තී හා තා | සුරත් ද මැල් | 2019

මනුශ්‍යයන් වන අපි කිසිවෙක් සුදු හෝ කලු ලෙස වර්ග කොට දැක්වීම කිසිසේත්ම කල නොහැක්කක්. ප්‍රේමය සම්බන්ධයෙන් ගත් කල පවා එය එසේමය. අපි හැමෝම කිසිවෙකුටත් නොකියන කතා අපි ඇතුලෙම තියෙනවා. ඒවා ආකරයෙන් සගවා තබා ගන්නේ ඉන් අපේ ඇතුලේ සිටින සත්වයා කිසිවෙකුටත් නිරාවරණය කිරීමට අපි තුල පවතින නොකැමැත්ත නිසාවෙනි.

සුරත් මැල් ගේ තී හා තා කතාව තුලින් ඔහු අපට අප තුලම සඟවා ගෙන ජීවත් වන සත්වයා අපටම මුණ ගස්සවන්නට සලස්වා තිබෙනවා. මොහොතකට මේ ඉදිරිපත් කරන්නේ මගේ කතාවමද කියා සිතෙන තරමට කතාව අව්‍යාජත්වයෙන් ඉදිරිපත් කිරීමට ඔහු සමත්ව තිබෙනවා.

හා කියල ඇවිත් දැන් මොකද විකාර කරන්නේ ? “

එදා නාටකයේ පලමු විවේකය ආකරයට නොසිතු වෙලාවක.

එතැන ඉදන් ගාලු පාරට එනතෙක්මත් බසයේ නැගී මොරටුවට ලඟාවනතෙක්මත් මගෙන් ඇයට ලැබුනේ බැනුම් විතරයි. මගේ ආශාව ඉශ්ඨ කරගන්න ඉඩ නොදුන් තරහට. ආදරය පරදා නැගුණු ආශාවකින් මගේ ගත සිත උමතු වෙලා. දිව්‍යා කතා කලේම නෑ. මම වළිගේ පාගාගෙන දඟලන්නේ ඇයි දැයි ඇය දන්නවා. මම වැලපෙන්නේ මා නිසා මිසක ඇය වෙනුවෙන් නොවන වගත් දන්නවාං ඇගේ නිහඬ බව මට සැරෙන් පිළිතුරු බැන්දා. මම තව තවත් කුපිත වුණා. අවශ්‍ය ආකාරයට ඇගේ ස්ත්‍රී බව පරිභෝජන කරන්න නොලැබීම, දරාගන්න තරම් මට සංයමයක් තිබුනේ නෑ. “

( පිටුව 126)

මෙම කතාවේ එන තවත් සුවිශේෂීම කරුණක් වන්නේ එහි භාවිතා වන භාශාව. ඉතාම ලිහිල් බසකින් ලියවී ඇති මෙහි භාවිතා කරන හාස්‍යාත්මක වදන් නිසා එක එල්ලේ කියවා ගත හැකි අපූරූ කතාවක් ගොඩනංවා තිබෙනවා.

විනාඩි දහයකින් විතර අරක්කු කාල අමුවෙන්ම ආමාශගත කලා. “දිව්‍යා අද ඔයා වෙනුවෙන් මම බිව්වා. දවසක ඔයා වෙනුවෙන් මම මේක නවත්තනවනා නා ප්‍රකාර සිතුවිලි විවෙකයක් නැතුව මගේ ඔලුවට ගලා ආවා වේගයෙන්. මම ක්‍රිකට් තරගයට අවධානය යොමු කරන්න හිතුවා වෙලාවකට පස්සේ. සිතුවිලි වලින් බේරිල්ලක් නැති නිසා. මෙන්න චමින්ද වාස් හෙමින් ඇවිද ගිහින් දඟ පන්දු යවනවා. මම ඇස් ලොකු කරල බැලුවා. පන්දුව නෙවෙයි රූපවාහිනීය දඟකැවෙනවා. මම නැඟිට්ටා. තනි පයින් ඉන්න හැදුවා. බැරිත් නෑ. ආමරුයි. වාඩිවුණා. ටිකක් හිටියා. ලෝකෙම භ්‍රමණය වුණා. දුවගෙන ගිහින් සින්ක් එක පිරෙන්න වමනේ කළා. රූපවාහිනීය ඉස්සරහින් හාන්සි වුණා. නැගිටිනකොට මැච් එක ඉවර වෙලා. මම පැරදිලා.

( පිටුව 88 – 89 )

මෙය පුරුෂයකුගේ අව්‍යාජ ලියවීමක් ලෙස ගීත් ගේ කතාව ලියවී තිබුණත් විටෙක අපිට ඔහු දුශ්ඨයකු ලෙසද පෙනී ගියද, අවසානය අපිට ඔහු ඉතිරි කර තබා ඇත්තේ ජීවීතය පිළිබඳව වන අනිත්‍ය වටහා ගැනීමට ඉඩ සලසා දීමය. අවසානය අපිට ගීත් පිලිබදව මෙන්ම අපට අප්ගේ ජීවීතය මෙන්ම සබදතා ගැනද හිතන්නට ඉඩ ලබා දී තිබේ.

මා මුළු ජීවීතයම කැප කළේ ඇය වෙනුවෙන් නොව, ඇගේ රූපය තුල මා විසින් මනංකල්පිතව ගොඩනගා ගත් වෙනත් චරිතයක් වෙනුවෙන් යැයි නැවත සිතෙයි.මාද මා ලෙස දුටුවේ සැබෑ මම නොව, මනසින් ගොඩනගාගත්මට වෙන්නට උවමනා වූචරිතයයි. එහෙත් සැබෑ ලෝකයේ ගනුදෙනු කලේ මනස් චරිත නොවෙයි.

මගේ ආදර ලෝකයේ වැජඹුණු පාරිශුද්ධ චරිත දෙකට මම තවමත් ආදරෙයි. එහෙත් අද මට ඇය පිළිබඳව හෝ මා පිළිබඳව ආදරයක් හෝ අශාවක් උපදින්නේ නැහෑ. වෙනස් මගක ගිය අපි දෙන්නා එක රූපයක් ඇතුලේ මට පේන්නේ නෑ

( පිටුව 388)

@ Kasun Fernando 27 | 10 | 2020