අමතක කිරීමට උත්සහ කරනා අතීතය වර්ථමානයට කරනා බලපෑම – කුරිරු සුරංගනා කතාවක්

2016-05-22 14.22.04

2015 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබූ මේ කෙටි කතා සංග්‍රහය කෙටි කතා අටකින් යුක්තය.මෙහි එන කෙටි කතා පාඨකයා වෙනස්ම සිතුවිලි ධාරාවක ගිල්වීමට සමත් කතා වලින් සමන්විතය. මෙම පොත හදුන්වා දෙන ලබන ආකාරය එහි අන්තර්ගතය වෙත කරනු ලබන හොදම විග්‍රහය යැයි කිව හැකිය.
“මෙහි එන කතා අද දවසේ අප අත් විදින්නාවූ කොන් කිරීමට බල් කරන්නාවූ  සාහසික නිමේෂයන් ග්‍රහණය කර ගැනීමට කොන්දේසි විරහිතව,සූක්ෂමව ක්‍රියාකාරී වේ”

මිනිස් අප ස්වභාවයෙන්ම ඇතම් දේ අමතක කොට ජීවත් වීමට කැමැත්තක් දක්වයි. එහෙත් එම සිදුවීම් අප යටිසිතෙහි වරින් වර මතුව එන අතර එය අප වර්තමාන ජීවිතය කෙරෙහි කරනු ලබන බලපෑමද සුලු පටු නොවේ. මෙහි එන ලබන බොහො කතා සමාජයක් ලෙස අප විසින් අමතක කිරීමට ලක් කොට ඇති 88/89 භීෂණකාරී යුගයේ සිදුවීම් ඊට ගොදුරු වූවන්ගේ ජීවිත වලට කර ඇති බලපෑම ඉතා රසවත් ලෙස කතුවරයා විසින් ඉදිරිපත් කොට තිබේ.

මෙහි මා වඩාත් ම ප්‍රිය කරන වදන් පෙල මෙසේ පල කරමි. එම වදන පෙල වර්ත්මාන සමාජය විනිවිද කියවීමක් වැනිය.
“මට බය,මෙච්චර කාලයක් ගිහිල්ලත්,යුධ ජයග්‍රණයෙන් උදම් වෙච්ච වැඩි පිරිසක් තාම සතුරෙක් හොයන එකයි. යුද්ධයෙන් ගින්දරෙන් විනාශ කරලා දැම්ම භූමි භාගයක තාමත් ඒ ගොල්ලො නිර්මාණාත්මකව භීතිය වපුරනව”
(පිටුව 141 )

22/05/2016

ඉතිහාසයට නව මානයක් – මාණික්කාවත

maa

ඉතිහාසය වනාහි පසුගිය වසර කීපය පුරාම ශ්‍රි ලංකාවේ කලාව තුළ අන් කවර කාල සීමාවකට වඩා උත්කර්ශයට නංවන ලැබූ මාතෘකාවක් නොවූවේය. එය හුදෙක්ම බිහි වූයේ පැවති පාලකයා උත්කර්ශයට නංවනු අටියෙනි. එහිදී සිදු වූයේ පාලකයාගේ උවමනාව වෙනුවෙන් ලියවුනු දෑ මහත් උත්කර්ශයෙන් සත්‍ය ලෙස වට්ටෝරු ගත කර සමාජ ගත කිරීමකි. ඊට වෙනස් මගක යමින් ඉතිහාසය පිළිබදව ලියවුනු නවකතාකරුවන් අතර මොහාන් රාජ් මඩවල සහ මහින්ද ප්‍රසාද් මස් ඉඹුල ඉදිරියෙන්ම සිටී. එකිනෙකට වෙනස් මාවත් දෙකක් ඔස්සේ තම නිර්මාණ කරනයේ යෙදුනු ඔවුන් සැබවින්ම සිදු කලේ උඩුගංබලා පිහිනීමකි. සෙංකොට්ටං නවකතාව හරහා මහත් ජනප්‍රසාදයක් සේම විචාරක අවධානයට යොමු වූ මස් ඉඹුලගේ දෙවන කෘතිය වන මාණික්කාවත ඉදිරිපත් කරන්නේද සිය පළමු කෘතිය සදහා යොදා ගනු ලැබූ තේමාවමය. කුල පීඩනයෙන් බැට කෑ එදා සමාජය ඔහුගේ කතාවන් හී මුඛ්‍ය තේමාවය. එය එවක  පැවති සමාජය විනිවිද කියවීමක් වැනිය. මන්ද බොහෝ ඉතිහාසය හා බැදුනු කතා පුවත් වලදී අපට අසන්නට ලැබෙන්නේ ජයග්‍රාහකයාගේ කතා පුවත පමණි. පරාජිතයා හෙවත් පීඩිතයාගේ කතා පුවත මග හරිමින් තම කතාව ගොඩනැංවීම බොහෝ නිර්මාණකරුවන්ගේ නිර්මාණ තුල අපට දැකගත හැකි විය.

මාණික්කාවත තුල කථා තේමාව වන්නේ කුල පීඩනය සේම සමාජය පුරා පැතිර තිබූ මිථ්‍යා විශ්වාශ හේතුවෙන් පීඩනයට ලක්වන පිච්චි නම් ගැහැණියට උපකාර දක්වන කෙටි හාමිට ඒ හේතුවෙන් තම හිතේශීන්ගෙන් ඉවත් වීමට සිදු වීමත් ඒ නිසාම ඔවුනට තම ගම් බිම් අතහැර ඉවත් වීමට සිදු වීමත් හා ඔවුන් විසින් ගොඩනගන ජීවිතය හා ඊට එල්ල වන අභියෝග සේම සමාජය ක්‍රමයෙන් ඉදිරියට ගමන් කිරීමේදී ඔවුන් විසින් ඒ නිර්මිත ගම සහ පරිසරය වෙනස් වන ආකරය කෙටි හාමි නම් මිනිසා ඒ වෙනස කෙරෙහි උපේක්ශාවෙන් මුහුණ දෙන ආකාරයත්ය. මෙම කතාව ගොඩනැගෙන්නේ යටත් විජිත සමයේ සිට හැටේ දශකයේ අවසානය තෙක්ය.එම කාල වකවානුව අප සමාජය දරුණු පරිවර්තනයකට මුහුණ දුන් කාල සමයකි.එක් පසකින් යටත් විජිත පාලකයාගෙන් එල්ල වන පීඩනය සේම ඔවුන්ගේ අතේවාසිකයන්ගෙන් එල්ල වන පීඩනයට එකවර පීඩිතයාට මුහුණ දෙන්නට සිදුවූ කාලසමයකි. එය එක් පසකින් ආර්ථිකමය සූරා කෑමක් වන විට අනෙක්පස එය ලිංගික සූරා කෑමක් විය. තම නිල තත්වය සේම කුල තත්වය හරහා ඔවූහූ  පීඩිතයා වෙත එල්ල කරනු ලැබූයේ දැවැන්ත පීඩනයකි. එම තත්වය කෘතිය පුරාම කතුවරයා විසින් විවිධ අවස්ථා මගින් පෙන්වා දී ඇත. කෙටි හාමී සහ පිච්චි විසින් ගොඩනගන ලද ගම වෙත රතු නිළමේගේ ගම් වැදීමෙන් පසු යටත් විජිත ආර්ථිකය වෙනුවෙන් අහිංසක මිනිසුන් ගොඩනැගූ බිම් පෙදෙස් කොටු කරණු ලබන ආකාරයත් අනෙක් පස ගමේ සිටින ගැහැණුන් ලිංගික වහල් කමට යොදා ගැනීම අපට දැකිය හැකිය.

මාණික්කාවත නවකතාව තුල එන තවත් සුවිශේෂි ලක්ෂනයක් වන්නේ කෙටි හාමි චරිතය ගොඩනැගීමේදී කතුවරයා දක්වන මානුෂික භාවයයි. සමාජය ක්‍රමයෙන් ඉදිරියට යාමේදී මිනිසුන් නූතනත්වය වෙනුවට නැවත ග්‍රෝත්‍රිකත්වය සොයා යෑම අපට බොහෝ විට අත් දකින්නට ඇති කටුක යථාර්ථයයි. ඒ සදහා වර්ථමානයේ ශ්‍රි ලංකික සමාජය උවමනාවටත් වඩා සාක්ෂි සපයා ඇත. නමුත් ඊට පරිබාහිරව මස් ඉඹුල විසින් ගොඩ නගනුයේ ගමක උපදෙස් ලබා දෙන හුදු වැඩිහිටියකුගේ චරිතයට පරිබාහිරව නූතන මනුෂ්‍යත්වය කැටි වූ මිනිසෙකු ලෙසය. ගමට එන දමිල කම්කරුවන්ට ගමේ මිනිසුන්ගේ විරොධය නොතකා සැලකුම් කිරීමත්, 1956/58 කාල වලදී ඇති වන වාර්ගික සංහාර වලදී ඊට ඔහු දක්වන ප්‍රතිචාරය, කෘතියේ එන නගරයට සේන්දු වූ මිනිසුන්ට වඩා මානුෂිකය.මෙය නූතන සමාජයේ තාක්ෂනය පරිහරණය කරමින් වර්ගවාදයට ගමන් කරනා සමාජයට පාඩමක් වැනිය.

මිනිස්සු හැම කොට්ටාසෙට ඇයි බැරි අර කුඹුක් ගස් පෙළ වගේ එකට ගෑවි ගෑවි සංතොසයෙන් ඉන්න. මනුස්සෙකුට කරදරයක් කොරනව තියා කූඹියෙක්වත් පාගන්න තරම නාකයි…” (පිට 136)

 

මාණිකාවත සමාජයේ ඔඩු දුවා තිබූ මිථ්‍යා විශ්වාශ හේතුවෙන් සමාජයේ මිනිසුන්ට විදින්නට වූ අනේක දුක්ඛ සමුදායන් ඉදිරිපත් කොට ඇත්තේ එම මිථ්‍යා විශ්වාශ හේතුවෙන් දුක් විදි මිනිසුන්ට සාධාර්ණය ඉටු කරමිනි.ඒ ඒවා සථ්‍ය අතර ඇති දුර  කොතරම් දැයි කෘතිය තුලින්ම දක්වමිනි. පිච්චිගේ සේම කෘතියේ අවසාන භාගයේ එන්ම සෙනෙහෙලතාගේ චරිතය ඊට සාක්ෂි දක්වනවා ඇත.

පරිසරය සහ මනුෂ්‍ය ජීවිතය අතර සම්බන්ධය මෙම කෘතිය පුරාම පාඨකයා වෙත විදාරණය කරනු ලබන ආකරය සිත් ගන්වන සුළුය. නමුත් බොහෝ පාඨකයන් හට එම තත්වය පරිකල්පනය කර ගත නොහැක්කේ වර්ථමානයේ එය යථාර්ථයක් නොවන නිසාවෙනි. මන්ද වර්තමානයේ පරිසරය සහ මිනිසා අතර  එවැනි සහසම්බන්ධයක් ඇත්තේම නොමැති තරම් නිසාය. කෘතියේ එන සුළග සහ බැදි මනුෂ්‍ය ජීවිතය හමා යන්නේ එම මිනිසුන් විදි ජීවන සුවය පාඨකයා වෙතද හමමිනි.

“වරෙං වරෙං සුළංනේ…..

සුළං සුළං වරෙන්නේ….

අපිව බලා යන්න වරෙන්නේ…

ඉපනැල්ලේ වරෙන්නේ…..

අමුණ ලගින්න් වරෙන්නේ….”

(පිට 104)

ඒකාකාරී ඉතිහාස කතා රැල්ලෙන් හෙම්බත් වී ඇති පාඨකයාට මාණික්කාවත ඉතිහාසයේ වෙනස්ම මානයක් ගෙන දෙන කෘතියක් බවට අවිවාදයක් තිබිය නොහැක.කෘතිය අවසාන භාගය වෙත එන විට අනවශ්‍ය කලබලයකින් එය අවසන් කිරීමට කතුවරයා යොමු වී ඇති බවක් පෙනී යාම යම් පමණකට කෘතියේ රසවින්දනයට බධාවක් වන බවද නොදක්වා බැරිය.

17/02/2016

සිංහල බෞද්ධ අධිපතිවාදී දේශපාලනයේ දෙබිඩි නිරුවත : 2015 සම්පන්දන් සහ 1911 රාමනාදන්

download

ආර්.සම්පන්දන් මහතා හට විපක්ශ නායක ධූරය හිමි වීමත් සමගම සිංහල වර්ගවාදී මතවාදය කරපින්න්නාගෙන  ජීවිකාව කරනවුන් හට නැවත කරලියට පිවිසීමට අවස්ථාවක් ලැබුනි.නමුත් ඔවුන් ඒ හරහා සත්‍යය මග හැර මිත්‍යාවක් සමාජ ගත කිරීමට කරනු ලබන උත්සහය පරාජය කල යුතුමය.ඔහුට විපක්ශ නායක ධූරය ලැබුනේ ව්‍යවස්ථානුකූලවත් මෙන්ම පාර්ලිමෙන්තු සම්ප්‍රදායන්ට යටත්වය.විපක්ශ නායක ධූරය සිංහලයකුට හිමි විය යුතු බවට කිසිම නීතියක් හෝ සම්ප්‍රදායක් නැත. එවැනි දෙයක් පතන්නේ ග්‍රෝත්‍රවාදී මනසකින් ලොව දකින්නන් පමනි. ඇත්තෙන්ම සිදු වුයේ කුමක්ද?..

