Pariyerum Perumal | 2018 | INDIA

Visarani බැලුවට පස්සේ ඒ හා සමාන ලෙස විදින්න පුලුවන් චිත්‍රපටයක් ලෙස තමයි Pariyerum Perumal මුණ ගැසෙන්නේ. මොකද චිත්‍රපටයේ විනාඩි කීපයකට පස්සේ අපිවත් නිර්මාණකරු විසින් වින්දිතයා බවට පත් කරවන්නට මේ සිනමා පට දෙකම සමත් වෙලා තියෙනව. Pariyerum Perumal ඇතුලේ සාකච්ඡා කරන්නේ අපි කවුරුත් කතා කරන්න අකමැති එහෙත් අපේ සමාජයේ පවා යටිපෙලින් ගලාගෙන යන නින්දිත කුල ප්‍රශ්නයක් එක්ක. ඒක දකුණු ඉන්දීය සමාජයේ දැවැන්ත ලෙස පවතින්නක්. ඒ වෙනුවෙන් මහත්මා ගාන්ධි හා අම්බෙඩ්කාර් වගේ අය ගත් උත්සහයන් නිසා යම් සහනයක් පැවතුනත් එය නිශ්චිත අවස්ථාවන් වලදී උඩට මතුවෙනවා.
පරි වටා තමා මේ මුලු කතාවම ගොඩනැගිලා තියෙන්නේ. ඔහු දුශ්කර පලාතක පහත් යැයි සම්මත කුලයක තරුණයෙක්. නමුත් ඔහු නීතීය හදාරන්නට නීතී විද්‍යාලයට එනවා. නමුත් ඔහුට තම සිහිනය කරා යන්නට එතරම පහසුවක් වන්නේ නෑ. එක් පසෙකින් ඉංග්‍රීසිත් අනෙක් පස තමුන්ගේ කුලයත් ඔහුගේ මේ ගමනට බධා කරනව. මෙහිදී ඔහුට මුන ගැසෙනව අපූරූ තරුණියක් ඇය මොහුට ඉංග්‍රීසි සම්බන්ධයෙන් ඇති බාධාව ඉවත් කරගන්නට උදව් කරන අතරේම ඔහුට ආදරයෙන් බැදෙනවා. නමුත් ඔහුට ඒ ගැන සිතන්නටත් මත්තෙන් තරුණියගේ පවුලේ අය සහ ඇය විවාහ වීමට යෝජීත තරුණය විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනවා. මෙහිදී තරුණියගේ පියා විසින් කරන ප්‍රකාශය මේ කුල ප්‍රශ්න වලින් මනුශ්‍යත්වය කොතරම් දුරකට පසුපසට ගෙන විත් තිබෙනවාදැයි අපට හිතන්නට ඉඩ සලසනවා. ඔහු කියන්නේ එකට ඉගෙන ගත් පමණින් තමන් යැයි සම ලෙස නොසිතන ලෙසය. චිත්‍රපටයේ තීරණාත්මක තැන තමා මෙතන. මෙතෙක් සියලු දේ විදදරා ගනිමින් සිටි පරි ඒ වෙනුවට සටන් වැදීම තෝරා ගන්නවා. නමුත් එය පවා ඔහුට කරන්නේ තවත් පීඩනයක් පමනයි. ඔහුට ඔහුගේ පියා රැගෙන එන ලෙස කරන පලමු අවස්ථාවේදී ඔහු කරන්නේ කුලියට කෙනෙක් රැගෙන ඒමය. මන්ද ඔහුට ඔහුගේ පියාව සමාජයට ඉදිරිපත් කිරීමට ඔහු බියවනවා. මන්ද ඔහු කාන්තාවක් ලෙස නැටුම් ඉදිරිපත් කරන්නෙකු නිසාය. නමුත් දෙවන අවස්ථාවේදී ඔහු විසින් තම සැබෑ පියාව ඉදිරිපත් කරනවා. මේ සදහා ඔහුට පණිවුඩය කියන්නට යන මොහොත හා ඒ සදහා යොදා ගෙන ඇති ගීතය තරම් දර්ශන පෙලක් නැතුව ඇති මනුස්සයෙක්ව shock කරන්න. අපිටත් පරි හඩා වැටෙන හැගීම දනවන්නට අධ්‍යක්ෂකවරයා වගේම සංගීත අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තිබෙනවා.මෙහි අවසානය Visaranai වල අවසානය වගේ නෙවෙයි. එය ඛෙදාන්තයකින් අවසන් වුවත් මෙහි අවසානය නිශ්චිත නෑ. තරුණියගේ පියා පවසන්නේ හෙට කුමක් විය හැකිදැයි කෙසේ කියන්නද කියාය.
චිත්‍රපටය පටන්ගන්නේ පහත tag line එක්ක.
” Cast and Religon are harmful to Humanity. “. මේක ප්‍රබල වගේම ප්රශ්නකාරී ප්‍රකාශයක්. නමුත් අධ්‍යක්ෂකවරයා සිනමා පටය අවසන් වුනාට පස්සේ අපේ ඔලුවට වද දෙමින් කියන්නේ ඒ ප්‍රකාශය කොයි තරම් සධාරණද කියලයි. මනුශ්‍යත්වයට නිගා කරන ආගමික කුල මතවාදයකින් සමාජයට ඇති දේ කුමක්ද ?. තම පලමු සිනමා කෘතිය මෙතරම් විශිෂ්ට එකක් ලෙස ඉදිරිපත් කරන්නට Mari Selvaraj ට මෙහි සංගීතයෙන් Santhosh Narayan දීලා තියෙන්නේ අපුරූම සහයක්. The hindu පුවත් පත් මේ පිළිබඳව කරබ විචාරය අවසන් කරන්නේ මෙහෙම කියලා.
“If there’s one film you’re watching this year, it has to be Pariyerum Perumal.”
Kasun Fernando 2019