වික්ටර් අයිවන් ගේ තිස් වසරක අභියෝගාත්මක මාධ්‍ය භාවිතය වෙනුවෙන් කෙටි සටහනක්…..

DSC_0041

අද දින  කොළඹ පැවති වික්ටර් අයිවන් මහතාගේ පුවත්පත් කලාවේ මෙහෙවර ඇගයීම වෙනුවෙන් පැවති සංවාදයට සහභාගි වීමෙන් පසු ඔහු වෙනුවෙන් සටහනක් කලකින් හෝ යමක් ලියනා මාගේ බ්ලොග් අඩවියේ සටහන් නොකලහොත් එය වෙනස් ලෙස මා  හට සිතන්නට මෙන්ම වෙනස් ලෙස ලෝකය දෙස බලන්නට මට ගුරු හරුකම් දුන් ඒ පුවත්පතේ මහා පුරුෂයා මා මග හැරිය වැනිය. තිස් වසරක් වන මගේ ජීවිතය තුල මාහට රාවය මුන ගැහෙන්නේ මගේ පියාගෙනි. රාවයේ ආරම්භක අවදියේ සිට එහි පාඨකයකු වන ඔහු නිවසට ගෙන එන මෙම සුවිශේෂි පුවත්පත කුඩා අවදියේ පටන් කියවීම කලෙමි. එහි අන්තර්ගතය පිළිබද අවබෝධයකින් තොරව වුවත් එය කියවීම මා ප්‍රිය කලේ එහි ඇති වෙනස් භාවයයි. එය නිවසේ ඇති අනෙකුත් පුවත්පත් වලින් සම්පූර්නයෙන්ම වෙනස් වීම එහි වූ සුවිශේෂි ලක්ෂණයයි.

ඇත්තෙන්ම එදා සිට අද දක්වාම රාවය පුවත්පත මෙරට විකල්ප පුවත්පත් ඉතිහාසයේ සුවිශේශිම සංධිස්ථානයයි. වසර තිහක් පුරා නොකඩවා අඛණ්ඩව පාලකයා වෙනුවෙන් ප්‍රශස්ථි ගී ගයමින් හෝ ඔහුගේ දේශපාලන මතය වෙනුවෙන් සිය පුවත්පතේ පිටු වෙන් නොකරමින් කටයුතු කිරීම එක් පසකින් දැලි පිහියකින් කිරි කෑමක් වැනිය. අද අපට මුන ගැසෙන්නේ ජනමාධ්‍ය වෙනුවට ජඩ මාධ්‍යයයි. ඒවායෙන් ඉදිරිපත් කරනා වැඩසටහන් සහ ලිපි රටක් ලෙස අප සිටින්නේ කොතනකදී දැයි අපට වටහා ගත හැකිය. ලාභය වෙනුවෙන් මෙන්ම සිය හිමිකරුවන්ගේ පුද්ගලික උවමනාව වෙනුවෙන්  මහජනයා වෙත ඔවුන් ඉදිරිපත් කරනුයේ ඉතා අසංස්කෘතික මාධ්‍ය භාවිතාවකි.එවන් වටපිටාවක් තුල රාවය සිය වගකීම නොපිරිහෙලා ඉටු කල බව කට පුරා අදත් කිව හැකිය.

