.බොහෝ දෙනා කථා කරනු ලබන්නේ ඔහු තම කතා ඉදිරිපත් කිරීමේදි ඔහු යොදා ගනු ලබන ශානරයයි. ඒ පිලිබදව ඔහු මාගම් සෝලිය කෘතිය ආරම්භයේදී යම් පැහදිලි කිරීමක් කර ඇති බව පෙනී යයි.

“කලා කෘතිය යනු සැබෑ ලොව අනුකරණය කරමින් කලා කරුවා විසින් නිර්මාණය කරන ලද කල්පිත ලොවකි”.
                                              -කල්පනා ලෝකය-
                                                            මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

ඔහු රචනා කරන ලද කෘති ත්‍රිත්වයම ඉතිහාසය විෂය කොට ගත්තකි. ඉතිහාසය වනාහි පසුගිය දශකයක් කාලය දෙස නැවත හැරී බැලීමේදී වඩාත්ම මතභේදයට තුඩු දෙන ලබන මතෘකාවකි.ඉතිහාසය තරමට උත්කර්ශයට නංවන ලද තවත් වචනයක් පසුගිය දශකයේ නොවින. කලාකරුවන් විසින් තම බඩ වඩා ගැනීමේ චේතනාවෙන් යුතුව නරුම පාලකයන්ව බුදුන්ගේ නෑදෑයන් කරවන නිර්වචනය කිරීමේදී තම හෙලුව වසා ගනු ලැබුවේ මේ ඉතිහාසය නම් වූ කඩතුරාවෙනි.  මාගම් සෝලිය රචනා කර ඇත්තේ කතුවරයාම හදුන්වා දෙන පරිදි ක්‍රි.ව 1809 ත් 1819 ත් කාලය වස්තු විශය කොට ගෙනය. ඇත්තෙන්ම එම කාලය මෙරට ඉතිහාසයේ සුවිශේෂි කාල පරිච්ඡේදයකි.එක් පසකින් එය වසර දෙදහස් ගණනක මෙරට රාජවංශික පාලනය අවසන් කිරීමක් සේම එය මෙරට අද අප විසින් භුක්ති විදින නිදහස් ප්‍රජාත්‍රන්ත්‍රික වටපිටාව නිර්මානය කිරීමේ ඇරඹුමද විය. පසුගිය දශකයක කාල සීමව යොදා ගනු ලැබුවේ ඉතිහාසය උත්කර්ශයට නංවමින් අප සමාජය නැවතත් එම වහල් ක්‍රමය වෙත රැගෙන යාමේ ව්‍යාපෘතියකි.  ඔහු සිය කතාව ඉදිරිපත් කරනුයේ උඩරට ඉංග්‍රීසින් හට භාර දීමත්, 1818 ඇති වූ කැරැල්ලත් අතර කාල සීමවේ ඌව වෙල්ලස්ස ගමක සිදු වී වූ සහ සිදු නොවූ සිද්ධි ගනනාවක කතාවකි. මෙය  යථාර්ථවාදී රීතිය ඉක්මවා අධියථාර්ථවාදී රීතිය පදනම් කොට ගෙන රචනා වූවකි. කෘතිය පුරාම පාඨකයා රදවා ගනිමින් එම රීතිය ඔස්සේ කතාව ගොඩනැංවීමෙහිලා ඔහු දක්වන උත්සහය ඉතා ප්‍රශංශනියය.එවැනි අධියථාර්ථවාදී සිදුවීම් ඔහු ඉදිරිපත් කර ඇති ආකාරයද ඉතා රසවත්ය.ඇබිත්ත උන්වහන්සේට දාව සොබනිට බිහි වූ නිවුන් දරුවන් උපන් මොහොතේ ඒ පිළිඹදව කතුවරයා කරනු ලබන විග්‍රහය ඒ සදහා සාක්ෂි සපයනු ලබයි.

