වණ්ණ දාසී | කත්‍යානා අමරසිංහ | 2016

මේ ලෝකය සෑදී ඇත්තේ එකම ආකාරයේම මිනිසුන්ගෙන් නම් මේ ලෝකය ඒකාකාරී වනවාට කිසිදු සැකයක් නැත. නමුත් අප ජීවත් වන මේ කොදෙව්වේ මිනිසුන් සෑම විටම සිතන්නේ තමන් ජීවත් වන විදිය හැර ජීවත්වීම තෝරා ගන්නවුන් වැරදිකාරයන් ලෙසය. සෑම විටම අධිපති වාදී දෘෂ්ඨිවාදයන් තුලින් අනෙකා විනිශ්චය කිර තීරණ වලට එලඹීමට ඔවුන් උත්සහ කරනු ලබයි. එවන් සමාජයක උඩුගම් බලා ගිය ගැහැනියකගේ කතාව වණ්ණ දාසි නවකතාව තුලින් කත්‍යානා ගෙන හැර දක්වා තිබේ. ඒ හරහා සමාජයේ විවිධ වූ මිනිසුන් ගැහැණුන්ගේ කතාවද එක හැර කියවා ගැනීමට පාඨකයාට ආරාධනා කර තිබේ.

මනුශ්‍ය ජීවීතය සම්බන්ධයෙන් අතීශය සංවේදී කාරණා වාර්ථා කිරිමේලා ලාංකීය ජඩමාධ්‍ය දක්වන අපුල දනවන මාධ්‍ය භාවීතාව මනුශ්‍ය ජීවීත වලට කරන බලපෑම සුළු පටු නොවේ.

මෙම නවකතාව ඇරඹෙන්නේම එවන් මාධ්‍ය භාවීතාවක් නිසා කතා නායිකාවට හට සිදුවන අපහසුතාවක් ඔස්සේ ඇය තම ජීවීතය සම්බන්ධයෙන් කරනු ලබන මතකාවර්ජනයක් ලෙසය.

“ඒ, ඉතා කටුක ජීවීතයක් ගෙවා යන්තම් ඔලුව ඔසවා ගැනීමට හැකි වූ මට, මගේ අතීතය ගැන සැඟවීමට හෝ ඒ ගැන ලැජ්ජා වීමට උවමනා නැති බවය. එහෙත් තුවාලයේ වේදනාව දන්නේ එය තිබෙන පුද්ගලයාය යන ප්‍රකට කියමන මෙහිදී සිහිපත් කිරීමට කැමත්තෙමි. ඇඟ විකුණු ගැහැනියකගේ දියණියක ව්‍යාපාරික ලෝකයේ ඉහළටම නැගීම ඔබට රස මවන පුවතක් වූවාට මට එය එසේ නොවේ.

මේ තුවාලය මගේය. එය ඔබේ නොවේ.

එහෙයින් එහි වේදනාව ගැන ඔබට විස්තර කිරීමේ පලක් ඇතැයි නොසිතමි.”

( පිටුව 14 )

අපි සමග ජීවත් වන මිනනිසුන් බොහෝ දෙනා සර්ව සුදු හෝ කලු චරිත ලෙස අපිට කිසි සේත්ම වර්ග කීරීමට ලක් කල නොහැකිය. මන්ද අප සියලු දෙනා තුල අඩු වැඩි වශයෙන් මේ මිශ්‍ර ලක්ෂන අන්තර්ගත වන බැවිනි. එහෙයින් අපි අළු මිනිසුන් වන්නේය. අපි කරනු ලබන ක්‍රියාකාරකම් විවිධ පුද්ගලයන් හට විවිධාකාරයෙන් බලපෑම් ඇතිකරවනු ලබයි. කෙනෙකුට එය යහපතක් වන විට තවත් කෙනෙකුට එය අයහපතක් උදා කරවනු ලබයි. අමා ගේ පියා සමාජය කෙරෙහි ආදරණීය විප්ලවවාදියෙක් ලෙස ආකලයේ මිය යෑම අමා හා ඇගේ මව සම්බන්ධ ඇති කල ඇත්තේ පරස්පර විරෝධී තත්වයකි.

” ලෝකය සෑදී ඇත්තේ කළු පාට මිනිසුන් ගෙන් සහ සුදු පාට මිනිසුන්ගෙන් බව මම එතෙක් සිතා සිටියෙමි. එහෙත් ජයදේව් මාලියැද්ද එය එසේ නොවන බව මට කීවේය. ඔහු කියන හැටියට ලෝකය සැදී ඇත්තේ තනිකරම අළු පැහැති මිනිසුන්ගෙනි. කළු මිනිස්සු හෝ සුදු මිනිස්සු තව දුරටත් මෙලොව නොවෙසෙති.

උදාහරණයක් හැටියට ජයදේව මගේ අම්මා ලඟට යන්නේ ශුද්ධවන්තයකකු ලෙස නොවේ. එතනින් පිටව එන්නේද එසේ නොවේ. එහෙත් ඔහු මනුස්සකම ඇති මිනිසෙකු බව මගේ සිත කියයි.

මගේ අම්මාද එසේය. මේ කතාව කියන මා ද මෙය කියවන ඔබද එසේ විය හැකිය.

අපි අළු පාට මිනිස්සු වෙමු “

(පිටුව 110)

@ Kasun Fernando 03 | 12 | 2020