මෙරට දේශපාලන සංදර්භය තුල වික්ටර් අයිවන් නාමය නොමකෙනා මතක සටහන් ඉතිරි කළ චරිතයකි. විටෙක ඔහු පවතිනා ක්‍රමය වෙනස් කරලීමට අවි අතට ගනී. පසුව ඔහුම එම 1971 කැරැල්ල නිර්දය ලෙස විවේචනය කරමින්, ගාන්ධි දර්ශණය සිය දර්ශණය ලෙස යොදා ගනී.පසුව ඔහු ආරම්භ කල පුවත්පත හරහා දේශාපලන මතයක් සමාජ ගත කිරීමේලා ඔහු පුරෝගාමි මෙහෙවරක් ඉටු කරනු ලබයි.එහි කූඨප්‍රාප්තිය ලෙස 1994 අප හට හදුනා ගත හැකිය. 1994 දී එවකට පැවති දුශිත මෙන්ම මර්දනකාරී UNP ආණ්ඩුව පෙරලා දැමීමේ ව්‍යපෘතියේ නියමු කාර්යයට ඔහු උර දෙනු ලැබීය. එම සුවිශේෂි සමාජ මෙහෙවර වෙනුවෙන් ඔහු වෙත ඉදිරිපත් කරනු ලැබු කිසිදු වරප්‍රසාදයක් හෝ තනතුරක් ඔහු ලබාගත්තේ නැත. 2015 දී අනෙකුත් පුදගලයන් සමාජ ප්‍රතිසංස්කරණ වලට මුවා වී තනතුරු ලබා ගත් ආකාරය සිහියට නගා ගන්න. ඒ වෙනුවට ඔහු එම චන්ද්‍රිකා ආණ්ඩුවේ නිර්දය පාලනය වෙත පෙරලා පහර දීම  තෝරා ගන්නා ලදි. එම වකවානුවේම මෙරට අධිකරණයේ ස්වාධීනත්වය මරා දමමින් චන්ද්‍රිකා මෙරට සිටි දුශිතම අගවිනිසුරු ලෙස සරත් සිල්වා පත් කරගනිමින්  ගෙන ගිය නින්දිත පාලන ක්‍රමයට එරෙහිව ඔහු ගෙන ගිය අරගලය එද මෙදා තුර මාධ්‍යවේදියකු සිදු කරනු ලැබු දැවන්තම අරගලය ලෙස හදුන්වා දිය හැකිය. එම පත්වීම ලබා ගනීම ඔහු වාර්තා කරනු ලැබු ආකරය පවා මෙරට සමාජය වික්ශිප්ත කරනු ලැබිය. පුද්ගලයකු එකවර විධායකයේ  මුල්පුටුව සමගත් අධිකරණයේ මුල් පුටුව සමගත් සටන් වැදීම මෙරට මාධ්‍ය ඉතිහාසයේ කවර කලකවත් අප සමාජය අසා තිබු තිබූ තත්වයක් නොවේ. නමුත් මෙම අවස්ථාවේ මෙරට අධිපති ධාරාවේ මාධ්‍ය කටයුතු කල ආකාරය ඉතා නින්දිතය. ඔවුන් මෙම මොහොතේ දූශිත අගවිනිසුරු වරයා වෙත සහය පල කරතමන්ට අවාසි සහගත නඩු කටයුතු වලින් නිදහස් වීමට එය අල්ලසක් කරගත්තේය. ඔවුන් තෝරා ගනු ලැබුවේ අධිකරණ නිදහස් වෙනුවෙන් සටන් කරනවා වෙනුවට දුශිත අගවිනිසුරුවරයා සමග පස්ස දොරෙන් ගනුදෙනු කරමින් තමන්ගේ නඩු හබ වලින් නිදහස් වීමය.

ඔහුගේ මා දකිනා එක් සුවිශේෂි ලක්ෂණයක් වන්නේ ඔහුගේ පරිණත දේශපාලන දැක්මය. ඔහුට මෙරට දේශපාලනය ක්‍රියාත්මක වන ආකාරය පිලිබද දුර දක්නා අවබෝධයක් තිබීය. සතියේ ඔහු විසින් සිදු කරනු ලබන දේශපාලන විග්‍රහය හුදු දේශාපලන විග්‍රහයන්ගෙන් ඔබ්බට ගිය අනාගතය විග්‍රහ කිරීමක් වැනිය.මේ පිලිබද ඉතා බලවත් නිදර්ශනයක් ලෙස ඔහු 2014 අගෝස්තු මස පල කරන ලද “නව ව්‍යවස්තාවක් හදාගැනීමේ ප්‍රශ්නය” නම් වූ පොතේ පහත උපුටනය දක්වා තැබිය හැකිය.