“නිවුන් දරුවන් වුවත් ඔවුන් අතර කිසිම සමාන කමක් තිබුණේ නැත. ගැහැනු දරුව සිහින් කෙසග වුවත් පිරිමි දරුව පෘශ්ඨිමත් විය.එසේම සපුමලී සිනාසෙන විට හීන් සුරඹා ඇඩුවේය. හීන් සුරඹා නිදාගන්න විට සපුමලී ඇහැරී සිටියාය. සපුමලී වම් ඇලයට හැරෙන විට හීන් සුරඹා දකුණු ඇලයට හැරුණේය.හීන් සුරඹා උඩ බලාගෙන කෑ ගසන විට සපුමලී බිම බලාගෙන නිශ්ශබ්දව සිටියාය.” (පිට 166)

කතාවේ එන සිදු වීම කොතරම් අධියථාර්තවාදි වුවත් එම සියලු සිදුවීම් හා පුද්ගලයන් ඔස්සේ කතුවරයා එම කාල වකවානුව තුල එවක සමාජයේ මිනිසුන්ගේ දිවි පැවතුම්, සමාජ සබදතා සහ එමෙන්ම එම කාලාඡේදය පුරා රට තුල වූ සිදුවීම් ඉදිරිපත් කිරීමේ දී කතුවරයා දක්වන දක්ෂතාවය, ඉතිහාසය පදනම් කරගෙන වර්ථමානයේ බිහි වන කෘති අතික්‍රමනය කිරීමට මොහාන් රාජ් සමත් වී ඇති බවක් පෙන්නුම් කෙරේ. විශේෂයෙන්ම මනුෂ්‍ය ජීවිත වල ඇතුල් පැත්ත නිරාවරනය කිරීමෙහිල ඔහු දක්වන වින්‍යාසය බොහෝ සුචරිත වාදින්ගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.එසේ වූයේ ඇයි ?. බොහෝ සුචරිත වාදින් සුදු රෙදි කඩකට මුවා වී ගෙවනු ලබන්නේ අසික්කිත ජීවිත රටාවකි. ඔවුන් පොහොයට සිල් ගනී නමුත් කාන්තා කකුලක් දුටු විට තිගැස්සේ. ඔවුන්ගේ එම දෙබිඩි ජීවන රටාව කවරකු හෝ ඉදිරිපත් කරන විට ඔවුන් කුපිත වේ. මෙරට බොහෝ කලා කෘති සම්බන්ධයෙන් මෙම තත්වය උද්ගත විය. මෙම කෘතියේ එන චරිත කියවීමේදී ඔවුන්ගේ ජීවිතයේ සැගවුන යටි පැත්ත ඔවුන් ඉදිරියේම දිග හැරෙනා විට ඔවුන් තිගැස්මකට ලක් වී කෘතිය වෙත මරාගෙන මැරෙන විරෝධයක් එල්ල කරනු ලබයි.

ඒකාකරී ශෛලයන්ගෙන් යුතු නවකතා ගොන්නක් ලියවෙන යුගයක මාගම් සෝලිය වැනි නවකතාවක් සිංහල නවකතාවට එක් කිරීම පිලිබදව කතුවරයා වෙත අප ගෞරවය හිමි විය යුතුමය. කුහක සුචරිතවාදිගෙන් එල්ල වු පටු විරෝධයන් හට ඔහු එල්ල කරනු ලැබුවේ තවත් නවකතා ද්විත්වයකි.ලොවීනා සහ ආදරණිය වික්ටෝරියා යන කෘති ද්විත්වයද එම කුහක සුචරිතවාදින් හට එල්ල කල අකුල් පහරක් වැනිය.මේ සදහා පහත වන නාපටවල ධම්මානන්ද හිමි කල ඇති විචාරය ඉතා විශිෂ්ඨය.
“මාගම් සෝලිය නවකතාවේ කාමය සහ රාගය ප්‍රධාන තැනක ලා විශ්ලේෂනය කෙරේ. සිද්ධාර්ථ – යශෝධරා සම්මත ආදර කතාව සේම සහෝදර සහෝදරියන් වූ සිංහබහු – සිංහසීවලි අසම්මත කතාවද අප ඉතිහාසයේ අසා තිබේ. වෙස්සන්තර -මන්ද්‍රී දේවි සම්මත ආදර කතාව සේම විජය කුවේණිගේ දරුවන් වු ජීවහත්ත ලා අසම්මත කතාවද අප අසා තිබේ.එබැවින් සම්මතය හා අසම්මතය වූ කලී අපේ ඉතිහාසය පුරා පැවත එන්නකි.”