ආසන 107 ලබා ගත් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු පක්ශය වූ අතර ඊට සහය දක්වා හවුල් ආණ්ඩුවක් ගොඩනැගීමට ශ්‍රි ලංකා නිදහස් පක්ශය එක් වූ කල නැවත ඔවුන් නියෝජනය කරන සන්ධානයට විපක්ශ නායක කම ලබා ගැනීමේ සදාචාරාත්මක මෙන්ම නෛතිකවද අ‍යිතියක් නැත. සන්ධානය නියෝජනය කරන අනෙකුත් සුලු පක්ෂ ලබා ගත්තේ ආසන 13 පමණි.ඔවුන්ට සැබෑ ලෙසම එහි හිමිකමක් වේ නම් කල යුතුව තිබුනේ අවශ්‍ය මන්ත්‍රි ධූර පිරිස සමග (එනම් දෙමළ සන්ධානය ලබා ගත් ආසන 16ට වැඩි පිරිසක්) සන්ධානයෙන් ඉවත්ව වෙනම කණ්ඩායමක් ලෙස පෙනී සිටින බව කතානායකට දැනුම් දීමය. ඔවුන් ඉන් ඉවත් වීමටද සූදානමක් නැත. මන්ද ඔවුන්ට ශ්‍රිලනිපය හැර අනාගතයක්ද නැති නිසාවෙනි.ඒ කිසිවක් කර ගත නොහැකි වූ විට එලියට විත් කොටි සිහිනයම දකිමින් ජාතිවාදයම වැපිරීම ඉතාම නින්දිත දේශපාලනයකි. මෙම ග්‍රෝත්‍රවාදින් කටයුතු කරනා ආකරය ඉතාම නිර්ලජ්ජිතය. දමිල ජනයාට වෙන්ම යාම ප්‍රතික්ශේප කරනා මොවුන්ම ඔවුන්ට එක්ව දේශපාලනය කිරීමට ලද ස්වර්ණමය අවස්ථාවේදීද හැසිරෙන්නේ ඉතා පහත් ආකරයටය. ඇත්තෙන්ම මොවුන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ට වෙන්වී යාමට මග වෙන් කර දී ඉන් තම දේශපාලන මල්ල තර කර ගැනීම බව විචක්ශනශීලිව බලන්නෙකුට  හොදින්ම වටහා ගත හැකිය. මෙම දේශපාලන දෙබිඩි කම අද ඊයේ නිර්මානය වූවක් නොවේ. මහාවංශ ප්‍රලාප ඉතහාසයෙන් බැහරව නූතන ඉතිහාසය පිරික්සන්නෙකුට ඒ තත්වය හොදින්ම දැක ගත හැකිය.මෙම දෙබිඩි පිලිවෙත ඔවුන්ගේ දේශපාලන ලක්ශනය බව මෑතකදී මා විසින් කියවන ලද කෘතියක් වන වික්ටර් අයිවන් විසින් රචිත “දේශපාලනයේ පවුල හා කුලය” කෘතියේ එන එක් සිදුවීමකදි දැක ගත හැකිය. අද ජාතිය වෙනුවෙන් පන දෙන්නට යන වුන් බොහෝ දෙනා ඉතිහාසය  නොදන්නවුන්ය, එසේත් නැති නම් එය උවමනාවෙන්ම මග හරින්නවුන්ය. අද ජාති උම්මත්කවාදයෙන් පෙලෙන වුන්ගේ ආදි කතෘවරු එදා 1911  උගත් ලාංකික ආසනය සදහා පැවති මැතිවරණයේදී ගොවිගම කුලයට අයත් කෙනෙකුට එය අත්පත් කරදීමට ශක්තියක් නැති නිසා ඔවුන් කරාව කුලයේ සිංහලයකු වූ දොස්තර මාක්ස් ප්‍රනාන්දු වෙනුවට දමිල පොන්නම්බලම් රාමනාදන්ට එක පොදියට ඡන්දය ලබා දුන්හ. අද ජාතිය ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්නට යන වුන්ගේ ආදිතමයන් කුලය වෙනුවෙන් වෙන්ත් ජාතියක පුද්ගලයකු තම ජාතියේ පුද්ගලයාට එරෙහිව ඉදිරිපත් කිරීම සලකා බැලීමේදී, දෙබිඩි දේශපාලන පිලිවෙත අපේ ජාතික දේශපාලනයට ආවේනික ලක්ශනයක් බව නොකියා බැරිය.

එම සිදුවීම පිලිබද පොතේ එන උපුටනය පහතින් දක්වා තබන්නේ නොදන්නා වුන්ගේ දැන ගැනීම පිනිසය.

“1911 දෙසැම්බර් වලදී පැවැති උගත් ලාංකික ආසනය සදහා පැවති මැතිවරණය වෙත යා හැකිය. එය ලංකාවේ පැවති පළමු මැතිවරණය ලෙස සැලකිය හැකිය. ඡන්ද බලය ලැබී තිබුනේ ඉංග්‍රීසි භාෂාව දැන සිටි ධන බලයක් තිබු අයට පමණය. ඡන්දය හිමි සංඛ්‍යාව 2938 වූ අතර ඔවුන්ගෙන් 1659ක් (56.4%) සිංහල වූ අතර 1072ක් (36.4%) දමිළයෝ වූහ. කරාව කුලයට අයත් ජන සමුහයේ ප්‍රමාණය කුඩා වුවද එම කුලය හිමි කරගෙන සිටි ධන බලය හා උගත්කම අනුව ඡන්ද බලය හිමි සිංහලයන්ගෙන් බහුතරයක් කරාව කුලයට අයත් වූවා විය හැකිය. මෙම තරගය සදහා කරාව කුලය දොස්තර මාකස් ප්‍රනාන්දු ඉදිරියට ගෙන ආවේය. දොස්තර ප්‍රනාන්දු කරාව කුලයේ උගතුන් අතර කැපී පෙනෙන තත්වයක් හිමි කරගෙන සිටියෙකි. ධනවත් පවුලක කෙනෙකු නොවූ ඔහු ශිෂ්‍යත්වයක් දිනාගනිමින් 1883 ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඇතුලු වී එම්. ඩී උපාධියද හිමි කරගනිමින් 1891දී නැවත ලංකාවට ආපසු ටික කලක් වෛද්‍ය විද්‍යාලයේ රෙජිස්ට්‍රාර් වශයෙන් සේවය කළේය. පසුව මහ රෝහලේ වෛද්‍යවරයකු ලෙසද සේවය කළේය.

 උගත් ලාංකිකයන් සදහා වන ආසනය කරාව කුලයේ කෙනෙකු අතට පත් වනවා දකින්නට ගොවිගම ධනවත්තු කැමති නොවූහ.එහෙත් තමන්ගේ අපෙක්ශකයකු තරග බිමට ගෙන දොස්තර ප්‍රනාන්දු පරාජය කළ නොහැකි බවද ඔවුන් දැන සිටියෝය.මහාචාර්ය කේ. එම් ද සිල්වාට අනුව මෙම තරගයෙන් කරාව කුලය පරාජය කිරීම සදහා හරි තුරුම්පුව සොයාගත් පුද්ගලයා වන්නේ හෙක්ටර් ජයවර්ධනය. හෙක්ටර් ඊ. ඩ්බ්ලිව් ජයවර්ධනගේ සහෝදරයාය.ඔහු දකුණු ඉන්දියාවේ කොඩ්ඩයිකල්හි විශ්‍රාම සුවයෙන් කල් ගෙවමින් සිටි පොන්නම්බලම් රාමනාදන් දොස්තර ප්‍රනාන්දුට එරෙහි තරග බිමට ගෙනාවේය. මෙය ගොවිගම කුලය තුල සේනානායක, ජයවර්ධන යනාදීන්ගෙන් සම්න්විත පවුල් සිය දේශපාලන බලය ප්‍රදර්ශනය කළ පළමු අවස්ථාව ලෙසද සැලකිය හැකිය.

 රාමනාදන්ගේ ඡන්ද සටන මෙහෙයවන ලද්දේ හෙක්ටර් ජයවර්ධනය. ඔහු ඡන්ද සටන කරාව කුලය හා ගොවිගම කුලය අතර කැරෙන කුල තරගයක් බවට පත් කරගත්තේය.කරාව කුලයේ අය උපතින්ම ඔවුන්ට උරුම වූ අන්ධකාරයේ තැබිය යුතු බව ඔහු මැතිවරණ රැස්වීම්වලදී අවඥාසහගත ලෙස ප්‍රකාශ කළේය.

 මෙම මැතිවරණයෙන් පහසු ජයග්‍රහණයක් හිමි කර ගැනීමට රාමනාදන් සමත් විය. රාමනාදන් ඡන්ද 1645 ලබා ගන්නා විට දොස්තර ප්‍රනාන්දුට ලබා ගත හැකිවූයේ ඡන්ද 981ක් පමණය.

 මෙම මැතිවරණය ගැන එවකට ආණ්ඩුකාර ධූරය දැරූ හෙන් රි මැල්කම් එංගලන්ත ආන්ඩුවට වාර්තා කර තිබුනේ මේසේය.”ගොවිගම වාංශිකයෝඋගත් ලාංකිකයා සදහා අසුන තමන්ගේ කෙනෙකුට අත්පත් කරදීමට ශක්තියක් නැති නිස කරාවේ කුලයට අයත් සිංහලයකු වූ දොස්තර ප්‍රනාන්දුට ඡන්දය නොදී රාමනාදන්ට එක පොදියට ඡන්දය දුන්හ”.

 (-පිට 62,63 සහ 64 දේශපාලනයේ පවුල හා කුලය – වික්ටර් අයිවන් 2011)

මෙම දේශපාලනයේ දෙබිඩි පිලිවෙත් නිසා රටක් ලෙස අප ගෙවමින් සිටිනා වන්දිය අති මහත්ය. අප කිසි දිනෙක එක් ශ්‍රි ලාංකික ජාතියක් ලෙස දිවි ගෙවීමට අපොහොසත් වී ඇති බව ඉතා ශෝචනීය තත්වයකි. වරෙක් කුල ලෙසද, විටෙක් ජාතින් ලෙසද, තවත් විටෙක ආගම් ලෙසද ලේ හලමින් කල් ගත කිරීම අපේ ආවේනික ලක්ෂනය බවට පත්ව තීබිම කිසිසෙත්ම නූතන ලක්ශනයක් නොව, එය ඉතා පසුගාමි ග්‍රෝත්‍රවාදී තත්වයකි, ඒ සදහා අප රට පාලනය කල පාලකයන් මෙන්ම තිරය පිටුපස මෙම වර්ගවාදී මතවාදයන් නිර්මානය කල වුන් වගකිව යුතුමය. එදා අප චෙල්වනායගම් ගේ ප්‍රාජාත්‍රන්ත්‍රවාදි අරගලය යටපත් කර දැමීය. එහෙත් අපට ප්‍රභාකරන් කෙනෙකු මුන ගැසින. ඔහු පැමිනියේ ඉතා සාහසික ලෙසිනි. එය පරාජය කරන ලද්දේ දැවන්ත වන්දියක් ගෙවමිනි. දැන් අප සම්පන්දන් හා සුමන්තිරන් වැනි ප්‍රජාත්‍රන්ත්‍රවාදය විශ්වාශ කරනා වුන්ට හිමි වූ අයිතිවාසිකම් වලට පවා වර්ගවාදී අර්ථකතන ඉදිරිපත් කරමින් සිටින අතර, අප මෙම අර්බුදයන් නිරාකරණය කරගනිමින් නූතන ශ්‍රි ලාංකික  ජාතියක් ගොඩනගා ගැනීමට අපොහොසත් වේ රටක් ලෙස අප ගමන් කරන්නේ විනාශය වෙත බව නොවැලැක්විය හැකි තත්වයකි.

කසුන් ප්‍රනාන්දු
13/09/2015

මහින්ද ද?…. මෛත්‍රීද?……. සිදු වූයේ කුමක්ද ?…..

download

වීරයකු බිහි කරනුයේ අනාගතය විසිනි. අද දවසේ වීරයා සබෑ වීරයකුද නැද්ද යන්න තීරණය කරනුයේ අනාගතය විසින් අද තත්වය විග්‍රහ කරන ආකාරයටය. නමුත් මෙරට දේශපාලනය එම තත්වය උඩු යටිකුරු කර ඇත.එක් පුද්ගලයකු වීරයකු හෝ ද්‍රෝහියකු බවට පත් කිරීමට මෙරට ජනතාව සහ මාධ්‍ය ගනු ලබන්නේ ඉතා සීමිත කාලයකි. මෙහි ඇති වාඩාත්ම උත්ප්‍රාසජනක තත්වය වන්නේ පසුගිය සතියේ වීරයකු ලෙස විරුදාවලිය ලබන්නා එලබෙන සතියේදී ද්‍රෝහියකු බවට පත්ව තිබීමය. පසුගිය නොවැම්බර් 21 වන දින මෙරට අති මහත් බහුතර ජනතාවගේ වීරයකු වූ සිරිසේන මහතා එම භාග්‍ය ලබමින් සිටින දේශපාලකයා බවට පත් වෙමින් සිටී.ඔහු පොදු අපේක්ශකයා ලෙස ඉදිරිපත් වූ මොහොතේ සිට මෙරට දැනුවත් පුරවැසියන්ගේ වීරය වූ සිරිසේන එක්වරම පසුගිය සති කීපය තුල වීරයා සහ ද්‍රොහියා අතර සංක්‍රමනය විය.එසේ වුයේ ඔහු පර්සි මහෙන්ද්‍රට නාම යෝජනා දීමත් පසුව ඊට හේතු දක්වමින් කල පැහැදිලි කීරීමත් සමගය.