“ලංකාවේ ජනාධිපතිවරයකුගේ ධූර කාල දෙකක් ඇමෙරිකන් ජනාධිපතිවරු තිදෙනෙකුගේ ධූර කාල තුනකට සමානය. එතරම් දීර්ඝ කාලයක් බලයේ රැදී සිටීමට පුළුවන්කම් ලැබී තිබියදීත් එයින් තෘප්තිමත් නොවී ඒ සීමාවද ඉක්මවා බලයේ ඉදීමට ක්‍රියාකරන නායකයකු සැලකිය හැක්කේ ලැබී තිබෙන පරම බලයේ රසය අත්හැරීමට කැමති නැති බලලෝභී නායකයකු වශයෙනි. 18 වන සංශෝධනය මගින් ජනාධිපති රාජපක්ෂ අපේක්ශා කරන්නට ඇත්තේ දීර්ඝ කාලයක් බලයේ රැදී සිටීම විය හැකි වුවත් ඔහුට දෙවැනි ධුර කාලය ඉක්මවා බලයේ රැදී සිටීමේ හැකියාවක් නොතිබෙනවා සේම බොහෝ විට ඔහු මෙම දුර්දාන්ත ජනාධිපති ක්‍රමයේ අවසානයාද විය හැකිය.” -“නව ව්‍යවස්තාවක් හදාගැනීමේ ප්‍රශ්නය” – පිට 44

මෙම විග්‍රහය අද වන විට යතාර්ථයක් වී හමාරය. සුමනදාසලා පුස්කොල පොත් පෙරලමින් ග්‍රහ තාරකා වලින් කල විජ්ජම් මොහුගේ දේශපාලන  පරිණත භාවයට අලගු තියන්නටත් ප්‍රමානවත් නොවන බව මින් මනාව පැහැදිලි වේ.

ගාන්ධි දර්ශනවාදියකු වන අයිවන් මහතා 2008 -09 කාලයේ යුද්ධයේ අවසන් අදියරයේදී ක්‍රියා කල ආකරය බොහෝ යුද විරෝධින්ගේ දැවන්ත විවේචනයකට ලක් වන්නකි. මමද ඇතම් විට එම ලිපි කියවීම අපුලෙන් බැහැර කල අවස්ථා විරල නොවීය. නමුත් ඔහු තම පුවත්පත එම මතය වෙනුවෙන් කිසි විටක යෙදවූයේ නැත. ඔහු හැරුණු කල අනෙක් සියලුම ලේඛකයන් ඔහුට විරුද්ධ ආස්ථානයක සිටිමෙන් අපට වටහා ගත හැකි කරුණ නම් ඔහු තම කතෘ මණ්ඩලයට කෙතරම් නිදහසක් විදින්නට අවස්ථාව දුන්නේද යන්නය.

ජනතාවට ඉදිරියෙන් සිටිය යුතු ජනමාධ්‍ය ජනතාවටත් වඩා පසුපසින් නූතන ලෝකයේ ග්‍රොත්‍රික මිනිසුන් බවට මෙරට පුරවැසියන් පත් කරලීම සිය මාධ්‍ය භාවිතය කරගත් රටක රාවය මෙන්ම වික්ටර් අයිවන් සිදු කල සමාජ මෙහෙවර ඇගයීම සමාජ අනිවාර්යයතාවයකි.මෙම ඇගයීම නිර්දය ලෙස විවේච්නය කරනවුන්ට කිව හැක්කේ එක් දෙයකි. රාවය පසුගිය තිස් වසරේ නොතිබුනානම් සමාජය කොතැනදැයි හැරී බලන ලෙසය..

කසුන් ප්‍රනාන්දු.
06/06/2015

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s