Photo :Boondi.lk

කසුන් ප්‍රනන්දු
31/07/2015

මහින්ද ද?…. මෛත්‍රීද?……. සිදු වූයේ කුමක්ද ?…..

download

වීරයකු බිහි කරනුයේ අනාගතය විසිනි. අද දවසේ වීරයා සබෑ වීරයකුද නැද්ද යන්න තීරණය කරනුයේ අනාගතය විසින් අද තත්වය විග්‍රහ කරන ආකාරයටය. නමුත් මෙරට දේශපාලනය එම තත්වය උඩු යටිකුරු කර ඇත.එක් පුද්ගලයකු වීරයකු හෝ ද්‍රෝහියකු බවට පත් කිරීමට මෙරට ජනතාව සහ මාධ්‍ය ගනු ලබන්නේ ඉතා සීමිත කාලයකි. මෙහි ඇති වාඩාත්ම උත්ප්‍රාසජනක තත්වය වන්නේ පසුගිය සතියේ වීරයකු ලෙස විරුදාවලිය ලබන්නා එලබෙන සතියේදී ද්‍රෝහියකු බවට පත්ව තිබීමය. පසුගිය නොවැම්බර් 21 වන දින මෙරට අති මහත් බහුතර ජනතාවගේ වීරයකු වූ සිරිසේන මහතා එම භාග්‍ය ලබමින් සිටින දේශපාලකයා බවට පත් වෙමින් සිටී.ඔහු පොදු අපේක්ශකයා ලෙස ඉදිරිපත් වූ මොහොතේ සිට මෙරට දැනුවත් පුරවැසියන්ගේ වීරය වූ සිරිසේන එක්වරම පසුගිය සති කීපය තුල වීරයා සහ ද්‍රොහියා අතර සංක්‍රමනය විය.එසේ වුයේ ඔහු පර්සි මහෙන්ද්‍රට නාම යෝජනා දීමත් පසුව ඊට හේතු දක්වමින් කල පැහැදිලි කීරීමත් සමගය.

මේ තත්වය හේතුකොට ගෙන රට තුල දේශපාලන ව්‍යාකූලත්වයක් රට තුල නිර්මාණය වෙමින් පවතී.එක් පසකින් ශ්‍රි.ල.නි.ප තුල නායකත්ව කඹ ඇදීමක් බවට පත් වෙමින් සහ මෙරට ජනපති දේශපාලන හුදකලා භාවයට පත් වෙමින් පවතී. මෙසේ වූයේ ඇයිද යන්න වියුක්තව සලකා බැලිය යුතු තත්වයකි. සිරිසේන මහතා මෙරට ජනාධිපති ධූරයට ඔසවා තැබුවේ ඔහු  තුල වූ පුද්ගලික කුසලතාවයකට නොව ඒ මොහොත වන විට රට තුල නිර්මාණය වෙමින් තිබූ දේශපාලන තත්වය පදනම් කරගෙනය.ඔහු ශ්‍රි.ල.නි.පයේ ලේකම් වරයා වුවද ඔහුට එම තත්වය හේතු කොට ගෙන දැවැන්ත සහයක් එම මැතිවරණයේදී ලබා ගත නොහැකි විය. පක්ශයට ඔහු ද්‍රොහියෙකු විය. නමුත් ජනවරම ලබා ගත් පසු ඔහු වටා එක් වූ කපටි ආරක්ෂකයන්ගේ ඉල්ලීම මත් ඔහු නැවත ශ්‍රි..නි.පය තමන් සතු කරගැනීමේ අසාර්ථක උත්සහයක ඔවුන් නිරත විය. ඒ සදහා ඔහු පක්ශයේ තෝරා ගත් පිරිසකට අමාත්‍ය ධුර පිරිනමමින් සහ නොයෙකුත් වරප්‍රසාද දෙමින් ගත් උත්සහය අද නතර වී ඇත්තේ කොතැනකද යන්න ඔහුට තේරුම් ගොස් ඇති බව ඔහුගේ කතාව තුල පැහදිලිය.

ඔහු රාජපක්ශගේ ගොදුරක් වීද ?

