
සියදිවි නසා ගැනීම බහුතරයක් අර්ථ දක්වන්නේ පලා යෑමක් විදියට. නමුත් අපිට කවදාවත් ඊට ගොදුරු වන පුද්ගලයාගේ කතාව හෝ ඊට හේතුව හරියටම දැනගන්න ලැබෙන්නේ නෑ. ඒක කියන්නට ඔහු නැති නිසා හැමෝම තමුන්ගේ පරිකල්පනය ඇතුලේ ඒකට නිර්වචන දෙන එකයි වෙන්නේ. ඒක සමහර විට ඒ පුද්ගලයාගේ මෙන්ම ජීවත් වන්න්නට පවා සිදු කරන අසාධාරණයක් වෙන්න පුලුවන්. වරතමානයේ සිය දිවි නසාගන්නාට පමනක් නොවේ ජීවත් වන්නාට පවා සිය දිවි නසා ගැනීමට උත්තේජනය සපයන පරිකල්පන ගොඩනැංවීමට මාධ්‍ය පවා ක්‍රියාත්මක වන ආකාරය අපිට අත්දකින්නට පුලුවන්.
අරුණ ප්‍රේමරත්න ගේ ‘ දවස් තුනක කතාවක් ‘ නවකතාවේ ප්‍රධානම චරිතය වන මාධව මීට අවුරුදු ගාණකට කලින් සිය දිවි නසාගෙන මිය යනවා. ඔහුගේ සමීපතමයන් පවා හරි හැටි නොදන්නා ලෙසට තමා මේක සිද්ධ වෙන්නේ. ඕස්ට්‍රේලියාවෙ වෙසෙන අසංක අවුරුදු ගාණකට පස්සේ ලංකාවට එනවා, ඔහු අද වන විට නවකතා රචකයයෙක්. අසංක කියන්නේ මියගිය මාධව ලගින්ම ඇසුරු කරපු මිතුරන් දෙදෙනාගෙන් කෙනෙක්. මොහුට අවශ්‍ය වෙනව මේ සිදුවීම නවකතාවකට ගොඩනගන්නට. නමුත් ඔහුට අවශ්‍ය මේක යතාර්ථවාදීව ලියන්නට. ඊට නිශ්චිත හේතුව දැනගන්නට. නමුත් කාලය විදියට ඔහුට ලැබෙන්නේ දවස් තුනක් විතරයි. ඔහු මේ දවස් තුන ඇතුලේ යාතාර්ථය සොයා ගන්නවාද, නැතිනම් ඔහු පරිකල්පනය මත මෙය ගොඩනංවනවාද යන්න මත කුතුහලයෙන් පාඨකයාට එක හුස්මට කියවා ගත හැකි ලෙස මේ කතාව ගොඩනංවන්නට ලේඛකයා සමත් වී තිබෙනවා.
මේ දවස් තුන ඇතුලේ මේ කතාව අපිට කියන අසංක ජිවීතය විනිවිද දකිමින් කියවන්නට උත්සහ කරනව. විශේෂයෙන්ම මේ කතාව ඇතුලේ මිනිස් සබඳතා ගොඩනංවා ඇති ආකාරය හරිම අපූරූයි. කිසිම මිනිස් සම්බන්ධතාවක ඇතුලත ගැන කිසිවෙක්ට පිටින් ඉදගෙන නිර්වචන ඉදිර්පත් කිරීමේ ඇති සංකීර්ණ බව මේ කෘතිය පුරාවටම එන සම්බන්ධතා ඔස්සේ අපිට අත්දකින්නට සලස්වා තිබෙනවා.
” ගෑනු මිනිස්සු අතරේ ඇති වෙන සම්බන්ධකම් හරි සංකීර්ණයි අයියේ. ඒවා ඉරි ගහල කොටු කරල වෙන් කරලා මෙන්න මේවා හරියි, මෙන්න මේවා වැරදියි කියලා කියන්න බෑ. මං ඒක අත් දැකීමෙන් දන්නවා. ඒ හින්දා මට තාත්තට සමාව දෙන්න පුළුවන්. “
( පිටුව 70 )
එක මොහොතක පවතින කිසිම දෙයක් අපිට කවදාවත් ආපහු අත්දකින්නට ලැබෙන්නේ නෑ. එය අතීතයට එකතු වන තවත් සිදුවීමක් විතරයි. එවන් සිදුවීම ගණනාවක් කාලයත් සමග අපට අපේ මතකයෙන් පවා ගිලිහී යනවා. මේ කතාව දවස් තුනක් ඇතුලේ ගොඩනංවල තිබුනාට කතාව පුරාම එන්නේ අතීතයේ සෙවනැල්ල. අතීතය වැඩක් නෑ කියල මිනිස්සු කොයි තරම් නම් කතාවට කිව්වත් අපි හැමෝම අතීතයේ මතක එක්ක ජීවත් වෙන්න ආසයි වගේම අපිට ඒ තරම් පහසුවෙන් ඉන් ගැලවෙන්නට ලැබෙන්නෙත් නෑ. කතාව කියවන්නා විසින් මෙහි කතා නායකයා වන මාධව ජීවීතය වගේම තමුන් හා මෙහි කතාවට සම්බන්ධ වන චරිත වල වර්තමාන ජීවීතයට අතීතය ගැට ගැහිලා තියෙන හැටි හොදින්ම ගොඩනංවන්නට සමත් වෙලා තියෙනවා.
” වලාකුලක් විසීරී යන්නා සේ වියැකී ගිය අතීතය ගැන වද වීමෙන් හෝ පසුතැවිලි වීමෙන් කිසිදු පලක් නැහැ. යලිත් ඒ නැති වී ගිය මොහොත, ඒ හැඩතලය ඒ අයුරින් අපිට අප වෙත පැමිනෙන්නේ නැහැ. එය සදාකාලිකව අතුරුදහන් වී ගොස් අවසන්. එහෙත් මේ මොහොත බදා වැළද ගත හැකි අයුරින්, තොල ගා රස විඳිය හැකි අයුරින් අප හමුවේ, අපේ දෑතට දැනෙන අයුරින්, ඝනව, උනුසුම්ව තිබෙනවා නොවේද ? අපට කළ හැකි වන්නේ අපගේ දෑත් මානයේ ඇති ඒ වර්තමානය තොල ගා රස විඳීම නොවේද ? එය තිත්ත රසයක් තිබුනද අනාගතයේ එය රසවත් වෙතැයි අපට බලාපොරොත්තු තැබිය හැකියි. අතීතය සම්බන්ධයෙන් කිසිවක් කරන්නට කිසිවෙකුට හැකියාවක් නෑ”
( පිටුව 213)
©️ KF | 18.03.2020