රෙජීමය පරාජය කිරීමෙන් ඔබ්බට…..

images

ශ්‍රි ලංකා වාසින් හට 2015 වර්ෂය එලබෙන්නේම ජනාධිපතිවරණයක් සමග බව මේ මොහොත වන විට කාටත් නොරහසකි. ඌව ප්‍රථිපලය සමග ආණ්ඩුව තුල විවිධාකාර වූ අර්බුද නිර්මාණය වී ඇති මොහොතක් වුවුද පාලකයාගේ පුද්ගලික කෙන්ද්‍රය මත රටේ උත්තරීතරම නීතිය වල් වැදුනු රටක ජීවත් වන්නන් වන අප හට කිව හැක්කේ අනිවාර්‍ය්යෙන්ම ජනාධිපතිවරණය එලබෙන වසර මුලදී පැවත්වෙන බවය. වර්තමාන දේශපාලනය  ක්‍රියාත්මක වන ආකාරය අපට පහත ලෙස විග්‍රහ කර ගත හැකිය. 18 වන විව්‍යස්තා සංශෝදනයේ වන දුර්වලතා හේතුවෙන් පර්සි මහෙන්ද්‍ර රාජපක්ශ මහතාට මැතිවරණයට ඉදිරිපත් වීම අභියොගයට ලක් වී ඇත. මෙය කොතරම් බලගතු නීති තර්කයක් වුවත් මෙරට නීතියේ මුර දෙවොල රෙජීමයේ රබර් මුද්‍රාවක් වන තත්වයක් තුල රාජපක්ශ මහතා මැතිවරණය කැදවන බවත් එය හිස් මුදුනින් මැතිවරණ කොමසාරිස් වරයා බාර ගන්නා බවත් යථාර්තයකි.ඌව ප්‍රථිපලය තුලින් ලත් පිබිදීම තුල ප්‍රධාන විපක්ශය සිටින්නේද යම් තරමක අධි විශ්වාශයකිනි. එනම් කරට කර සටනකදී මෙරට පීඩනයකට ලක්වී සිටින සුළු ජාති, ආගම්වල සහයෝගයත් සහිතව රෙජීමය පරාජය කල හැකි බවය.දේශපාලන ව්‍යාපාර මීට දක්වන්නේ විවිධ වූ ප්‍රතිචාරය. එක් පසකින් සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සදහා ජනතා ව්‍යාපාරය පොදු අපේක්ශකයකු වෙනුවෙන් පෙනී සිටින අතර ජනතා විමුක්ති පෙරමුණ නීති විරෝධී මැතිවරණයකට එරෙහිව ඡන්ද වර්ජනයකට සූදානම් වෙමින් සිටී. ඒජාපය සුපුරුදු ලෙසම හිතුවක්කාරි ලෙස තම අපෙක්ශකයා වෙත සහය පල කරනා ලෙස අනෙක් කණ්ඩයම් වෙත බලපෑම් කරමින් සිටී.තවත් පසකින් අතුරලියේ රතන හිමිද කරලියට විත් ඇත. එහිමියන් පිවිතුරු හෙටක් සංවිධානය හරහා යෝජනාවක් මේ මොහොත වන විට සමාජ ගත කොට ඇත. අතීතයේ සිදු වීම් වලින් ලත් අත්දැකීම් මත මෙම ක්‍රියාමාර්ගය පිලිබදව අවසාන මොහොත වන තෙක් යමක් පැවසිය නොහැක.

රාජපක්ශ රෙජීමය හුදු පුද්ගල සාධකයක් ලෙස බැහර කලද අප සමාජය ඇත්තේ ඉතාමත් අසීරු අඩියකය.එහි වගකීම හුදෙක්ම රාජපක්ශ රෙජීමය වෙත පවරා අත පිහිදා ගැනීමට සාධාරණ මනසක් ඇත්තෙකුට කල නොහැක. මේ තුල ඇත්තේ හුදු රෙජීමයේ අර්බුදයකට වඩා ක්‍රමය විසින් ගොඩනගන ලද අර්බුදයකි.එම නිසා තට්ටු මාරූ ක්‍රමයක අවසාන ප්‍රථිපලය වන්නේ ද මේ ක්‍රමය තවත් ඉදිරියට ගොස් අප සමාජයක් ලෙස තව තවත් අර්බුදයකයට ගමන් කිරීමය.එසේ නම් කල යුත්තේ කුමක් ද ? වර්තමාන දෙශපාලන ක්‍රමය තුල මැතිවරණ තුලින් ජනතා පරමාධිපත්‍යය සැබෑ ලෙස නිරූපනය නොවන බව පැවති මැතිවරණ වලදී ඔප්පු වී හමාරය.විධායක බලය යටතේ මුලු රාජ්‍ය ත්‍රන්ත්‍රයම මහින්ද රාජපක්ශ වෙත යොමු වෙන තත්වයක් යටතේ මැතිවරණ තුලින් නියම ජනමතය නිරූපනය නොවනවා නියතය.වර්තමාන ක්‍රමවේදය වී ඇත්තේ මැතිවරණ දින කිසිදු සිදුවීමකින් තොරව මැතිවරණය පවත්වා ඉන් පෙර සියලු කුපාඩි කම් සිදු කර සාධාරණ මැතිවරණයක් පැවත්වූ බවට අන්ධයින් වන ඡන්ද දායකයාට උදම් ඇනීමේ සිරිතය.