රාජපක්ශ පලමු වටයේ දේශපාලනය අත් හරින ලබන තැනකය. නමුත් ඔහු විසින් නිර්මාණය කරනු ලැබූ දේශපාලන සමාජ ක්‍රමය තුල ඔහුට එසේ සිටීමේ අවස්ථාවක් නිර්මනය නොවුනි. ඔහු නිර්මිත වහල් සමාජ ක්රමය තුල සාමාන් මිනිසුන් පමනක් නොව සමාජ වගකීමක් ඇති කලාකරුවන් යැයි කියනා නලාකරුවන්ද ඇසුවේඇයි සර් ගහලා හරි ගත්තේ නැත්තේයන මුග්ධ ආකාරයටය. එවන් වටපිටාවක් තුල මෙරට දේශපාලන ආනාථයන්ගේ පෙරමුනක් නිර්මානය වී මහින්ද සමග නැගිටින්නට ගත් උත්සහය පරාජය කිරීමට කෙසේ වෙතත් හදුනා ගැනීමට 49 වසරක දේශපාලන පම්පොරී ගසන  ජනපති සිරිසේනට හෝ ඔහුගේ කපටි ආරක්ශකයන්ට නොහැකි විය. ඒ නිසා අද එක්සත් ජාතික පක්ශයට හිතවත් මාධ්‍ය සහ ලියන්නන් හට සිරිසේන වීරයකු වුවද සැබෑ යථාර්ථය නම් සිරිසේන පරාජිතයෙකි.ඔහු විසින් මහා මැතිවරණය පමා කරන ලද්දේ අද ඔහු පවසන ප්‍රතිසංස්කරන වෙනුවෙන් නොව ඔහුට තම පක්ශය සහ එහි නායකත්වය තමන් සතු කර ගැනීමේ අසාර්ථක උත්සහය වෙනුවෙනි.එය ඔහුට පමනක් නොව ඔහුට හිතේශී බවක් දක්වන දේශපාලන චරිත වලට පවා ඉතා අසීරූ දේශපාලන වටපිටාවක් නිර්මාණය වෙමින් පවතී.මහින්ද හිතවතුන් මෙම ඉදිරි මැතිවරණයේදී සිරිසේන් හිතුවතුන් හුදෙකලා කිරීමේ දැවැන්ත උත්සහයක් ක්‍රියාත්මක වෙමින් පවතී.එම තත්වය නවතිනු ඇත්තේ ඔවුන්ද රාජපක්ශගේ ගොදුරු බවට පත් වීමෙනි. අද වන විට ඔහුට හිතවත් වූ ජනක බන්ඩාර, සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ සහ ලසන්ත අලගියවන්න වැනි වුන් කරනා ප්‍රකාශ හරහා විද්‍යාමාන වන තත්වයකි. එම නිස අදන් වන විට ගේම ගසා ඇත්තේ වෙන කවරෙකුවත් නොව රාජපක්ශගේ වහල් දේශපාලනය මිස වෙනකක් නොවේ. යම් හෙයකින් රාජපක්ශ ජයගතහොත් ඔහු අගමැති නොකිරීමේ හැකියාවක් සිරිසේනට නැත. ඇතම් විට නාම යෝජනා සිදුවීමේදී මෙන් එයද සිදු වූ පසු සිරිසේන ජාතිය අමතනු ඇත.එවිට රටම රාජපක්ශ රෙජීමයේ ගොදුරක් වනවා නොඅනුමානය.

අප කල යුත්තේ කුමක්ද?

ලක්ෂ 62ක ජනවරමක් සහිතව සිරිසේනව ජනපති පුටුවේ හිදවූයේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමට නොවේ.ජනතා අපේක්ශා නැවත උදුරා ගැනීමේ කූට දේශපාලන උපක්‍රමයක් ක්‍රියාත්මක වෙමින් පවතින මොහොතක එයට ඉදිරියෙන් කටයුතු කිරීමේ හැකියාවක් එම ජනවරම වෙනුවෙන් පෙනී සිටි ව්‍යාපාර වලට තිබිය යුතුය. නමුත් පසුගිය මාස හයක කාලය තුල අප දුටුවේ ජනතා අපේක්ශා නිවැරිදි ලෙස ඉටු කරනවා වෙනුවට ඒවා උපන් ගෙය තුලම මරා දමන තත්වයකි.මහ බැංකු බැදුම්කර සිද්ධිය සහ 19 වන සංශෝධනය (එය සුන් කරනු ලැබුයේ මහාචාර් වරයකු ලෙස පෙනී සිටින මුග්ධ දේශපාලන වහල් මානසිකත්වයේ ක්රියාමාර්ග හේතුවෙනී වැනි දේ ජනතා අපේක්ශා සමග සමපාත නොවුනි.නමුත් අප ලබා ගත් දේශපාලන නිදහස වළලා දමා නැවත මෙරට වහල් රාජාණ්ඩු ක්‍රමයක් වෙත ගමන් කිරීමේ රාජපක්ශ ගැති ආගම්වාදී,ජාතිවාදි සහ අවස්ථාවාදී මඩගොහොරුවට නැවත බලයට ඒමේ හැකියාව සහමුලින්ම ඇහිරිය යුතුය. ඒ සදහා වඩාත් සක්‍රිය විය යුත්තේ දැනුවත් පුරවැසි සමාජයය. මන්ද ඔවුන්ගේ හිහඩතාවය මෙරට අද බුක්ති විදින නිදහස් දේශපාලන වටපිටාව  නැවත නින්දිත අශීලාචාර දේශපාලන වටපිටාවක් දක්වා පරිවර්ථනය වීමේ වැඩි නැඹුරුතාවක් පවතී. එය සහමුලින්ම පරාජය කල යුතුය.