මේ තත්වය හේතුකොට ගෙන රට තුල දේශපාලන ව්‍යාකූලත්වයක් රට තුල නිර්මාණය වෙමින් පවතී.එක් පසකින් ශ්‍රි.ල.නි.ප තුල නායකත්ව කඹ ඇදීමක් බවට පත් වෙමින් සහ මෙරට ජනපති දේශපාලන හුදකලා භාවයට පත් වෙමින් පවතී. මෙසේ වූයේ ඇයිද යන්න වියුක්තව සලකා බැලිය යුතු තත්වයකි. සිරිසේන මහතා මෙරට ජනාධිපති ධූරයට ඔසවා තැබුවේ ඔහු  තුල වූ පුද්ගලික කුසලතාවයකට නොව ඒ මොහොත වන විට රට තුල නිර්මාණය වෙමින් තිබූ දේශපාලන තත්වය පදනම් කරගෙනය.ඔහු ශ්‍රි.ල.නි.පයේ ලේකම් වරයා වුවද ඔහුට එම තත්වය හේතු කොට ගෙන දැවැන්ත සහයක් එම මැතිවරණයේදී ලබා ගත නොහැකි විය. පක්ශයට ඔහු ද්‍රොහියෙකු විය. නමුත් ජනවරම ලබා ගත් පසු ඔහු වටා එක් වූ කපටි ආරක්ෂකයන්ගේ ඉල්ලීම මත් ඔහු නැවත ශ්‍රි..නි.පය තමන් සතු කරගැනීමේ අසාර්ථක උත්සහයක ඔවුන් නිරත විය. ඒ සදහා ඔහු පක්ශයේ තෝරා ගත් පිරිසකට අමාත්‍ය ධුර පිරිනමමින් සහ නොයෙකුත් වරප්‍රසාද දෙමින් ගත් උත්සහය අද නතර වී ඇත්තේ කොතැනකද යන්න ඔහුට තේරුම් ගොස් ඇති බව ඔහුගේ කතාව තුල පැහදිලිය.

ඔහු රාජපක්ශගේ ගොදුරක් වීද ?

රාජපක්ශ පලමු වටයේ දේශපාලනය අත් හරින ලබන තැනකය. නමුත් ඔහු විසින් නිර්මාණය කරනු ලැබූ දේශපාලන සමාජ ක්‍රමය තුල ඔහුට එසේ සිටීමේ අවස්ථාවක් නිර්මනය නොවුනි. ඔහු නිර්මිත වහල් සමාජ ක්රමය තුල සාමාන් මිනිසුන් පමනක් නොව සමාජ වගකීමක් ඇති කලාකරුවන් යැයි කියනා නලාකරුවන්ද ඇසුවේඇයි සර් ගහලා හරි ගත්තේ නැත්තේයන මුග්ධ ආකාරයටය. එවන් වටපිටාවක් තුල මෙරට දේශපාලන ආනාථයන්ගේ පෙරමුනක් නිර්මානය වී මහින්ද සමග නැගිටින්නට ගත් උත්සහය පරාජය කිරීමට කෙසේ වෙතත් හදුනා ගැනීමට 49 වසරක දේශපාලන පම්පොරී ගසන  ජනපති සිරිසේනට හෝ ඔහුගේ කපටි ආරක්ශකයන්ට නොහැකි විය. ඒ නිසා අද එක්සත් ජාතික පක්ශයට හිතවත් මාධ්‍ය සහ ලියන්නන් හට සිරිසේන වීරයකු වුවද සැබෑ යථාර්ථය නම් සිරිසේන පරාජිතයෙකි.ඔහු විසින් මහා මැතිවරණය පමා කරන ලද්දේ අද ඔහු පවසන ප්‍රතිසංස්කරන වෙනුවෙන් නොව ඔහුට තම පක්ශය සහ එහි නායකත්වය තමන් සතු කර ගැනීමේ අසාර්ථක උත්සහය වෙනුවෙනි.එය ඔහුට පමනක් නොව ඔහුට හිතේශී බවක් දක්වන දේශපාලන චරිත වලට පවා ඉතා අසීරූ දේශපාලන වටපිටාවක් නිර්මාණය වෙමින් පවතී.මහින්ද හිතවතුන් මෙම ඉදිරි මැතිවරණයේදී සිරිසේන් හිතුවතුන් හුදෙකලා කිරීමේ දැවැන්ත උත්සහයක් ක්‍රියාත්මක වෙමින් පවතී.එම තත්වය නවතිනු ඇත්තේ ඔවුන්ද රාජපක්ශගේ ගොදුරු බවට පත් වීමෙනි. අද වන විට ඔහුට හිතවත් වූ ජනක බන්ඩාර, සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ සහ ලසන්ත අලගියවන්න වැනි වුන් කරනා ප්‍රකාශ හරහා විද්‍යාමාන වන තත්වයකි. එම නිස අදන් වන විට ගේම ගසා ඇත්තේ වෙන කවරෙකුවත් නොව රාජපක්ශගේ වහල් දේශපාලනය මිස වෙනකක් නොවේ. යම් හෙයකින් රාජපක්ශ ජයගතහොත් ඔහු අගමැති නොකිරීමේ හැකියාවක් සිරිසේනට නැත. ඇතම් විට නාම යෝජනා සිදුවීමේදී මෙන් එයද සිදු වූ පසු සිරිසේන ජාතිය අමතනු ඇත.එවිට රටම රාජපක්ශ රෙජීමයේ ගොදුරක් වනවා නොඅනුමානය.

අප කල යුත්තේ කුමක්ද?

ලක්ෂ 62ක ජනවරමක් සහිතව සිරිසේනව ජනපති පුටුවේ හිදවූයේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමට නොවේ.ජනතා අපේක්ශා නැවත උදුරා ගැනීමේ කූට දේශපාලන උපක්‍රමයක් ක්‍රියාත්මක වෙමින් පවතින මොහොතක එයට ඉදිරියෙන් කටයුතු කිරීමේ හැකියාවක් එම ජනවරම වෙනුවෙන් පෙනී සිටි ව්‍යාපාර වලට තිබිය යුතුය. නමුත් පසුගිය මාස හයක කාලය තුල අප දුටුවේ ජනතා අපේක්ශා නිවැරිදි ලෙස ඉටු කරනවා වෙනුවට ඒවා උපන් ගෙය තුලම මරා දමන තත්වයකි.මහ බැංකු බැදුම්කර සිද්ධිය සහ 19 වන සංශෝධනය (එය සුන් කරනු ලැබුයේ මහාචාර් වරයකු ලෙස පෙනී සිටින මුග්ධ දේශපාලන වහල් මානසිකත්වයේ ක්රියාමාර්ග හේතුවෙනී වැනි දේ ජනතා අපේක්ශා සමග සමපාත නොවුනි.නමුත් අප ලබා ගත් දේශපාලන නිදහස වළලා දමා නැවත මෙරට වහල් රාජාණ්ඩු ක්‍රමයක් වෙත ගමන් කිරීමේ රාජපක්ශ ගැති ආගම්වාදී,ජාතිවාදි සහ අවස්ථාවාදී මඩගොහොරුවට නැවත බලයට ඒමේ හැකියාව සහමුලින්ම ඇහිරිය යුතුය. ඒ සදහා වඩාත් සක්‍රිය විය යුත්තේ දැනුවත් පුරවැසි සමාජයය. මන්ද ඔවුන්ගේ හිහඩතාවය මෙරට අද බුක්ති විදින නිදහස් දේශපාලන වටපිටාව  නැවත නින්දිත අශීලාචාර දේශපාලන වටපිටාවක් දක්වා පරිවර්ථනය වීමේ වැඩි නැඹුරුතාවක් පවතී. එය සහමුලින්ම පරාජය කල යුතුය.

වීරයකු බිහි කරනුයේ අනාගතය විසිනි. අද දවසේ වීරයා සබෑ වීරයකුද නැද්ද යන්න තීරණය කරනුයේ අනාගතය විසින් අද තත්වය විග්‍රහ කරන ආකාරයටය. නමුත් මෙරට දේශපාලනය එම තත්වය උඩු යටිකුරු කර ඇත.එක් පුද්ගලයකු වීරයකු හෝ ද්‍රෝහියකු බවට පත් කිරීමට මෙරට ජනතාව සහ මාධ්‍ය ගනු ලබන්නේ ඉතා සීමිත කාලයකි. මෙහි ඇති වාඩාත්ම උත්ප්‍රාසජනක තත්වය වන්නේ පසුගිය සතියේ වීරයකු ලෙස විරුදාවලිය ලබන්නා එලබෙන සතියේදී ද්‍රෝහියකු බවට පත්ව තිබීමය. පසුගිය නොවැම්බර් 21 වන දින මෙරට අති මහත් බහුතර ජනතාවගේ වීරයකු වූ සිරිසේන මහතා එම භාග්‍ය ලබමින් සිටින දේශපාලකයා බවට පත් වෙමින් සිටී.ඔහු පොදු අපේක්ශකයා ලෙස ඉදිරිපත් වූ මොහොතේ සිට මෙරට දැනුවත් පුරවැසියන්ගේ වීරය වූ සිරිසේන එක්වරම පසුගිය සති කීපය තුල වීරයා සහ ද්‍රොහියා අතර සංක්‍රමනය විය.එසේ වුයේ ඔහු පර්සි මහෙන්ද්‍රට නාම යෝජනා දීමත් පසුව ඊට හේතු දක්වමින් කල පැහැදිලි කීරීමත් සමගය.

මේ තත්වය හේතුකොට ගෙන රට තුල දේශපාලන ව්‍යාකූලත්වයක් රට තුල නිර්මාණය වෙමින් පවතී.එක් පසකින් ශ්‍රි.ල.නි.ප තුල නායකත්ව කඹ ඇදීමක් බවට පත් වෙමින් සහ මෙරට ජනපති දේශපාලන හුදකලා භාවයට පත් වෙමින් පවතී. මෙසේ වූයේ ඇයිද යන්න වියුක්තව සලකා බැලිය යුතු තත්වයකි. සිරිසේන මහතා මෙරට ජනාධිපති ධූරයට ඔසවා තැබුවේ ඔහු  තුල වූ පුද්ගලික කුසලතාවයකට නොව ඒ මොහොත වන විට රට තුල නිර්මාණය වෙමින් තිබූ දේශපාලන තත්වය පදනම් කරගෙනය.ඔහු ශ්‍රි.ල.නි.පයේ ලේකම් වරයා වුවද ඔහුට එම තත්වය හේතු කොට ගෙන දැවැන්ත සහයක් එම මැතිවරණයේදී ලබා ගත නොහැකි විය. පක්ශයට ඔහු ද්‍රොහියෙකු විය. නමුත් ජනවරම ලබා ගත් පසු ඔහු වටා එක් වූ කපටි ආරක්ෂකයන්ගේ ඉල්ලීම මත් ඔහු නැවත ශ්‍රි..නි.පය තමන් සතු කරගැනීමේ අසාර්ථක උත්සහයක ඔවුන් නිරත විය. ඒ සදහා ඔහු පක්ශයේ තෝරා ගත් පිරිසකට අමාත්‍ය ධුර පිරිනමමින් සහ නොයෙකුත් වරප්‍රසාද දෙමින් ගත් උත්සහය අද නතර වී ඇත්තේ කොතැනකද යන්න ඔහුට තේරුම් ගොස් ඇති බව ඔහුගේ කතාව තුල පැහදිලිය.

ඔහු රාජපක්ශගේ ගොදුරක් වීද ?

රාජපක්ශ පලමු වටයේ දේශපාලනය අත් හරින ලබන තැනකය. නමුත් ඔහු විසින් නිර්මාණය කරනු ලැබූ දේශපාලන සමාජ ක්‍රමය තුල ඔහුට එසේ සිටීමේ අවස්ථාවක් නිර්මනය නොවුනි. ඔහු නිර්මිත වහල් සමාජ ක්රමය තුල සාමාන් මිනිසුන් පමනක් නොව සමාජ වගකීමක් ඇති කලාකරුවන් යැයි කියනා නලාකරුවන්ද ඇසුවේඇයි සර් ගහලා හරි ගත්තේ නැත්තේයන මුග්ධ ආකාරයටය. එවන් වටපිටාවක් තුල මෙරට දේශපාලන ආනාථයන්ගේ පෙරමුනක් නිර්මානය වී මහින්ද සමග නැගිටින්නට ගත් උත්සහය පරාජය කිරීමට කෙසේ වෙතත් හදුනා ගැනීමට 49 වසරක දේශපාලන පම්පොරී ගසන  ජනපති සිරිසේනට හෝ ඔහුගේ කපටි ආරක්ශකයන්ට නොහැකි විය. ඒ නිසා අද එක්සත් ජාතික පක්ශයට හිතවත් මාධ්‍ය සහ ලියන්නන් හට සිරිසේන වීරයකු වුවද සැබෑ යථාර්ථය නම් සිරිසේන පරාජිතයෙකි.ඔහු විසින් මහා මැතිවරණය පමා කරන ලද්දේ අද ඔහු පවසන ප්‍රතිසංස්කරන වෙනුවෙන් නොව ඔහුට තම පක්ශය සහ එහි නායකත්වය තමන් සතු කර ගැනීමේ අසාර්ථක උත්සහය වෙනුවෙනි.එය ඔහුට පමනක් නොව ඔහුට හිතේශී බවක් දක්වන දේශපාලන චරිත වලට පවා ඉතා අසීරූ දේශපාලන වටපිටාවක් නිර්මාණය වෙමින් පවතී.මහින්ද හිතවතුන් මෙම ඉදිරි මැතිවරණයේදී සිරිසේන හිතුවතුන් හුදෙකලා කිරීමේ දැවැන්ත උත්සහයක් ක්‍රියාත්මක වෙමින් පවතී.එම තත්වය නවතිනු ඇත්තේ ඔවුන්ද රාජපක්ශගේ ගොදුරු බවට පත් වීමෙනි. අද වන විට ඔහුට හිතවත් වූ ජනක බන්ඩාර, සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ සහ ලසන්ත අලගියවන්න වැනි වුන් කරනා ප්‍රකාශ හරහා විද්‍යාමාන වන තත්වයකි. එම නිස අදන් වන විට ගේම ගසා ඇත්තේ වෙන කවරෙකුවත් නොව රාජපක්ශගේ වහල් දේශපාලනය මිස වෙනකක් නොවේ. යම් හෙයකින් රාජපක්ශ ජයගතහොත් ඔහු අගමැති නොකිරීමේ හැකියාවක් සිරිසේනට නැත. ඇතම් විට නාම යෝජනා සිදුවීමේදී මෙන් එයද සිදු වූ පසු සිරිසේන ජාතිය අමතනු ඇත.එවිට රටම රාජපක්ශ රෙජීමයේ ගොදුරක් වනවා නොඅනුමානය.