නිශ්චිත ලෙසට මේ ක්‍රමය පරාජය කිරීමට නම් නිවැර්දි දැක්මක් සහ නිශ්චිත වැඩ පිළිවෙලක් තිබිය යුතුය. හුදු ව්‍යවස්ථා සංශෝධනයකට හෝ පුද්ගල නායකත්ව මාරුවකට සාධාරණ සමාජයක් නිර්මාණය කර ගත නොහැක.ඒ සදහා අවශ්‍ය කරනුයේ ජනතාව පෙල ගැස්විය හැකි නායකත්වයකටය. රෙජීමය පාරාජය කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය ක්‍රර්ත්‍රවය වුවද එය හුදු පුද්ගල මාරුවක් නොවිය යුතුය. මන්දයත් එවැනි පුද්ගල මාරු වල අත්දැකිම් ඔනාවටත් වඩා ලබා ඇති ජාතියක් බැවිනි. මේ වන විට ප්‍රධාන විපක්ශය වන ඒජාපය මේ මොහොතේ වඩාත් අවශ්‍ය නිශ්චිත වැඩපිලිවෙලක් නොමැතිව කටයුතු කිරීම ඉතා කණගාටුදායකය. මෑත කාලයේ ඇති වූ ප්‍රශ්න වලදී ඔවුන් ක්‍රියාත්මක වුයේද මේ ලෙසය. (විශේෂයෙන් අගවිනිසුරුවරියට එරෙහි දොශාභියෝගය මොහොතේදී) අද වනවිට පක්ශය මුලුමනින්ම මාධ්‍ය ආයතන දෙකක ගොදුරට ලක් වී තිබේ.ඉන් මීදීම අරමුණු කරගෙන කටයුතු කරමින් මේ මොහොතේ අත්‍යවශ්‍ය කාර්යය මගහරිමින් සිටී.සෝභිත හිමියන් ඉදිරිපත් කොට ඇති විකල්පය තුලද ඇති දුර්වලතා ඉදිරිගාමි ගමනකට ඇත්තේ බාධාවකි. ජනතා විමුක්ති පෙරමුණ පසුවන්නේද උභයතෝටික ප්‍රශ්නයකටය. පොදු අපේක්ශකයකු හැර පක්ශයකින් ඉදිරිපත් වනනකුට සහය දැක්වීමේ හැකියාවක් ඔවුන් සතුව නොපවතී. තත්වය මෙසේ නම් විකල්පය කුමක්ද?

මේ මොහොතේ පවතින අභියෝගයට නිවැරදි ලෙස මුහුණ දීමට නම් සියලු විපක්ශ කණ්ඩායම් එක් වේදිකාවකදී නිශ්චිත වැඩපිලිවෙලක් සකස් කරගත යුතුය. එය බලය ලබා ගැනීමේ හුදු අරමුණෙන් ඉදිරිපත් කරන්නක් නොවිය යුතුය. මේ සදහා සෝභිත හිමියන් ගේ ප්‍රවේශය පදනම්ක් කර ගත හැකිය. ඒ හරහා ජනතා අදහස් ලබා ගැනීමේ වේදිකාවක් සකස් කර ගත හකිය. මෙහි මූලිකම හරය විය යුත්තේ ව්‍යවස්ථාපිත එකාධිපති ක්‍රමයක් වන විධායක ජානාධිපති ක්‍රමය බැහැර කොට පර්ලිමෙන්තුවට බලය පවරන වෙස්මිනිස්ටර් ආණ්ඩු ක්‍රමයක් නිර්මානය කර ගැනීමය. මෙය එක ව්‍යවස්ථා සංශෝධනයකින් කර ගත නොහැකි වන්නේ  වත්මන් ආණ්ඩු ක්‍රමය මුලුමනින්ම විධායකය මත ගොඩනැගී ඇති නිසාය.එමෙන්ම ව්‍යවස්ථාව තුල සියලු පුරවැසියන්ගේ අයිතීන් තහවුරු කර යුතුය. එනම් ජාති ආගම් කුල ලිංගික බෙදීම් වලින් තොරව පුරවැසියන්ට සාධාරණ සාමාජයක් නිර්මාණය කර ගැනීම ඔවුන්ගේ ප්‍රමුඛ කාර්යය විය යුතුය.මෙහිදී අන්තවාදින්ගෙන් එල්ල වන බල්පෑම් වලින් මිදී කටයුතු කිරීමේ ශක්‍ය තාවයක් මෙහි නායකයන්ට තිබිය යුතුය. මන්දයත් අන්තවාදීන්ගේ බලපෑමට රටක් ලෙස ආපස්ස්ට අප ගමන් කර ඇති දුර හොදටම ප්‍රමාණවත්ය.රටේ පොදු පුරවැසියාගේ ගෞරවය අන්තවාදීන්ගේ හස්තයට ගොදුරු නොකිරීමේ වගකීම රටක නායකයා සතු වගකීමකි.ඉතා දුශ්කර වුවත් මෙවැනි විකල්පයක් වෙත අප ගමන් කිරීමට අපොහොසත් වුවහොත් කිව හැක්කේ නිශ්චිත ලෙසම කවරකු බලයට පත් වුවද අප ගමන් කරන්නේ ආපස්සටම බවය.

කසුන් ප්‍රනාන්දු.
20/10/2014