වීරයකු බිහි කරනුයේ අනාගතය විසිනි. අද දවසේ වීරයා සබෑ වීරයකුද නැද්ද යන්න තීරණය කරනුයේ අනාගතය විසින් අද තත්වය විග්‍රහ කරන ආකාරයටය. නමුත් මෙරට දේශපාලනය එම තත්වය උඩු යටිකුරු කර ඇත.එක් පුද්ගලයකු වීරයකු හෝ ද්‍රෝහියකු බවට පත් කිරීමට මෙරට ජනතාව සහ මාධ්‍ය ගනු ලබන්නේ ඉතා සීමිත කාලයකි. මෙහි ඇති වාඩාත්ම උත්ප්‍රාසජනක තත්වය වන්නේ පසුගිය සතියේ වීරයකු ලෙස විරුදාවලිය ලබන්නා එලබෙන සතියේදී ද්‍රෝහියකු බවට පත්ව තිබීමය. පසුගිය නොවැම්බර් 21 වන දින මෙරට අති මහත් බහුතර ජනතාවගේ වීරයකු වූ සිරිසේන මහතා එම භාග්‍ය ලබමින් සිටින දේශපාලකයා බවට පත් වෙමින් සිටී.ඔහු පොදු අපේක්ශකයා ලෙස ඉදිරිපත් වූ මොහොතේ සිට මෙරට දැනුවත් පුරවැසියන්ගේ වීරය වූ සිරිසේන එක්වරම පසුගිය සති කීපය තුල වීරයා සහ ද්‍රොහියා අතර සංක්‍රමනය විය.එසේ වුයේ ඔහු පර්සි මහෙන්ද්‍රට නාම යෝජනා දීමත් පසුව ඊට හේතු දක්වමින් කල පැහැදිලි කීරීමත් සමගය.

මේ තත්වය හේතුකොට ගෙන රට තුල දේශපාලන ව්‍යාකූලත්වයක් රට තුල නිර්මාණය වෙමින් පවතී.එක් පසකින් ශ්‍රි.ල.නි.ප තුල නායකත්ව කඹ ඇදීමක් බවට පත් වෙමින් සහ මෙරට ජනපති දේශපාලන හුදකලා භාවයට පත් වෙමින් පවතී. මෙසේ වූයේ ඇයිද යන්න වියුක්තව සලකා බැලිය යුතු තත්වයකි. සිරිසේන මහතා මෙරට ජනාධිපති ධූරයට ඔසවා තැබුවේ ඔහු  තුල වූ පුද්ගලික කුසලතාවයකට නොව ඒ මොහොත වන විට රට තුල නිර්මාණය වෙමින් තිබූ දේශපාලන තත්වය පදනම් කරගෙනය.ඔහු ශ්‍රි.ල.නි.පයේ ලේකම් වරයා වුවද ඔහුට එම තත්වය හේතු කොට ගෙන දැවැන්ත සහයක් එම මැතිවරණයේදී ලබා ගත නොහැකි විය. පක්ශයට ඔහු ද්‍රොහියෙකු විය. නමුත් ජනවරම ලබා ගත් පසු ඔහු වටා එක් වූ කපටි ආරක්ෂකයන්ගේ ඉල්ලීම මත් ඔහු නැවත ශ්‍රි..නි.පය තමන් සතු කරගැනීමේ අසාර්ථක උත්සහයක ඔවුන් නිරත විය. ඒ සදහා ඔහු පක්ශයේ තෝරා ගත් පිරිසකට අමාත්‍ය ධුර පිරිනමමින් සහ නොයෙකුත් වරප්‍රසාද දෙමින් ගත් උත්සහය අද නතර වී ඇත්තේ කොතැනකද යන්න ඔහුට තේරුම් ගොස් ඇති බව ඔහුගේ කතාව තුල පැහදිලිය.