අප කල යුත්තේ කුමක්ද?

ලක්ෂ 62ක ජනවරමක් සහිතව සිරිසේනව ජනපති පුටුවේ හිදවූයේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමට නොවේ.ජනතා අපේක්ශා නැවත උදුරා ගැනීමේ කූට දේශපාලන උපක්‍රමයක් ක්‍රියාත්මක වෙමින් පවතින මොහොතක එයට ඉදිරියෙන් කටයුතු කිරීමේ හැකියාවක් එම ජනවරම වෙනුවෙන් පෙනී සිටි ව්‍යාපාර වලට තිබිය යුතුය. නමුත් පසුගිය මාස හයක කාලය තුල අප දුටුවේ ජනතා අපේක්ශා නිවැරිදි ලෙස ඉටු කරනවා වෙනුවට ඒවා උපන් ගෙය තුලම මරා දමන තත්වයකි.මහ බැංකු බැදුම්කර සිද්ධිය සහ 19 වන සංශෝධනය (එය සුන් කරනු ලැබුයේ මහාචාර් වරයකු ලෙස පෙනී සිටින මුග්ධ දේශපාලන වහල් මානසිකත්වයේ ක්රියාමාර්ග හේතුවෙනී වැනි දේ ජනතා අපේක්ශා සමග සමපාත නොවුනි.නමුත් අප ලබා ගත් දේශපාලන නිදහස වළලා දමා නැවත මෙරට වහල් රාජාණ්ඩු ක්‍රමයක් වෙත ගමන් කිරීමේ රාජපක්ශ ගැති ආගම්වාදී,ජාතිවාදි සහ අවස්ථාවාදී මඩගොහොරුවට නැවත බලයට ඒමේ හැකියාව සහමුලින්ම ඇහිරිය යුතුය. ඒ සදහා වඩාත් සක්‍රිය විය යුත්තේ දැනුවත් පුරවැසි සමාජයය. මන්ද ඔවුන්ගේ හිහඩතාවය මෙරට අද බුක්ති විදින නිදහස් දේශපාලන වටපිටාව  නැවත නින්දිත අශීලාචාර දේශපාලන වටපිටාවක් දක්වා පරිවර්ථනය වීමේ වැඩි නැඹුරුතාවක් පවතී. එය සහමුලින්ම පරාජය කල යුතුය.

කසුන් ප්‍රනාන්දු
19/07/2015

වික්ටර් අයිවන් ගේ තිස් වසරක අභියෝගාත්මක මාධ්‍ය භාවිතය වෙනුවෙන් කෙටි සටහනක්…..

DSC_0041

අද දින  කොළඹ පැවති වික්ටර් අයිවන් මහතාගේ පුවත්පත් කලාවේ මෙහෙවර ඇගයීම වෙනුවෙන් පැවති සංවාදයට සහභාගි වීමෙන් පසු ඔහු වෙනුවෙන් සටහනක් කලකින් හෝ යමක් ලියනා මාගේ බ්ලොග් අඩවියේ සටහන් නොකලහොත් එය වෙනස් ලෙස මා  හට සිතන්නට මෙන්ම වෙනස් ලෙස ලෝකය දෙස බලන්නට මට ගුරු හරුකම් දුන් ඒ පුවත්පතේ මහා පුරුෂයා මා මග හැරිය වැනිය. තිස් වසරක් වන මගේ ජීවිතය තුල මාහට රාවය මුන ගැහෙන්නේ මගේ පියාගෙනි. රාවයේ ආරම්භක අවදියේ සිට එහි පාඨකයකු වන ඔහු නිවසට ගෙන එන මෙම සුවිශේෂි පුවත්පත කුඩා අවදියේ පටන් කියවීම කලෙමි. එහි අන්තර්ගතය පිළිබද අවබෝධයකින් තොරව වුවත් එය කියවීම මා ප්‍රිය කලේ එහි ඇති වෙනස් භාවයයි. එය නිවසේ ඇති අනෙකුත් පුවත්පත් වලින් සම්පූර්නයෙන්ම වෙනස් වීම එහි වූ සුවිශේෂි ලක්ෂණයයි.

ඇත්තෙන්ම එදා සිට අද දක්වාම රාවය පුවත්පත මෙරට විකල්ප පුවත්පත් ඉතිහාසයේ සුවිශේශිම සංධිස්ථානයයි. වසර තිහක් පුරා නොකඩවා අඛණ්ඩව පාලකයා වෙනුවෙන් ප්‍රශස්ථි ගී ගයමින් හෝ ඔහුගේ දේශපාලන මතය වෙනුවෙන් සිය පුවත්පතේ පිටු වෙන් නොකරමින් කටයුතු කිරීම එක් පසකින් දැලි පිහියකින් කිරි කෑමක් වැනිය. අද අපට මුන ගැසෙන්නේ ජනමාධ්‍ය වෙනුවට ජඩ මාධ්‍යයයි. ඒවායෙන් ඉදිරිපත් කරනා වැඩසටහන් සහ ලිපි රටක් ලෙස අප සිටින්නේ කොතනකදී දැයි අපට වටහා ගත හැකිය. ලාභය වෙනුවෙන් මෙන්ම සිය හිමිකරුවන්ගේ පුද්ගලික උවමනාව වෙනුවෙන්  මහජනයා වෙත ඔවුන් ඉදිරිපත් කරනුයේ ඉතා අසංස්කෘතික මාධ්‍ය භාවිතාවකි.එවන් වටපිටාවක් තුල රාවය සිය වගකීම නොපිරිහෙලා ඉටු කල බව කට පුරා අදත් කිව හැකිය.

මෙරට දේශපාලන සංදර්භය තුල වික්ටර් අයිවන් නාමය නොමකෙනා මතක සටහන් ඉතිරි කළ චරිතයකි. විටෙක ඔහු පවතිනා ක්‍රමය වෙනස් කරලීමට අවි අතට ගනී. පසුව ඔහුම එම 1971 කැරැල්ල නිර්දය ලෙස විවේචනය කරමින්, ගාන්ධි දර්ශණය සිය දර්ශණය ලෙස යොදා ගනී.පසුව ඔහු ආරම්භ කල පුවත්පත හරහා දේශාපලන මතයක් සමාජ ගත කිරීමේලා ඔහු පුරෝගාමි මෙහෙවරක් ඉටු කරනු ලබයි.එහි කූඨප්‍රාප්තිය ලෙස 1994 අප හට හදුනා ගත හැකිය. 1994 දී එවකට පැවති දුශිත මෙන්ම මර්දනකාරී UNP ආණ්ඩුව පෙරලා දැමීමේ ව්‍යපෘතියේ නියමු කාර්යයට ඔහු උර දෙනු ලැබීය. එම සුවිශේෂි සමාජ මෙහෙවර වෙනුවෙන් ඔහු වෙත ඉදිරිපත් කරනු ලැබු කිසිදු වරප්‍රසාදයක් හෝ තනතුරක් ඔහු ලබාගත්තේ නැත. 2015 දී අනෙකුත් පුදගලයන් සමාජ ප්‍රතිසංස්කරණ වලට මුවා වී තනතුරු ලබා ගත් ආකාරය සිහියට නගා ගන්න. ඒ වෙනුවට ඔහු එම චන්ද්‍රිකා ආණ්ඩුවේ නිර්දය පාලනය වෙත පෙරලා පහර දීම  තෝරා ගන්නා ලදි. එම වකවානුවේම මෙරට අධිකරණයේ ස්වාධීනත්වය මරා දමමින් චන්ද්‍රිකා මෙරට සිටි දුශිතම අගවිනිසුරු ලෙස සරත් සිල්වා පත් කරගනිමින්  ගෙන ගිය නින්දිත පාලන ක්‍රමයට එරෙහිව ඔහු ගෙන ගිය අරගලය එද මෙදා තුර මාධ්‍යවේදියකු සිදු කරනු ලැබු දැවන්තම අරගලය ලෙස හදුන්වා දිය හැකිය. එම පත්වීම ලබා ගනීම ඔහු වාර්තා කරනු ලැබු ආකරය පවා මෙරට සමාජය වික්ශිප්ත කරනු ලැබිය. පුද්ගලයකු එකවර විධායකයේ  මුල්පුටුව සමගත් අධිකරණයේ මුල් පුටුව සමගත් සටන් වැදීම මෙරට මාධ්‍ය ඉතිහාසයේ කවර කලකවත් අප සමාජය අසා තිබු තිබූ තත්වයක් නොවේ. නමුත් මෙම අවස්ථාවේ මෙරට අධිපති ධාරාවේ මාධ්‍ය කටයුතු කල ආකාරය ඉතා නින්දිතය. ඔවුන් මෙම මොහොතේ දූශිත අගවිනිසුරු වරයා වෙත සහය පල කරතමන්ට අවාසි සහගත නඩු කටයුතු වලින් නිදහස් වීමට එය අල්ලසක් කරගත්තේය. ඔවුන් තෝරා ගනු ලැබුවේ අධිකරණ නිදහස් වෙනුවෙන් සටන් කරනවා වෙනුවට දුශිත අගවිනිසුරුවරයා සමග පස්ස දොරෙන් ගනුදෙනු කරමින් තමන්ගේ නඩු හබ වලින් නිදහස් වීමය.

ඔහුගේ මා දකිනා එක් සුවිශේෂි ලක්ෂණයක් වන්නේ ඔහුගේ පරිණත දේශපාලන දැක්මය. ඔහුට මෙරට දේශපාලනය ක්‍රියාත්මක වන ආකාරය පිලිබද දුර දක්නා අවබෝධයක් තිබීය. සතියේ ඔහු විසින් සිදු කරනු ලබන දේශපාලන විග්‍රහය හුදු දේශාපලන විග්‍රහයන්ගෙන් ඔබ්බට ගිය අනාගතය විග්‍රහ කිරීමක් වැනිය.මේ පිලිබද ඉතා බලවත් නිදර්ශනයක් ලෙස ඔහු 2014 අගෝස්තු මස පල කරන ලද “නව ව්‍යවස්තාවක් හදාගැනීමේ ප්‍රශ්නය” නම් වූ පොතේ පහත උපුටනය දක්වා තැබිය හැකිය.

“ලංකාවේ ජනාධිපතිවරයකුගේ ධූර කාල දෙකක් ඇමෙරිකන් ජනාධිපතිවරු තිදෙනෙකුගේ ධූර කාල තුනකට සමානය. එතරම් දීර්ඝ කාලයක් බලයේ රැදී සිටීමට පුළුවන්කම් ලැබී තිබියදීත් එයින් තෘප්තිමත් නොවී ඒ සීමාවද ඉක්මවා බලයේ ඉදීමට ක්‍රියාකරන නායකයකු සැලකිය හැක්කේ ලැබී තිබෙන පරම බලයේ රසය අත්හැරීමට කැමති නැති බලලෝභී නායකයකු වශයෙනි. 18 වන සංශෝධනය මගින් ජනාධිපති රාජපක්ෂ අපේක්ශා කරන්නට ඇත්තේ දීර්ඝ කාලයක් බලයේ රැදී සිටීම විය හැකි වුවත් ඔහුට දෙවැනි ධුර කාලය ඉක්මවා බලයේ රැදී සිටීමේ හැකියාවක් නොතිබෙනවා සේම බොහෝ විට ඔහු මෙම දුර්දාන්ත ජනාධිපති ක්‍රමයේ අවසානයාද විය හැකිය.” -“නව ව්‍යවස්තාවක් හදාගැනීමේ ප්‍රශ්නය” – පිට 44

මෙම විග්‍රහය අද වන විට යතාර්ථයක් වී හමාරය. සුමනදාසලා පුස්කොල පොත් පෙරලමින් ග්‍රහ තාරකා වලින් කල විජ්ජම් මොහුගේ දේශපාලන  පරිණත භාවයට අලගු තියන්නටත් ප්‍රමානවත් නොවන බව මින් මනාව පැහැදිලි වේ.

ගාන්ධි දර්ශනවාදියකු වන අයිවන් මහතා 2008 -09 කාලයේ යුද්ධයේ අවසන් අදියරයේදී ක්‍රියා කල ආකරය බොහෝ යුද විරෝධින්ගේ දැවන්ත විවේචනයකට ලක් වන්නකි. මමද ඇතම් විට එම ලිපි කියවීම අපුලෙන් බැහැර කල අවස්ථා විරල නොවීය. නමුත් ඔහු තම පුවත්පත එම මතය වෙනුවෙන් කිසි විටක යෙදවූයේ නැත. ඔහු හැරුණු කල අනෙක් සියලුම ලේඛකයන් ඔහුට විරුද්ධ ආස්ථානයක සිටිමෙන් අපට වටහා ගත හැකි කරුණ නම් ඔහු තම කතෘ මණ්ඩලයට කෙතරම් නිදහසක් විදින්නට අවස්ථාව දුන්නේද යන්නය.

ජනතාවට ඉදිරියෙන් සිටිය යුතු ජනමාධ්‍ය ජනතාවටත් වඩා පසුපසින් නූතන ලෝකයේ ග්‍රොත්‍රික මිනිසුන් බවට මෙරට පුරවැසියන් පත් කරලීම සිය මාධ්‍ය භාවිතය කරගත් රටක රාවය මෙන්ම වික්ටර් අයිවන් සිදු කල සමාජ මෙහෙවර ඇගයීම සමාජ අනිවාර්යයතාවයකි.මෙම ඇගයීම නිර්දය ලෙස විවේච්නය කරනවුන්ට කිව හැක්කේ එක් දෙයකි. රාවය පසුගිය තිස් වසරේ නොතිබුනානම් සමාජය කොතැනදැයි හැරී බලන ලෙසය..

