Cuba and Cameraman | 2017 | US

වාර්තා චිත්‍රපටයක් සාමාන්‍යයෙන් ගොඩනැගෙන්නේ සිදුවීමක් අර්ඹයා වුවත් මේ චිත්‍රපටය විශේෂ වන්නේ මෙය දශක 5 කට අධික කාලයක් කියුබාව හරහා කල පැය දහසකටත් අධික රූගත කිරීම් අතරින් නිර්මාණය කල චිත්‍රපටයක් වීමය.

Jon Alpert නම් ඇමෙරිකානු වාර්තාකරු තමා විසින්ම කැමරාකරමින් කියුබානු විප්ලවීය නායක Feidel Castro සමග සමීප සම්බන්ධයක් පවා ගොඩ නැංවීමට සමත් වෙනව. ඔහු 1979 ෆිදෙල් සමග නිව් යෝර්ක් නගරයට එක්සත් ජාතින්ගේ සමුළුව ආමන්ත්‍රණය කරන්නට පවා පැමිණෙනවා.

මේ චිත්‍රපටය හරහා කියුබාව තුල සිදු වූ ආර්ථික හා සමාජ පරිවර්තනය අපිට ඉතා හොදින් දකින්නට ඉඩ සලසවන්නේ ඔහු විසින් ඇසුරු කරන ලද පවුල් කීපයක් හරහා. ඒ සියලු දෙනා 1970 දශකය වන විට විප්ලවය විසින් ආරම්භ කරන ලද ප්‍රතිසංස්කරණ හා මුල් යුගයේ පැවති සංවර්ධනය නිසා ඉතා හොදින් ජීවත් වෙමින් අනාහතය ගැන සුබවාදී බලාපොරොත්තු ගොන්නකින් පසුවනවා. නමුත් කාලයත් සමග ලෝක සමාජවාදි කදවුර නැගෙනහිර යුරෝපයේ බර්ලින් තාප්පය බිදවැටීමත් සමග විනාශ වීම කියුබානු ආර්ථිකයට එල්ල කරන්නේ මරු පහරක්. විශේශයෙක් 1990 සිට 2000 දක්වා කාලය. ලෝකය වේගයෙන් තාක්ශනයත් සමග දියුණුවෙමින් පවතින යුගයක කියුබාවේ රෝහල් වල අත් වැසුම් පවා නැවත ඉරී යන තුරුම නැවත නැවත පාවිච්චියට ගනු ලබනව. වසර 2000 පසු සංචාරක ව්‍යාපාරය හවානා නගරයට යම් නවමු අත් දැකීමක් ලබා දුන්නද එය ගම්බ්ද තත්වය කිසිදු වෙනසකට ලක් කරන්නේ නෑ. විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය නිසා ඊට අවශ්‍ය සේවා සපයන්නන් බහුතරය වෘත්තිකයන් වීම මගින් කියුබානු ආර්ථිකයට අත් වූ ඉරණම අපිට හිතා ගත හැකිය.

චිත්‍රපටය තුල කියුබානු විප්ලවීය නායකයාගේ ජීවීතය තුලින්ද ඒ කඩා වැටීම අපිට දකින්නට පුලුවන්. ජවසම්පන්න ෆිදෙල් කැස්ත්‍රෝ යනු 1970-1990 දක්වා ලෝක සමාජවාදී සිහින දකින්නන්ගේ සිහින වීරයෙක්. ඔහුගේ හැසිරීම වාග් විලාශය මේ සියල්ල ඔහු කරමින් සිටින්නේ ලෝක ධනාවදී බලවතාගේ රට ආසන්නයේ සිටයි. නමුත් 1990 පසු ඔහුගේ ජ්‍යාත්‍යන්තර සහකරුවන්ගෙ බිදවැටීමත් සමග ඔහුත් ක්‍රමයෙන් කඩා වැටෙනව. ප්‍රතිරූප වන්දනාව සමාජවාදයේ බහුලව පවතින්නක්. මෙහි කතා නායකයා ෆිදෙල්ගේ 80 ජන්ම දිනයෙ වෙනුවෙන් පැවැත්වෙන දැවැන්ත රැලියට සභාගි වුවත් එදින බලාසිටින දහස් ගණන් ජනයාට ෆිදෙල් දැක ගන්නට ලැබෙන්නෙ නෑ.

2016 ෆිදෙල්ගේ මිය යෑම මේ චිත්‍රපටයේ අවසානයයි. කවුරුන් කෙසේ කීවත් දහස් ගණනින් කියුබාව හැර ගිය මිනිසුන් හිටියද කියුබානු විප්ලවවාදී නායකයාගේ අවසාන කටයුතු සිදු වන්නේ මහත් ගෞරවයෙන් හා මහා ජන සභාගිත්වයකින්. මෙහි උත්ප්‍රාස ජනක අවස්ථාව වන්නේ එක් පියෙක් කොකාකෝලා කැප් එකක් දමා සිටින තම පුතාට පවසන්නේ දැන් කියුබානු විප්ලවය ආරාක්ශා කිරීම ඔබේ වගකීමක් බවය. මෙය සත්‍ය ලෙසම සිදු වූවක් ද නැතහොත් සැලසුම් සහගත පටිගත කිරීමක්ද යන්න දන්නේ Jon Alpert පමණි. නමුත් කියුබාව තුල සිදුවූ මානව හිමිකම් උල්ලංඝණයන් නිර්මාණය කරුවා කිසිදු ලෙසකට තව අවධානය යොමු නොකිරීමද විශේෂ තත්වයකි.

©️ Kasun Fernando | 28.06.2023