ඔහු රාජපක්ශගේ ගොදුරක් වීද ?

රාජපක්ශ පලමු වටයේ දේශපාලනය අත් හරින ලබන තැනකය. නමුත් ඔහු විසින් නිර්මාණය කරනු ලැබූ දේශපාලන සමාජ ක්‍රමය තුල ඔහුට එසේ සිටීමේ අවස්ථාවක් නිර්මනය නොවුනි. ඔහු නිර්මිත වහල් සමාජ ක්රමය තුල සාමාන් මිනිසුන් පමනක් නොව සමාජ වගකීමක් ඇති කලාකරුවන් යැයි කියනා නලාකරුවන්ද ඇසුවේඇයි සර් ගහලා හරි ගත්තේ නැත්තේයන මුග්ධ ආකාරයටය. එවන් වටපිටාවක් තුල මෙරට දේශපාලන ආනාථයන්ගේ පෙරමුනක් නිර්මානය වී මහින්ද සමග නැගිටින්නට ගත් උත්සහය පරාජය කිරීමට කෙසේ වෙතත් හදුනා ගැනීමට 49 වසරක දේශපාලන පම්පොරී ගසන  ජනපති සිරිසේනට හෝ ඔහුගේ කපටි ආරක්ශකයන්ට නොහැකි විය. ඒ නිසා අද එක්සත් ජාතික පක්ශයට හිතවත් මාධ්‍ය සහ ලියන්නන් හට සිරිසේන වීරයකු වුවද සැබෑ යථාර්ථය නම් සිරිසේන පරාජිතයෙකි.ඔහු විසින් මහා මැතිවරණය පමා කරන ලද්දේ අද ඔහු පවසන ප්‍රතිසංස්කරන වෙනුවෙන් නොව ඔහුට තම පක්ශය සහ එහි නායකත්වය තමන් සතු කර ගැනීමේ අසාර්ථක උත්සහය වෙනුවෙනි.එය ඔහුට පමනක් නොව ඔහුට හිතේශී බවක් දක්වන දේශපාලන චරිත වලට පවා ඉතා අසීරූ දේශපාලන වටපිටාවක් නිර්මාණය වෙමින් පවතී.මහින්ද හිතවතුන් මෙම ඉදිරි මැතිවරණයේදී සිරිසේන හිතුවතුන් හුදෙකලා කිරීමේ දැවැන්ත උත්සහයක් ක්‍රියාත්මක වෙමින් පවතී.එම තත්වය නවතිනු ඇත්තේ ඔවුන්ද රාජපක්ශගේ ගොදුරු බවට පත් වීමෙනි. අද වන විට ඔහුට හිතවත් වූ ජනක බන්ඩාර, සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ සහ ලසන්ත අලගියවන්න වැනි වුන් කරනා ප්‍රකාශ හරහා විද්‍යාමාන වන තත්වයකි. එම නිස අදන් වන විට ගේම ගසා ඇත්තේ වෙන කවරෙකුවත් නොව රාජපක්ශගේ වහල් දේශපාලනය මිස වෙනකක් නොවේ. යම් හෙයකින් රාජපක්ශ ජයගතහොත් ඔහු අගමැති නොකිරීමේ හැකියාවක් සිරිසේනට නැත. ඇතම් විට නාම යෝජනා සිදුවීමේදී මෙන් එයද සිදු වූ පසු සිරිසේන ජාතිය අමතනු ඇත.එවිට රටම රාජපක්ශ රෙජීමයේ ගොදුරක් වනවා නොඅනුමානය.

අප කල යුත්තේ කුමක්ද?