කසුන් ප්‍රනාන්දු.
06/06/2015

මැයි 19 : යුද උත්කර්ශය වෙනුවට ජාතික සංහිඳියාව….

unity-hands

රාජපක්ෂ රෙජීමය මැදිහත් වීමෙන් උතුරේ දමිළ විමුක්තිකාමි සටන් ව්‍යපාරය පරාජය කර මේ වන විට වසර හයක් ගෙවී ගොස්ය. පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵල හරහා අප අත් දුටු යථාර්තය වන්නේ මෙම යුදමය පරාජය හරහා එම ජනතාව මතවාදීමය වශයෙන් ජයග්‍රහණය කර ගැනීමට මෙරට ආණ්ඩු අපොහොසත් වී ඇති බවය.අඩුම තරමින් මෙරට කරවූ ආණ්ඩුව වෙත යුද්ධයට මහත් උපකාරී කල මුස්ලිම් ජනතාව පවා එක් ධජයක් වෙතගොනු කරගැනීමට අපොහොසත් වී ඇති බවය. පසුගිය වසර පහ මුළුල්ලේම අප සමාජය ගොනු ලැබුවේ ගෝත්‍රවාදී එළඹුමක් වෙතය. එය පසුගිය කාලය පුර අප විසින් අත් විඳි යථාර්තයයි.එය විවිධ බොදු බල ව්‍යපෘති හා බලකායන්ගේ ක්‍රියාකාරිත්වය හරහා අපට විද්‍යාමාන විය. දේශපාලන සවිඥාණිකතාවයෙන් යුතු මහජනයා හොදින්ම දන්නා සත්‍යය වන්නේ පසුගිය පස්වසර පුරා මහත් අභිමානයෙන් සැමරූ මෙම ‍යුද සැමරුම් හුදෙක්ම මෙරට පාලකයන්ගේ පුද්ගල අභිප්‍රාය වෙනුවෙන් කල ව්‍යපෘතියක් බවය.එය වඩාත්ම තහවුරු වන්නේ යුද්ධය අවසන් වූ මොහොතේ මෙරට යුද හමුදාපති වරයා පවා මෙම ව්‍යපෘතියෙන් අත් හරින ලද වීමය. සැබෑ ලෙසම සිදු වුයේ පාලක අභිවෘධිය උදෙසා මෙරට ජනයා ජාතිකවාදී එලඹුමක් වෙත යොමුකරවීමය.

මෙම ලිපියේ රචකයා කිසිම විටක කිසිදු ප්‍රශ්නයක් උදෙසා යුදමය එලඹුමක් අපේක්ශා නොකරන්නෙකි. මා සෑම විටම යුද්ධය දකින්නේ මානව වර්ගයා වෙත කරනු ලබන මහා අපරාධයක් ලෙසය. එසේම මෙම ලිපියේ රචකයා දෙමළ ජනයාට දෙමළ වූ නිසාම යම් අර්බුදයකට ගොදුරු වූ බව පිළිගන්නෙකි.ඒ සදහා LTTE සංවිධානය ගත් ක්‍රියාමර්ගයද අනුමත් නොකරන්නෙක්මි.නමුත් මේ වන විට යුද්ධය අවසන් වී ඇත.එම නිසා අප අපගේ ක්‍රියාමාර්ග යොමු කල යුත්තේ  එම තත්වය තේරුම් ගෙනය.රාජපක්ෂ රෙජීමය යුද්ධය ජයග්‍රහනය කිරීම හරහා භූමිය එකාත්මික  කළද ඔහු හට මෙරට සියලු පුරවැසියන් එකාත්මික කිරීමට හැකියාව ලැබුනේ නැත. ඒ වෙනුවට ඔහු උත්සහ කරන ලද්දේ එම යුද ජයග්‍රහණ හරහා මෙරට සිංහල ජනමනස තව දුරටත් වර්ගවාදී කරමින්  එම ජනතාවගේ සදාකාලික වීරයා බවට පත්වීමය. එය යම්තාක් දුරකට ඉටු කරගැනීමට ඔහු සමත් වූ අතර අවසානයේ එය මෙරට ජන සමාජය පුරවැසි කමින් මිදී යටත්වැසි භාවයට පත් වීම දක්වා යොමු කරගැනීමට ඔහු සමත් විය. ඒ සදහා ඔහු විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙරට ජන සමාජය දරුණු ලෙස වර්ගවාදී බෙදීමකට ලක්කරන ලදි. අවසානයේ එය ඔහුගේ දේශපාලන ගමන අවසන් කිරීම කෙරෙහිද දැවැන්ත ලෙස බලපාන කරුණ බවට පත් විය.

වසර පහක් පුරා අප විසින් සමරණ ලද ‍යුද ජයග්‍රහනය තුල සැබෑ ලෙස  ඇත්තේ අප විසින් තවත් ජාතියක් යටපත් කිරීමෙන් ලද ජයග්‍රහණයක් මහත් උත්කර්ශයට ලක් කිරීමකි.එවැනි යුද සැමරුම් නූතන ප්‍රජාත්‍රන්තවාදී සමාජ තුල සැලකෙන්නේ ගෝත්‍රවාදි සැමරුම් ලෙසය. අප කොතෙකුත් අමතක කරන්නට උත්සහ කරන යතාර්ථය වන්නේ යුද්ධයෙන් පරාජය වූයේ අප රටේම  අව වරප්‍රසාදිත තරුණ ජනකොට්සක් බවය. ඔවුන් ගන්න ලද ක්‍රියාමර්ග කොතරම් රළු වුවද ඔවුන් අප රටේම පුරවැසියන් වග අප දැන ගත යුතු සත්‍යයකි. LTTE ය ‍යුදමය ලෙස පරාජය කිරීමෙන් පසු මෙරට ආණ්ඩුව විසින් කළ යුතුව තිබුනේ දෙමළ ජන සමාජය වසර ගනනක් පුරා ඉල්ලා සිටින ප්‍රශ්න වෙත විසදුම් ඉදිරිපත් කිරීමය. එසේ නොමැතිව ඔවුන්ව දෙවන පෙළ පුරවැසියන් ලෙස සලකමින්  කරනු ලබන ක්‍රියාමර්ග යම් දිනක නැවතත් රටම ලේ විලක් බවට පත් කිරීමට හේතු වන බව අප මග හරිමින් සිටී.යුද්ධයෙන් පසු ආණ්ඩුව විසින් කළ යුතුව තිබු සහජීවන ක්‍රියාමර්ග වෙනුවට ඔවුන් විසින් කරනු ලැබුවේ ජාත්‍යාලයෙන් සිංහල ජනයා කුල්මත් භාවයට  පත් කරමින් විචාරයකින් තොරව පාලකයා වන්දනාමාන කරනා යටත් වැසියන්  පිරිසක් ගොඩ නැගීමය. එහි වර්තමාන ප්‍රථිපල  අප අද වන විට අප අත් දකිමින් සිටී. අද වන විට අන්ධභාවයට පත් කරන් ලද  ජනයා ජාතික ඒකාග්‍රතාවයක් වෙනුවට ඉල්ලා සිටින්නේ ජාතිවාදයයි.එය පසුගිය දිනවල ජාතික කොඩිය අරඹයා ඇති වූ ප්‍රශ්නයේදී අපි අත් දිටීය.මේ නිසා අප මෙම එළබෙන මැයි 19 දින සිටවත් මෙම ක්‍රමය වෙනුවට නව එළබුමකින් මෙම ප්‍රශ්නය කරා යොමු විය යුතුය. එය තව දුරටත් යුදවාදී උත්කර්ශයක් නොවී ජාතික සංහිදියාව වෙත යොමු කළ ගත යුතුය. දේශපාලන බලය වෙනුවෙන් මේරට දේශපාලකයන් ගනු ලැබු අදූරදර්ශී ක්‍රියාමාර්ග හේතුවෙන් රටක් ලෙස අප වන්දි ගෙවු තරම් හොදටම ප්‍රමාණවත්ය.රටක් ලෙස අපට තවත් 56 හෝ 83 අවශ්‍ය කරන්නේ නැත. ඒ වෙත අප සමාජය යොමු කිරීමට ඉඩ නොදිය යුතුය.ඒ සදහා මෙම දිනය ජාතික සංහිදියා දිනයක් බවට පත් කරමින් ඒ සදහා අඩිතාලමක් ගොඩනැගිය යුතුය.
“War does not determine who is right – only who is left” – Bertrand Russell

කසුන් ප්‍රනාන්දු.
10/05/2015

ජනතා වරම පාවා දීමට සූදානම්……

10991222_1092834377400724_9162150051433773921_n

මේ දිනවල ප්‍රධානතම ප්‍රශ්න වී ඇත්තේ පරාජිත මිත්‍යා දෘෂ්ඨික ජනමූල නායකයාගේ දින චර්යාව හා ඔහු විසින් නැවත සිදු කරන ජල තටාක වෙත වැලි පිරවීම් හා මලයාල ගුරුකම් මහත් අභිරුචියෙන් වාර්තා කිරීමය. රජයේ මාධ්‍ය ඇතුලුව අධිපති මාධ්‍යත් රටේ ජනවරම ලෙස ජනතාව ලබා දුන් ඡන්දය වෙනුවෙන් ඔවුන්ගේ ඉල්ලීම මග හරිමින් තක්කඩි ලෙස සුපුරුදු ලෙස අලෙවි කල හැකි සීනිබෝල, ප්‍රවෘත්ති ලෙස ජනතාව හමුවේ තැබීමේ සුපුරුදු ව්‍යපෘතියේ නියැලී සිටී. නමුත් දේශපාලන සවිඥානිකතාවයකින් යුතු පුරවැසියන්ට නම් දසතින්ම ඇසෙන්නේ තර්ජනය කිරීම්ය.ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් කොන්දේසි ඉදිරිපත් කිරීම්ය. මේ සියලු දේ කරනුයේ එදා 18 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කල මොහොතේ ගලේ පැහරූ බළලුන් මෙන් සිටි අවස්ථාවාදීන්ය. එදා පූස් පැටවුන් මෙන් ඒකාධිපති ගමනකට අත් එසවූ ඔවුන් මෙදා ඉතා හාස්‍යජනක කොන්දේසි ඉදිරිපත් කරමින් සිටී.2015 ජනවාරි 8 වැනිදා මෙරට හැටලක්ෂයක් ඉක්මවන ජනතාවක් ලබා දුන් ජනවරම වූයේ අත්තනෝමතික විධායක ජනාධිපති ධූරය අහෝසි කර ගෙන ජනතා පරමාධිපත්‍ය නැවතත් පුරවැසියන් වෙත ලබා ගැනීමය. අද වඩාත්ම උත්ප්‍රාසජනක තත්වය වනුයේ එදා එම ජනවරම ලබා ගැනීම වෙනුවෙන් විධායක ජනාධිපති ක්‍රමය  පතුරු ගැසූ පුද්ගලයන් අද එය වෙනස් කිරිමට එරෙහිව නැගී සිටීමය. දැනට ඉදිරිපත් කොට ඇති 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුල ඇතුලත් කරුණු ජනතා වරමට පයින් ගැසීමක් වුවද එය පවතින ව්‍යවස්ථාවට වඩා ඉදිරිගාමි තත්වයකි.ඉන් විධායක බලය සම්පුර්ණයෙන්ම අහෝසි නොවූවද එය සැලකිය යුතු දුරකට එම බලතල එක් පුද්ගලයෙකුගෙන් පාර්ලිමෙන්තුව වෙත පැවරීමකි.එනයයින් එය පරාජය කිරීමට ගන්නා උතසහයන් හදුන්වා දිය හැක්කේ ජනතා පරාමාධිපත්‍යට පයින් ගසනා ප්‍රතිගාමීත්වයක් ලෙසිනි.

19 ට විරුද්ධ වන්නන් ඉදිරිපත් කරන මූලීකම තර්කයක් වන්නේ රටක ජාතික ආරක්ෂාවෙහිලා මෙන්ම රටක් අරාජික නොවී පවත්වා ගැනීමෙහිලා විධායක ජනාධිපති ධූරයක් රටකට අවෂ්‍ය බවය.නමුත් ඉතිහාසය පිරික්සන කවරකුට වුවද මෙය ඉතා පුහු තර්කයක් බවට හදුනා ගත හැක.78දී හදුන්වා දුන් මෙම අත්තනෝමතික විධායක ජනපති ක්‍රමය ජාතික ආරක්ෂාව අර්බුදයෙහිලා මෙන්ම රට අරාජික වීම කෙරෙහි බලපෑ ආකාරය ඉතා පහසුවෙන් හදුනා ගත හැකිය. ඊට හොදම නිදර්ශනය ලෙස දිය හැකි වන්නේ ජේ. ආර් ජයවර්ධන තම්න්ට හිමිව තිබූ විධායක බලය උපයයෝගී කර ගනිමින් තම්න්ට 1982 වන විට අහිමිව යනු ඇතැයි විශ්වාශ කෙරුණු පාර්ලිමෙන්තුවේ 5/6 බලය රැක ගැනිම පිනිස ගෙන ආ ලාම්පු කළගෙඩි සෙල්ලම ලෙස ජනතාව හදුනා ගත් ජනමත විචාරණයයි. ඉන් ඔහු එම 5/6 බලය තවත් වසර 4 දක්වා දීර්ඝ කරගන්න ලදි. මැදහත් දේශපාලන විචාරක මතය අනුව එය මෙරට ලේ විලක් බවට පත් කල 1983 නින්දිත කලු ජූලිය මෙන්ම 1987-89 භීෂණ යුගය නිරිමාණය විමෙහිලා ප්‍රධාන ලෙස බලපෑ  හේතුවයි.19 සම්මත කර ගත් පමණින්ම මෙරට ආණ්ඩු ක්‍රමය ප්‍රජාත්‍රන්ත්‍රවාදි වන්නේ වත් හෝ මේ රට තුල සුවිශේෂි තත්වයක් එක වර පහල වන්නේ හෝ නැත.නමුත් දැනට ඉදිරිපත් කොට ඇති සංශෝධන තුල  පවා යම් ඉදිරිගාමි ලක්ෂණ වේ නම් එය සම්මත නොකර මග හැරිම මෙරට ආණ්ඩු ක්‍රමය ඉදිරිගාමි කිරිමේ අවස්ථාවක් මග හැරීමකි.මෙහි ඇති ඉදිරිගාමි ලක්ෂණ අතර මේ වන තෙක් විධායකයේ රබර් මුද්‍රාවක් වන් වූ පාර්ලිමෙන්තුව මෙන්ම අධිකරණය ඉන් මුදවා ගැනිමේ හැකියාව ලැබි ඇත. මෙය සම්මත වීමට ඉඩ නොතබන්නේ යැයි වහසි බස් දොඩවන්නවුන් පසුගිය ආණ්ඩු සමයේ විධායක බලයට පමණක් නොව එහි පවුල් අධිකාරියේ බලය හමුවේ පවා බිය වෙමින් තම කට වසාගෙන ඇමති ධූර ආරක්ෂා කර ගත් ආකාරය මිනිසුන් හට අමතක නැත.