ලක්ෂ 62ක ජනවරමක් සහිතව සිරිසේනව ජනපති පුටුවේ හිදවූයේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමට නොවේ.ජනතා අපේක්ශා නැවත උදුරා ගැනීමේ කූට දේශපාලන උපක්‍රමයක් ක්‍රියාත්මක වෙමින් පවතින මොහොතක එයට ඉදිරියෙන් කටයුතු කිරීමේ හැකියාවක් එම ජනවරම වෙනුවෙන් පෙනී සිටි ව්‍යාපාර වලට තිබිය යුතුය. නමුත් පසුගිය මාස හයක කාලය තුල අප දුටුවේ ජනතා අපේක්ශා නිවැරිදි ලෙස ඉටු කරනවා වෙනුවට ඒවා උපන් ගෙය තුලම මරා දමන තත්වයකි.මහ බැංකු බැදුම්කර සිද්ධිය සහ 19 වන සංශෝධනය (එය සුන් කරනු ලැබුයේ මහාචාර් වරයකු ලෙස පෙනී සිටින මුග්ධ දේශපාලන වහල් මානසිකත්වයේ ක්රියාමාර්ග හේතුවෙනී වැනි දේ ජනතා අපේක්ශා සමග සමපාත නොවුනි.නමුත් අප ලබා ගත් දේශපාලන නිදහස වළලා දමා නැවත මෙරට වහල් රාජාණ්ඩු ක්‍රමයක් වෙත ගමන් කිරීමේ රාජපක්ශ ගැති ආගම්වාදී,ජාතිවාදි සහ අවස්ථාවාදී මඩගොහොරුවට නැවත බලයට ඒමේ හැකියාව සහමුලින්ම ඇහිරිය යුතුය. ඒ සදහා වඩාත් සක්‍රිය විය යුත්තේ දැනුවත් පුරවැසි සමාජයය. මන්ද ඔවුන්ගේ හිහඩතාවය මෙරට අද බුක්ති විදින නිදහස් දේශපාලන වටපිටාව  නැවත නින්දිත අශීලාචාර දේශපාලන වටපිටාවක් දක්වා පරිවර්ථනය වීමේ වැඩි නැඹුරුතාවක් පවතී. එය සහමුලින්ම පරාජය කල යුතුය.

කසුන් ප්‍රනාන්දු
19/07/2015

එරික් ඉලයප් ආරච්චි ගේ පාද යාත්‍රා ගැන කෙටි සටහනක්.

combine_images

2014 වර්ෂයේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටයට තෙරී පත් වූ එරික් ඉලයප් ආරච්චි ගේ පාද යාත්‍රා වෙනස්ම ආකාරයේ නවකතාවකි, මතුපිට ඉතා සරල භාෂාවකින් විකාශනය වෙන මෙහි ඇතුලත කතාව හරහා සමාජ දේශපාලන කරුණු ගණනාවක් කතුවරයා විසින් ප්‍රශ්න කිරීමකට ලක් කරනු ලබයි. එම ප්‍රශ්න කිරීම් අද දවසේ බොහෝ කතුවරුන් විසින් උවමනාවෙන්ම මගහරිනු ලබන තත්වයකි.

2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයත් සමග ආරම්භ වන කතාව තුලින් මූලිකම ලෙස කතුවරයා දක්වා සිටින්නේ අප සමාජය ව්‍යසනයකදී පවා තම අභ්‍යන්තරයේ ඇති කුහක ලක්ෂන වලින් මිදීමේ හැකියාවක් නැති සමාජ කොට්ඨාශයක් බව අප වෙත පසක් කර දේ.මෙම ව්‍යසනය අතරතුරදී තම හතුරන්ගෙන් පලිගැනීම, කෙසේ හෝ ජීවිතය බේරා ගත්තවුන් අනෙකාගේ දේ මංකොල්ලා කෑම වැනි දේ මෙම කතාව තුල ඉස්මතු කල ඇති ආකාරය කිසිවෙකුටත් අතිශෝක්තියක් යැයි පැවසිය නොහැකිය. අප එම තත්වය අප රට ව්‍යසන වලට මුහුන දුන් ආකාරය නිරීක්ශනය කිරීමේදි දැක ගත හැකිව තිබූ තත්වයකි. ඊට උදාහරණ ලෙස 1983 කළු ජූලිය, 1988/89 භීෂණ තත්වයන් තුලදී සමාජය හැසිරුණු ආකාරය අපට දක්වා තැබිය හැකිය.තවද සමාජයක් ලෙස නීතිය ක්‍රියාත්මක කරන පුදගලයන් හට තමන් කැමති ලෙස අවි ආයුධ පරිහරණය කල හැකි බව සමාජය විශ්වාශ කරන අයුරුත්, ඊට සමාජයක් ලෙස ප්‍රතිරෝධයක් දක්වනවා වෙනුවට ඊට අනුමැතිය දෙන සමාජයක් බිහි වී තිබීම මෙම කෘතිය තුල අවස්ථා කීපයකදීම දක්නට ලැබෙනා තත්වයකි.