18 වන ව්‍යවස්ථා සංශෝධනය සැලකිය හැකි වන්නේ මෙරට ආණ්ඩු ක්‍රමය තුල එක් පුද්ගලයකුගේ බල ලෝභය වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබූ නින්දිතම ව්‍යවස්ථා සංශෝධනය ලෙසය. මින් 1978න් ඇති කරන ලද අත්තනෝමතික විධායක ජනපති ක්‍රමය විකෘතියක් බවට පත් කරමින් මෙරට ආණ්ඩුක්‍රමය රාජාණ්ඩු ක්‍රමයක් දක්වා තල්ලු කර දමමින් පුරවැසියන් වහලුන් බවට පත් කිරීමේ කූට උපක්‍රමයක් විය.මෙම නින්දිත ක්‍රියාමාර්ගයට සහය දක්වනු ලැබුවේ වහලුන් බවට පත් කල එම පුරවැසියන්ගේම ජනවරමින් පාර්ලිමෙන්තුවට පත් කල වුන්ගෙන් වීම කවර නම් උත්ප්‍රාසජනකද?.තවද මෙම සංශෝධනය තුලින් සීමිත මට්මෙන් හෝ ප්‍රජාත්‍රන්ත්‍රවාදි ලක්ෂණ වලින් යුතු 2001දි එක් මන්ත්‍රිවරයකු පමණක් විරුද්ධ වූ 17 වන ව්‍යවස්ථා සංශෝධනය කුණු බක්කියට යවන ලැබූ තත්වයක් යටතේය.පුදුමයට කරුණ වන්නේ අද 19ට මාරාන්තික විරෝධය දක්වන්නේද එදා ඊට විරුද්ධ වූ මෙදා මෙම ක්‍රමය අහෝසි කරන බවට සපථ වෙමින් බලය ලබා ගෙන ඇමති ධුරයක් ලබා ගත් පුද්ගලයාද ඔහුම වීමය. ඉදිරිපත් කොට ඇති 19 වන සංශෝධනය මගින් 18 සම්පුර්ණයෙන්ම අහෝසි කරගන්නට හැකි වීමම සැබවින්ම ඉදිරිගාමී තත්වයකි. එදා මෙම ප්‍රජාත්‍රන්ත්‍රවාදයේ මළගම බදු 18 සම්මත කරන ලද්දේ හදිසි පණතක් ලෙස පාර්ලිමෙන්තුව පවා හරිහැටි දැනුවත් කිරිමකින් තොරවය.  අද මෙයට මරාගෙන මැරෙන්නවුන් එදා සිටියේ කෙසේදැයි ඔබට මතක ඇතුවා ඇති.

රටක් ලෙස අප අද සිටිනා අරාජික තත්වය සදහා මෙරට බිහි වූ ව්‍යවස්ථාවන් පවා වගකිව යුතුව ඇත. අප රටක් ලෙස කවර අවස්ථාවකදීවත් රටක ජාතික අභිලාශයන්ට ගැලපෙන පරිදි ව්‍යවස්ථාවක් බිහි කර ගැනිමට උත්සුක වූ ජාතියක් නොවේ.එහි ප්‍රතිඵල රටක් ලෙස අප උවමනාවටත් වඩා පසුගිය සමයේ නෙලා ගන්නා ලදි. මෙම තත්වය 1947 සම්මත කරගන්නා ලද සොල්බරි ව්‍යවස්ථාවේ සිට 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව සම්මත් කරගත් ආකරය පිරික්සීමේදි අපට දැක ගත හැකිය. එය වෙනමම අධ්‍යනය කල යුතු තත්වයකි.නමුත් මෙම සෑම ව්‍යවස්ථාවකම පැහැදිලිව දැකගත හැකි එක් ලක්ෂණයක් වන්නේ මෙම සෑම අවස්ථාවකදීම ව්‍යවස්ථා සංශෝධනය එහි මූලිකයාගේ පුද්ගලික අරමුණු මත ගැට ගැසී තිබීමය.ඉන් රටක් ලෙස අප ගෙවූ වන්දිය සුලු පටු නොවේ. එවන් අවස්ථාවාදි ව්‍යවස්ථා සංශෝධනයන් වෙනුවට යම් තරමකට හෝ රටේ පුරවැසියන්ගේ පුරවැසි අයිතීන් බලාත්මක කිරීමට ගෙන එනු ලබන සංශෝධනයන් ආපස්සට හැරවීමේ   සෑබෑ උවමනවන් ඇත්තේ බලය වෙනුවෙන්ම දේශපාලනය මෙහෙයවන අන්තවාදින් සහ ප්‍රතිගාමී බලවේග වලට පමණි. ඔවුන්ට ඉතිහාසයේ හිමිවිය යුතු නිවැරදි ස්ථාන ලබා දිම පුරවැසියන් සතු කාර්යයකි.19 වන ව්‍යවස්ථා සංශෝධනය හෝ සම්මත කර ගැනීමට රටක් ලෙස අප අපොහොසත් වේ නම් මේ රට ගමන් කරන්නේ ඉතා අදුරු යුගයකට බව නොකියාම බැරිය. ඒ නිසා වහල් සමාජයක් වෙනුවට දැනුවත් පුරවැසි සමාජයක් වෙනුවෙන් අපට ඉල්ලා සිටිය හැක්කේ කරුණාකර 19ට ඉඩ දෙන්න කියාය. 

කසුන් ප්‍රනාන්දු.
14/04/2015

Photo Credit : Cartoon by Awantha Artigala.

රෙජීමය පරාජය කිරීමෙන් ඔබ්බට…..

images

ශ්‍රි ලංකා වාසින් හට 2015 වර්ෂය එලබෙන්නේම ජනාධිපතිවරණයක් සමග බව මේ මොහොත වන විට කාටත් නොරහසකි. ඌව ප්‍රථිපලය සමග ආණ්ඩුව තුල විවිධාකාර වූ අර්බුද නිර්මාණය වී ඇති මොහොතක් වුවුද පාලකයාගේ පුද්ගලික කෙන්ද්‍රය මත රටේ උත්තරීතරම නීතිය වල් වැදුනු රටක ජීවත් වන්නන් වන අප හට කිව හැක්කේ අනිවාර්‍ය්යෙන්ම ජනාධිපතිවරණය එලබෙන වසර මුලදී පැවත්වෙන බවය. වර්තමාන දේශපාලනය  ක්‍රියාත්මක වන ආකාරය අපට පහත ලෙස විග්‍රහ කර ගත හැකිය. 18 වන විව්‍යස්තා සංශෝදනයේ වන දුර්වලතා හේතුවෙන් පර්සි මහෙන්ද්‍ර රාජපක්ශ මහතාට මැතිවරණයට ඉදිරිපත් වීම අභියොගයට ලක් වී ඇත. මෙය කොතරම් බලගතු නීති තර්කයක් වුවත් මෙරට නීතියේ මුර දෙවොල රෙජීමයේ රබර් මුද්‍රාවක් වන තත්වයක් තුල රාජපක්ශ මහතා මැතිවරණය කැදවන බවත් එය හිස් මුදුනින් මැතිවරණ කොමසාරිස් වරයා බාර ගන්නා බවත් යථාර්තයකි.ඌව ප්‍රථිපලය තුලින් ලත් පිබිදීම තුල ප්‍රධාන විපක්ශය සිටින්නේද යම් තරමක අධි විශ්වාශයකිනි. එනම් කරට කර සටනකදී මෙරට පීඩනයකට ලක්වී සිටින සුළු ජාති, ආගම්වල සහයෝගයත් සහිතව රෙජීමය පරාජය කල හැකි බවය.දේශපාලන ව්‍යාපාර මීට දක්වන්නේ විවිධ වූ ප්‍රතිචාරය. එක් පසකින් සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සදහා ජනතා ව්‍යාපාරය පොදු අපේක්ශකයකු වෙනුවෙන් පෙනී සිටින අතර ජනතා විමුක්ති පෙරමුණ නීති විරෝධී මැතිවරණයකට එරෙහිව ඡන්ද වර්ජනයකට සූදානම් වෙමින් සිටී. ඒජාපය සුපුරුදු ලෙසම හිතුවක්කාරි ලෙස තම අපෙක්ශකයා වෙත සහය පල කරනා ලෙස අනෙක් කණ්ඩයම් වෙත බලපෑම් කරමින් සිටී.තවත් පසකින් අතුරලියේ රතන හිමිද කරලියට විත් ඇත. එහිමියන් පිවිතුරු හෙටක් සංවිධානය හරහා යෝජනාවක් මේ මොහොත වන විට සමාජ ගත කොට ඇත. අතීතයේ සිදු වීම් වලින් ලත් අත්දැකීම් මත මෙම ක්‍රියාමාර්ගය පිලිබදව අවසාන මොහොත වන තෙක් යමක් පැවසිය නොහැක.

රාජපක්ශ රෙජීමය හුදු පුද්ගල සාධකයක් ලෙස බැහර කලද අප සමාජය ඇත්තේ ඉතාමත් අසීරු අඩියකය.එහි වගකීම හුදෙක්ම රාජපක්ශ රෙජීමය වෙත පවරා අත පිහිදා ගැනීමට සාධාරණ මනසක් ඇත්තෙකුට කල නොහැක. මේ තුල ඇත්තේ හුදු රෙජීමයේ අර්බුදයකට වඩා ක්‍රමය විසින් ගොඩනගන ලද අර්බුදයකි.එම නිසා තට්ටු මාරූ ක්‍රමයක අවසාන ප්‍රථිපලය වන්නේ ද මේ ක්‍රමය තවත් ඉදිරියට ගොස් අප සමාජයක් ලෙස තව තවත් අර්බුදයකයට ගමන් කිරීමය.එසේ නම් කල යුත්තේ කුමක් ද ? වර්තමාන දෙශපාලන ක්‍රමය තුල මැතිවරණ තුලින් ජනතා පරමාධිපත්‍යය සැබෑ ලෙස නිරූපනය නොවන බව පැවති මැතිවරණ වලදී ඔප්පු වී හමාරය.විධායක බලය යටතේ මුලු රාජ්‍ය ත්‍රන්ත්‍රයම මහින්ද රාජපක්ශ වෙත යොමු වෙන තත්වයක් යටතේ මැතිවරණ තුලින් නියම ජනමතය නිරූපනය නොවනවා නියතය.වර්තමාන ක්‍රමවේදය වී ඇත්තේ මැතිවරණ දින කිසිදු සිදුවීමකින් තොරව මැතිවරණය පවත්වා ඉන් පෙර සියලු කුපාඩි කම් සිදු කර සාධාරණ මැතිවරණයක් පැවත්වූ බවට අන්ධයින් වන ඡන්ද දායකයාට උදම් ඇනීමේ සිරිතය.

නිශ්චිත ලෙසට මේ ක්‍රමය පරාජය කිරීමට නම් නිවැර්දි දැක්මක් සහ නිශ්චිත වැඩ පිළිවෙලක් තිබිය යුතුය. හුදු ව්‍යවස්ථා සංශෝධනයකට හෝ පුද්ගල නායකත්ව මාරුවකට සාධාරණ සමාජයක් නිර්මාණය කර ගත නොහැක.ඒ සදහා අවශ්‍ය කරනුයේ ජනතාව පෙල ගැස්විය හැකි නායකත්වයකටය. රෙජීමය පාරාජය කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය ක්‍රර්ත්‍රවය වුවද එය හුදු පුද්ගල මාරුවක් නොවිය යුතුය. මන්දයත් එවැනි පුද්ගල මාරු වල අත්දැකිම් ඔනාවටත් වඩා ලබා ඇති ජාතියක් බැවිනි. මේ වන විට ප්‍රධාන විපක්ශය වන ඒජාපය මේ මොහොතේ වඩාත් අවශ්‍ය නිශ්චිත වැඩපිලිවෙලක් නොමැතිව කටයුතු කිරීම ඉතා කණගාටුදායකය. මෑත කාලයේ ඇති වූ ප්‍රශ්න වලදී ඔවුන් ක්‍රියාත්මක වුයේද මේ ලෙසය. (විශේෂයෙන් අගවිනිසුරුවරියට එරෙහි දොශාභියෝගය මොහොතේදී) අද වනවිට පක්ශය මුලුමනින්ම මාධ්‍ය ආයතන දෙකක ගොදුරට ලක් වී තිබේ.ඉන් මීදීම අරමුණු කරගෙන කටයුතු කරමින් මේ මොහොතේ අත්‍යවශ්‍ය කාර්යය මගහරිමින් සිටී.සෝභිත හිමියන් ඉදිරිපත් කොට ඇති විකල්පය තුලද ඇති දුර්වලතා ඉදිරිගාමි ගමනකට ඇත්තේ බාධාවකි. ජනතා විමුක්ති පෙරමුණ පසුවන්නේද උභයතෝටික ප්‍රශ්නයකටය. පොදු අපේක්ශකයකු හැර පක්ශයකින් ඉදිරිපත් වනනකුට සහය දැක්වීමේ හැකියාවක් ඔවුන් සතුව නොපවතී. තත්වය මෙසේ නම් විකල්පය කුමක්ද?

මේ මොහොතේ පවතින අභියෝගයට නිවැරදි ලෙස මුහුණ දීමට නම් සියලු විපක්ශ කණ්ඩායම් එක් වේදිකාවකදී නිශ්චිත වැඩපිලිවෙලක් සකස් කරගත යුතුය. එය බලය ලබා ගැනීමේ හුදු අරමුණෙන් ඉදිරිපත් කරන්නක් නොවිය යුතුය. මේ සදහා සෝභිත හිමියන් ගේ ප්‍රවේශය පදනම්ක් කර ගත හැකිය. ඒ හරහා ජනතා අදහස් ලබා ගැනීමේ වේදිකාවක් සකස් කර ගත හකිය. මෙහි මූලිකම හරය විය යුත්තේ ව්‍යවස්ථාපිත එකාධිපති ක්‍රමයක් වන විධායක ජානාධිපති ක්‍රමය බැහැර කොට පර්ලිමෙන්තුවට බලය පවරන වෙස්මිනිස්ටර් ආණ්ඩු ක්‍රමයක් නිර්මානය කර ගැනීමය. මෙය එක ව්‍යවස්ථා සංශෝධනයකින් කර ගත නොහැකි වන්නේ  වත්මන් ආණ්ඩු ක්‍රමය මුලුමනින්ම විධායකය මත ගොඩනැගී ඇති නිසාය.එමෙන්ම ව්‍යවස්ථාව තුල සියලු පුරවැසියන්ගේ අයිතීන් තහවුරු කර යුතුය. එනම් ජාති ආගම් කුල ලිංගික බෙදීම් වලින් තොරව පුරවැසියන්ට සාධාරණ සාමාජයක් නිර්මාණය කර ගැනීම ඔවුන්ගේ ප්‍රමුඛ කාර්යය විය යුතුය.මෙහිදී අන්තවාදින්ගෙන් එල්ල වන බල්පෑම් වලින් මිදී කටයුතු කිරීමේ ශක්‍ය තාවයක් මෙහි නායකයන්ට තිබිය යුතුය. මන්දයත් අන්තවාදීන්ගේ බලපෑමට රටක් ලෙස ආපස්ස්ට අප ගමන් කර ඇති දුර හොදටම ප්‍රමාණවත්ය.රටේ පොදු පුරවැසියාගේ ගෞරවය අන්තවාදීන්ගේ හස්තයට ගොදුරු නොකිරීමේ වගකීම රටක නායකයා සතු වගකීමකි.ඉතා දුශ්කර වුවත් මෙවැනි විකල්පයක් වෙත අප ගමන් කිරීමට අපොහොසත් වුවහොත් කිව හැක්කේ නිශ්චිත ලෙසම කවරකු බලයට පත් වුවද අප ගමන් කරන්නේ ආපස්සටම බවය.

කසුන් ප්‍රනාන්දු.
20/10/2014

”චේ කෝ…” සහ තවත් කතා – පශ්චාත් යුද සමාජය කෙටි කතාව තුලට

Che Ko Saha Thawath Katha Anurasiri Hettige -Review

“චේ කෝ සහ තවත් කතා” අනුරසිරි හෙට්ටිගේ මහතාගේ දෙවන කෙටි කතා සංග්‍රහයයි.වර්තමානයේ ජීවත් වන මිනිසා කතුවරයා හදුන්වා දෙනු ලබනුයේ ඉතා අපුරූ ආකාරයකටය.”මගේ යුගයේ මා සමග වෙසෙන්නේ පශ්චාත් යුද ජයග්‍රහණයේ මිනිසෙකි;පෙර නොවූ විරූ වැනිය;ඔහු තමන්ගේ ජානගත අපේක්ශාවක ජයග්‍රහනයක් සාක්ෂාත් කරගත්තෙකි. ඔහු තව දුරටත් සමාජයේ කටයුතු පාලනය  කරන්නෙක් නොවේ;ස්ථාපිත යමක් රකින බහිරවයකු වැනිය;ඇස් පෙනුනද නොපෙනෙන්කි;සවන් තිබුනද බිහිරෙකි;සමාජ ඉතිහාසය ගැනත් එහි ස්වභාවය ගැනත් හොදින් දනිතත් දේශානුරාගී නාමධාරී සෑම සියලු ක්‍රියාරකමක්ම අවිචාරයෙන් අදහන්නෙකි;ජාතිය පිළිබද විකල් අභිමානයක් දරන්නෙකි” (පෙරවදන පිට xiii/ ivx) මෙම සුවිශේෂි පුද්ගලයාගේ චර්යා රටා කෙටි කතා සංග්‍රහය තුලින් ඔහු මැනවින් ඉස්මතු කොට දක්වයි.පශ්චාත් යුදවාදී සමාජයේ මිනිසා අවසානයේ ගමන් කරමින් සිටින්නේ කොතැනටද යන්න කතුවරයා තම කෙටි කතා හත ඇසුරින් ඉතා වියුක්තව දක්වා සිටී.මෙරට නවකතාව අද වන විට ප්‍රබල මාධ්‍යක් වුවද මෙම කෙටි කතා සංග්‍රහය තුල පාඨක සිත් සතන් තම කතා තුලම රදවා ගැනීමට කතුවරයා දක්වන්නා වූ සුවිශේෂි බව විශිෂ්ඨය.

මෙහි එන කෙටි කතා අතර මා දකිනා සුවිශේෂිම කතාව වන්නේ “ගැහැනු ලමයාගේ” දවස කතාවය.අනාගතයේ සිට අතීතය දක්වා තම කෙටි කතාව විහිදුවමින් කතුවරයා ශ්‍රි ලාංකික සමාජයේ සුවිශේෂි පැතිකඩක් වන ඇගලුම් කර්මාන්තයේ සේවයේ යෙදෙන ස්ත්‍රින් ගේ ජීවිතයේ යතාර්ථය පාඨකයා අඹිමුවෙහි තබන ආකාරය ඉතා අලංකාරය. එම යුවතිය රාජ්‍ය නොවන සංවිධානයේ නියෝජිතයා අතර අතිවන ලිපි සංවාදය එම යුවතියගේ සිතුවිලි හදුනා ගැනීමට කියවන්න වෙත කරනා ආරාධනයක් වැනිය.අවසානයේ ඇයගේ ප්‍රතිචාරය තරමක් රළු වුවද එය ඉතා යථාර්තවාදීය. මන්ද බොහෝ රාජ්‍ය නොවන සංවිධාන ගැටලු හදුනා ගන්නා නමුත් ඊට විසදුම් දීමෙහි නොහැකියාව මහ පොලවේ යථාර්තය වන බැවිනි.
“අපිට පිහිට වෙන්නයි කියල මෙහෙ කන්තෝරු අටව ගෙන හිටියට ඔගොල්ලන්ට කරන්න පුළුවන් කෙහෙල්මලක් නෑ.දවස ගානෙ ම අපේ කෙල්ලෝ පිරිමින්ගේ කාලකන්නි ආශාවන් පස්සේ වැටිලා අතරමන් වෙනවා.ඒත් මට බෑ මගෙ ජීවිතේ එහෙම අයාලේ විනාශ වෙන්න ඉඩ හරින්න.මේක මගේ ජීවිතේ.මං මගේ ආශාව මත්තේ හැපිලා මැරෙනව.මං මගේ තරුණකමට වටිනාකමක් හොයනවා. ඒක මට කවද හරි හම්බ වේවි.”(පිට 44)
අවසානයේ ඇයට ඇය සෙවු වටිනා කම ලැබේවිද?

13+ කතාව තුල තේමාව වන්නේ වර්ථමාන දේශපාලනයේ විපරීත භාවයයි. වර්තමානයේ දේශපාලකයා මහජනතාව ඉදිරියේ අනෙක විද තර්ක විතර්ක ඉදිරිපත් කලද ඔවුන්ගේ ඇතුලාන්ත ජීවිතයේ එන විපරීත බව මෙහි දක්වා ඇති ආකරය ඉතා රසවත්ය. තවද ඒ සදහා ඔහු යොදා ගන්නේ 13 ව්‍යවස්ථාව අරබයා ඇති වූ සංවාදාත්මක තත්වයයි. එම සංවදාත්මක තත්වය පසුබිමෙහි තබා දෙශපාලනයේ විපරීත බව ඉදිරිපත් කර ඇති ආකාරය ඉතා විශිෂ්ඨය.
“-දහතුන ඉවත් කරන තුරු අපි දිවි හිමියෙන් සටන් කරනවා.. ඇමති කියයි –
පත්තරය බලමින් සිටි පොඩි මල්ලිගේ මූණෙ ඇදුනේ උපහාසාත්මක සිනාවක්. අම්මපා මුංට නං පිස්සු. තර්ටීන්! දහතුන! හැබෑට ඒකිට දහතුන පැන්නා විතරයි වෙන්න ඇති. තර්ටීන් ප්ලස්! ෂා දහතුන.” (පිට 60)

අපරාධකරුවකුගේ පාපොච්චාරණය තුල වාමාංශික දෙශපාලනයේ එක් පරිච්චේදයක කතාව කතුවරයා එහි කේඩරයකු තමන්ගේම ඇතුලාන්ත සිතත් සමග කරනා පාපොච්චාරනයක් ලෙස ඉදිරිපත් කිරීමේදී ඒ සදහා යොදා ගන්නා රූපක ඉතා අලංකාරය.සැමට සමානත්මතාවය ලබා දීම වෙනුවෙන් ඉදිරිපත් වූ එම ව්‍යාපාර අවසානයේ නතර වූයේ කොතැනද යන්න අද අපට ඇති ගැටළුවයි.සකල දේශ වාසී නිර්ධනයනි යන පාඨය තුලට තම රටෙහිම පීඩනයට ලක් වූ ජාතියකගේ අදෝනාව මගහැරීමම කවර නම් උත්ප්‍රාසයක්ද? එය එසේ වුවත් එහි කේඩරයාට පවා අවසානයේ අත් වූ ඉරනම කෙබදුද? නායකත්වය දක්වා ගෙන යන දුර ඔහේ ගොස් අවසානයේ හඩා වැලපීම උරුම කර ගන්නට සිදු වීමම අප නැවත හැරී බැලිය යුතු තත්වයකි.
“දේශප්‍රේමය එහි ස්වභාවයෙන්ම ජාතීන් අතර බෙදීමක් සලකුනු කරනවා නේද? එත් මේ මිනිහා කියන්නේ වෙනත් කතාවක් “ඇත්ත..දේශප්‍රේමය ජාත්‍යන්තරවාදය කරා යාමේ මගයි කියලත් සහෝදරයා අහල නැද්ද… මේ වෙලාවේ අපිට ඒ මග තෝර ගන්න වෙනවා… ඒක සමාජවාදයට යන අපේ මාවත එළි -පෙහළි කිරීමක් වේවි.. කියලා මිනිහා මගේ හිත සන්සුන් කළා.”(පිට 67)

නිර්ධන පන්ති ව්‍යාපරයේ සුරුවමක් බදු මහා වීරයකු වන “අර්නස්ටො චේ ගුවේරා” සංකේතය අද ඇත්තේ කොතැනද?අද වන විට එම සංකේතය ඔහු විසින්ම අරගල කරන්නට යෙදුනු ධනේශවරයේම තවත් එක් සන්නම් නාමයක් (brand) බවට පත්ව තිබීම කවර නම් ඛේදවාචකයක්ද? ශ්‍රි ලංකාව තුල පවා ඔහුගේ සන්නාම ඡායාරූපය ත්‍රි රෝද රථයේ සිට අවන්හල් දක්වාම අලෙවි වීම දැක ගත හැකිය. මෙහි එන චේ කෝ නම් කතවේ බොහෝ තැන් වල එන “චේ ඔබ කොහිද ?, එහෙනම් චේ කෝ,එතකොට චේ කෝ ලෙස විවිධ ස්ථාන වලදී සැබවින්ම චේ කොහෙද යන්න පාඨකයා ගෙන් ප්‍රශ්න කර දක්වා සිටී. මේ සදහා ඔහු යොදා ගන්නා පුද්ගල චරිතයේ නමද ඉතා සුවිශේෂි වේ.”කීර්ති විජයබාහු” නම් එම නම අද සමාජයේ බොහෝ දෙනා නොහදුනනා නමුත් ඔහුගේ පරපුරට නම් එය අමතක නොවනවාට සැකයක් නැත.ශුද්ධ වූ සියල්ල වැනසෙන බව කාල් මාර්ක්ස් කීවේ  මීට බොහෝ අතිතයේදීය. එය කොතරම් දුරට යතාර්ථයක් ද යන්න මෙම චේ කෝ නම් කෙටි කතාව තුලින් අප හට අත් දැකිය හැකිය.