“මුදලාලි මං පොලීසියේ වුණාට වෙඩි තිබ්බේ හොර තුවක්කුවකින්” ජිනදාස මුදලාලිට පැවසුවේ දෙදෙනා බරපතල වරදක කොටස්කාරයින් බව හගවන ස්වරයෙනි.

“රාළහාමි කෙනෙක් වුණාම මොකෙන් වෙඩි තිබ්බාම මොකද?” යැයි මුදලාලි ඇසුවේ අවි ආයුධ සම්බන්ධයෙන් කැමති පරිදි කටයුතු කිරීමේ නිදහස පොලිස් නිලධාරියකු සතු බව විශ්වාශ කරන හැගීමෙනි.
(පිට 86)

මෙම කෘතියේ එන තවත් සුවිශේෂි ලක්ශණයක් වන්නේ කතුවරයා තම චරිත හරහා එක් එක් සමාජ කොට්ඨාශ වල අභ්‍යන්තරය එම පුද්ගලයන් පෙනී සිටින දර්ශනයෙන් කොතරම් විස්ථාපනය වී ඇත්දැයි දක්වා තිබෙන ආකරයයි. මෙහිදී ලයනල් චරිතය හරහා මෙරට වාමාංශිකයන්ගේ අභ්‍යන්තර ජීවිතය සිය අරමුණු හා කොතරම් නොගැලපෙන්නේද යන්න කතුවරයා මහත් උපහාසයෙන් යුතුව දක්වා සිටී.ලයනල් තම බිරිදගේ ඉදිරි ජීවිතය තමන් විසින් පාලනය කරන්නට යෑම, තම සගයා සමග එක්ව ඇයව දූෂනය කරන්නට උත්සහ දැරීම සහ මිනිසුන් හට කූඨ ලෙස වංචා කිරීම් හරහා ඔහු තම දේශපාලන ජීවිතය පවත්වාගෙන යාම එම ව්‍යාපාරය පෙනී සිටින සමානත්මතාවය ඔවුන් තුල වත් නොමැති බව කතුවරයා අපට ඉතා අලංකාර ලෙස දක්වා සිටී. අද දවසේ වාමාංශික ව්‍යාපාර වල තත්වය නොහොත් එහි නායකයන් ක්‍රියාත්මක වන ආකාරය සලකා බැලීමේදී එම තත්වය හුදු ප්‍රබන්ධයකින් ඔබ්බට ගිය යථාර්තයක් බව අපට පසක් කරගත හැකිය.

“තමා ද මුලදී ඇයට රහසින් ආශා කලේ ඈ සතුව තිබුණු ධනපතිකම නිසා බවත්, ඇගේ ආදරය පවා ඒ ධනපතිකමින් උත්පාදනය වූවක් බවත් ඔහුට සිතින”.

“අසූව වැඩවර්ජනය මධ්‍යයේ ඇය පරිපාලන විභාගයෙන් දිවයිනේ පළමුවැනියාට සමත් වුවද ඇගේ ගමන වැලැක්වීමට තමා සමත් වූ සැටි ඔහු සිහිපත් කළේය.”
(පිට 114)

හුදු පශ්චාත් සුනාමි තත්වයක් තේමා කරගත් මෙහි කතා වස්තුව තුල පාඨකයා ඉතා ගැඹුරු දේශපාලන හා සමාජ ක්‍රමය පිලිබදව කතිකා කිරීමක් දක්වා රැගෙන යාමට කතුවරයා දක්වන පරිණත බව සැබැවින්ම අගය කළ යුතුය.

කසුන් ප්‍රනාන්දු.
08/07/2015