ඒ හා සමානම තවත් කතාවක් වන්නේ සිංහ විලා නම් වූ කතාවය. මේ කතාව ඔස්සේ කතුවරයා ධනෙශ්වරයේ සමාජ ව්‍යපර්යාසය මැනවින් ඉස්මතු කොට දක්වයි.සාම්ප්‍රදායක රදළ පවුලක වර්තමාන පුරුක තම දිවි පෙවෙත ගෙන යන ආකාරය එහි පැරණි වාසින් හට අපුලක් වුවද මේ යුගයේ ජීවත් වන්නවුන්ගේ තේමා පාඨය වන්නේ “බල්ලො මරලා හරි සල්ලි හොයන්න” යන්න යථාර්තයයි. සිංහ විලා අවසානයේ සුනඛ විලා වන අයුරු ඉතා රසවත් ලෙස ඉදිරිපත් කරනා කතුවරයා මේ දුර්දාන්ත ක්‍රමය දෙස නැවතත් හැරී බලන ලෙස පාඨකයාගෙන් ඉල්ලා සිටී.නැති නම් සිංහ සෙයියාවෙන් කටමැත දෙඩවුවද බලු වී ජීවත් වීමට සිදු වන බව නම් වැලැක්විය හැකි යථාර්තයකි. එය අප හට නොපෙනෙන්නේ අපගේම මුග්ධ බාවය මිස අන් කිසිවක් නිසා නොවේ.
“මං හිතා හිටියේ පුතාව දිසාපති කෙනෙක් කරන්න.. අපේ පුතා සල්ලි හම්බ කරන්න මොනව ද නොකරන්නේ හාමිනේ… මාළු පැටව් විකුණනවා… ඇයි මල්… ඉඩකඩම් විකුණනවා.. වාහන විකුණනවා… අර බල්ලො දෙන්නා පට්ටි දාලා හම්බ කරනව….මොකටද හාමිනේ…(පිට 111)

ඉතා රසවත් විවිධ වූ රසවත් තේමා වලින් යුතු මෙ කෙටි කතා හත තුල එක් සුවිශේෂි ලක්ෂණයක් වේ. එනම් අප ජීවත් වන පශ්චාත් යුද සමාජයේ මිනිසාගේ ජීවිතය කතුවරයා කතා ගත කොට ඇති ආකාරයයි. මෙය සැබවින්ම අප ජීවත් වන මේ සමාජය නොවේදැයි විවෘත මනසකින් සමාජය දෙස බලනා කා හට වුවත් වැටහෙන නමුත් බහුතරයකට එය නොදැනෙන්නේද මේ ක්‍රමයේ වරදින්මද?, අප නැවත අප තුලටම හැරී බලමු.

කසුන් ප්‍රනාන්දු.
27/09/2014
Photo : Boondi.lk

ජීවිතයේ ප්‍රබෝධය හා මරණයේ අසිරිය -පොතක් ගැන

 

 DSC_0357

ජීවිතය තිබෙන්නේ ජීවත්වීමටය.ශ්‍රි ලාංකික සමාජයේ ජීවත් වන මිනිසා හුදෙක්ම ජීවත් වන්නේ දහසකුත් එකක් ප්‍රශ්න හා ගැටෙමින් ජීවිතය විඳවමිනි.මෙයට මූලිකම හේතුව වූයේ අප අද ජීවත් වන සමාජය වෙත අප පසු කරමින් පැමිනියේ එක දිගට දීර්ඝ කාලයක් පුරා පැවති ප්‍රච්ණ්ඩ සමාජ ක්‍රමයක් පසුකරමිනි.එකී සමාජය අපට උරුම කර දී තිබෙන්නේ ජීවිතය ජීවත් කරනවා වෙනුවට ජීවිතය විඳවමින් ජීවත් වීමටය. බොහෝ විට තම ජීවිතය විඳවීම තුල ඉන් පීඩා විදින්නේ තමා පමනක් නොව තම ජීවිතය හා බැදුනු වුන් හටද ජීවිතය විදවීමට සිදුවේ.දශක තුනකටත් අධික කාලයක් පුරා දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස කීර්තියට පත් වික්ටර් අයිවන් මහතාගේ “ජීවිතයේ ප්‍රබෝධය හා මරණයේ අසිරිය” කෘතිය ජීවිතය දෙස නවමු දැක්මකින් බලන්නට පාඨකයා හුරුකරවන්නකි.මේ කෘතිය සඳහා පාදක වී ඇත්තේ මේ විශය අරඹයා ඔහු විසින් රාවය පුවත්පතට ලියන ලද ලිපි පෙළක් හරහා ඇති වූ සංවාදයයි.පරිච්ඡේද දහයකින් යුතු මෙම කෘතිය පරිශීලනය කරන්නාට ජීවිතයේ හමුවන විවිධ ප්‍රශ්න වලදී වඩා හොදින් ඊට මුහුන දිය යුතු අයුරු විග්‍රහ කරවන්නකි.කතුවරයා ඒ සදහා පාදක කරගනුයේ ඔහුගේ ජීවිත අත්දැකීම් මෙන්ම ලොව ජීවත් වූ සුවිශේෂි පුද්ගලයන් ඊට දක්වන ලද ප්‍රතිචාර ආශ්‍රය කරගනිමිනි.

මෙහි පලමු පරිච්ඡේද කීපය හරහා ඔහු උත්සහ කරනු ලබන්නේ යුග දිවිය ආශ්‍රයෙන් ඇතිවන ගැටළු වලදී පුද්ගලයන් ඊට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද යන්න විග්‍රහ කිරීමටය.මෙහිදී ඔහු ජීව විද්‍යාත්මක කරුණු මෙන්ම ප්‍රායෝගික තලයේ ඇතිවන කරුණු පවා විග්‍රහ කොට ඇත.අඹු සැමියන් අතර විශ්වාශය ඇති කර ගැනීම නැන්දම්මා ලේලි ගැටුම් වලදී මුහුන දිය යුතු ආකාරය, එමෙන්ම මෙහි සුවිශේෂි තත්වය වන්නේ දරුවන් හා දෙමාපියන් අතර සම්බන්ධය ගොඩනැගීම වැනි අතිශය සංකීර්ණ ප්‍රශ්න පවා ඉතා සරල ලෙස විග්‍රහ කර තිබීමය. මේ කෘතිය පුරාම දැකිය හැකි තවත් සුවිශේෂි ලක්ෂනයක් වන්නේ ජීවිතයේ එන ප්‍රශ්න හමුවේ බුද්ධියට මුල් තැන් දී නොපෙනෙන බලවේග වෙත ගොස් ප්‍රශ්න වැඩි වර්ධනය වන තත්වයන් වලක්වාලීමය.මන්දයත් බොහෝ ජීවිතය අරඹයා ලියන ලද කෘති කෙලවර වන්නේ මිනිසා තව දුරටත් නොපෙනෙන බලවේග වල ගොදුරු බවට පත් කිරීමය.විශේෂයෙන්ම කුඩ කල සිට දරුවන්ගේ ලෝකයට වර්ගවාදී, ආගම්වාදී පටු සීමාවන් ඉවත් කර සෑම පුද්ගලයෙක්ම සමාන මනුෂයන් ලෙස සැලකිය යුතු ආකාරය ඉතා වියුක්තව දක්වා තිබේ.

මෙහි මා වඩා සිත් ගත් පරිච්ඡේදය වූයේ “ජීවිතයට වීරයකු අවශ්‍යද?” යන කොටසටය.එම පරිච්ඡේදය තුලින් අයිවන් මහතා බොහෝ පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ඔවුන්ගේ වීරයන් හරහා අපට විග්‍රහ කර දන්වයි. ඔහුම දක්වා ඇති ආකරයට  “කෙනෙකුට පරමාදර්ශී වීරයකු සිටින විට ඒ වීරයා ඔහුගේ ජීවිතය කෙරෙහි බලපායි.තමන්ගේ පරමාදර්ශී වීරයාගේ ජීවිතය අනුගමනය කිරීමට අනුගාමිකයා කැමතිය.අනුගාමිකයාගේ පුරුෂාර්ථ කෙරෙහි වීරයා බලපායි.” (පිට 74) එමෙන්ම ඔහු පරමාදර්ශී වීරයන් වන්දනාමාන කරනා තත්වයට යා නොයුතු බවද දන්වා සිටී.මන්දයත් සියලු පරමාදර්ශී වීරයන් මනුෂ්‍යයන් වන බැවින් ඔවුන්ගේ අඩු පාඩු ඇති බව වටහා ගත යුතු නිසාය.මෙම කොටසේ තවත් සුවිශේෂිත්වයක් වන්නේ ලාංකීය සමාජය කෙරෙහි තීරණාත්මක ලෙස බලපෑ පුද්ගලයන් දෙදෙනා වන විජේවීර සහ ප්‍රභාකරන් යන දෙදෙනා වීරවරයන් ලෙස සැලකූ සමාජ තීරුවට අත් වූ ඉරණමද ඉතා වියුක්ත ලෙස දක්වා ඇත.

මෙම කෘතිය තවත් සුවිශේෂි කොටසක් වන්නේ “801 වැනි මිනිසා” පරිච්ඡේදයයි. එහිදී කතුවරයා වර්තමානයේ ජීවත් වන මිනිසාට ඇතිවන අභියෝග හා විශේෂයෙන්ම නව ගෝලීය සන්දර්භය හමුවේ පුද්ගලයා හුදු දූපත් මානසිකත්වයෙන් මිදී ගෝලීය පුද්ගලයෙකු ලෙස දිවි ගෙවිය යුතු බව දක්වා සිටී. මෙහිදී අනුඡේද යටතේ මිත්‍යා විශ්වාශ, ආගම,මනුශ්‍ය වර්ගයා,ලංකා ඉතිහාසය හා යටත් විජිතවාදය, ආහාර සම්ප්‍රදායන් හා නව ලෝක රටාව යන තේමා යටතේ 801 වැනි මිනිසා තම ජීවිතය පවත්වා ගත යුතු ආකාරය දක්වා තිබේ. 

පවුල් ආරවුල් හා දරුවන් දීග දීම යන කොටස් දෙක මෙම කෘතිය වර්ණවත් වීමෙහිලා බලපානා කොටස් දෙකකි.පවුල් ආරවුල් හරියාකාරයෙන් කලමනාකරණය කර ගත නොහැකි වීමෙන් මහා ඛෙදවාඡකයන්ට මිනිසුන් හට මුහුණ දීමට සිදුවන අයුරු මින් උදාහරණ සහිතව දක්වා තිබේ.එමෙන්ම මෙම පරිච්ඡේදය තුල ලොව විශිෂ්ඨතම විද්‍යාඤයා ලෙස සැලකෙන අයිසැක් නිව්ටන් හට තම දෙමාපියන්ගේ පවුල් ජීවිතයේ අර්බුද නිසා ඇති වූ කම්පනය හෙතු කොට ගෙන බ්‍රහ්මචාරියෙකු ලෙස මුලු ජීවිතයම ගත කල ආකරය උදාහරණ ලෙස දක්වා තිබේ. එමෙන්ම පවුල් ආරවුල් සදහා උදාහරණ ලෙස මහා ගත්කරු ලියො ටොල්ස්ටොයි ගේ “ඇනා කැරනිනා” නවකතාව සාරාංශ කොට දක්වා ඇති ආකාරය ඉතා රසවත්ය.එමෙන්ම මෙහි දරුවන් දීග දීම පිලිබද ඉතා වැදගත් ලිපියක් ඇතුලත්ය. ජීවිතයේ නිසි වයසට කල යුතු දෑ කල් තැබීමෙන් මනුෂ්‍ය ජීවිතය අර්බුදයට යන අයුරු මෙන්ම ජොතිෂ්‍ය වැනි මිත්‍යා විශ්වාශ හේතු කොට ගෙන බොහෝ දෙනෙක්ගේ ජීවිත අවුල් කල ඇති ආකාරය වික්ටර් අයිවන් මහතා විශිෂ්ඨ ලෙස දක්වා ඇත.මෙහි “මිනිසුන් ගේ ඉරණම ග්‍රහතාරකා වලට බැද තැබු ජොතිෂ්‍යට තිබු පිලිගැනීම නැති භංග කිරීම ආරම්භ කලේ එක විට ජොතිෂ්‍ය ශ්‍රාස්ත්‍රර්තයෙක් වූද විද්යාඤයෙක් වූද කොපර්නික්ස් විසිනි”.(පිට 143). නමුත් කණගාටුවට කරුණ වන්නේ අද වන විට අප ගමන් කරමින් තිබෙන්නේ කොතැනකටද යන්නය.

කෘතියේ අවසාන භාගය පුරාම ඔහු අවධානය යොමු කොට ඇත්තේ වියපත් වීම හා මරණයේ අසිරිය වෙතය. විශ්‍රාම ගැනීමෙන් පසු මරණය දක්වා කාලය මිනිසකු කලමනා කල යුත්තේ ඇයිද යන්න මෙම පරිච්ඡෙද දෙක තුලින් කතුවරයා මනාව දක්වා ඇත.වයස  කොපමණ වුවත් අලුත් දෙයක් ඉගෙන ගැනීමට වයස බාධාවක් නොවන වග ලොව ප්‍රකට උදාහරණ ගෙන හැර දක්වමින් ඔහු විස්තර කර ඇති ආකරය ඉතා විශිෂ්ඨය.එමෙන්ම විශ්‍රාම ‍යාමෙන් පසු ආර්ථිකය කලමනාකරණය කර ගත යුත්තේ කෙසේද හා එසේ නොවීමෙන් ජීවිතය අර්බුදයට යන ආකාරය කතුවරයා ඉතා දක්ෂ ලෙස පෙන්වා දී ඇත.අසිරිමත් මරණය කොටස මෙම කෘතියේ විචිත්‍රත්වය ත්‍රීව කරන්නකි.මරණය තේරූම් ගෙන ඊට මුහුණ දිය යුතු ආකාරය ඉතා සරල ලෙසත් ලොව ප්‍රකට ශ්‍රේෂඨ මරණ උදාහරණ කර ගනිමින් කතුවරයා විස්තර කර තිබේ. තවද වයස්ගත වීම හෙතුවෙන් අන්දානුභාවයෙන් ආගමික විශ්වාශයන් පසුපස යාමේ ආදීනව කතුවරයා ඉතාමත් විශිෂ්ඨ ලෙස දක්වා ඇත. මරණය පිලිබද ග්‍රීක දාර්ශනික එපිකියුරස් ගේ ශ්‍රේෂඨ කියමනක් මෙසේය.”මරණය වනාහි මට වැදගත් දෙයක් නොවේ.මන්ද මා ජීවත්ව සිටින විට මරණයක් නැත.මරණය ආ විට මා ජීවත් වන්නේ ද නැත.”

ජීවිතය ජීවත් කරවීමට හරසුන් දේ කරමින් ජීවිතය ආපයක් කරගන්නවා වෙනුවට ජීවිතය වඩාත් යහපත් ලෙස ගෙවා දැමීමට පාඨකයා උනන්දු කරවන මෙම කෘතිය වික්ටර් අයිවන් මහතාගේ පරිනත භාවයට හොදම සාක්ෂියකි.

කසුන් ප්‍රනාන්දු.
31/08/2014