වැරදුනේ කොතැනද ?

 

images (1)

අලුත්ගම ඒ කලු ජූනිය සිදු වී මසක් ගත වී ගොසිනි. බොහෝ දෙනා මේ සිද්ධිය පාඩමක් කොට ගන්නවා වෙනුවට තවමත් කරමින් සිටින්නේ තමන්ගේ වාර්ගික දෘශ්ඨිකෝණයෙන් මේ සිදුවීම නිර්වචනය කරමින් සිටීමය. රටක් ලෙස මේ මොහොතේ අපට අවශ්‍ය කරනුයේ මේ සිද්දියේදී පලමු ගල එල්ල කලේ කවරකුද කිය සොයනවාට වෙනුවට මනුශ්‍ය වර්ගයා ලෙස අනෙකා දෙසත් මේත් තවත් මනුශ්‍යයකු නොවේදැයි බැලිය යුතු තත්වයක් නිර්මානය කර ගැනීම නොවේද ? මන්දයත් අද නූතන ලෝකය තුල ජාතිය, වර්ගය,කුලය හෝ ආගම පදනම් කරගෙන වෙනස් කොට සැලකීම පිලි නොගන්නා තත්වයකි.

චින්තනයේ දුර්වලතා

මධ්‍යතන යුගයේ යුරෝපයේ ඇති වු වෙනස්කම් හේතූ කොට ගෙන ඒ වන විට රාජ්‍යයේ ආගම තිබූ ඉහළ තත්වය වෙනස් වන තත්වයක් උදා වන්නට විය. මේ හෙතුකොට ගෙන ඒ වන විට රාජ්‍ය තුල ආගමට තිබූ උච්චස්තානය බිද වැටී මානව නිදහස, විද්‍යාවේ දියුනුව හා කාර්මිකව් විප්ලවය ඉහලට පැමිණීය.අද වන විට යුරෝපයේ කිසිදු රටක් තුල ආගම රාජ්‍යයේ කටයුතු සදහා අත පොවන තත්වයක් දැකිය නොහැක. ආගම හුදු පුද්ගලික කාරණයක් බවට පත්ව ඇත. නමුත් බොහෝ ලංකිකයන් තුල අදටත් ගැබ්ව පවතින කරුණක් වන්නේ සසුන පවතින්නේ රාජ්‍යයට ඉහලින් යන්නය.නමුත් එය එසේ නොවන බව පසුගිය දිනවල මෝටර් රථ ධාවන තරගාවලිය අරබයා මහා නායක හිමිවරුන් හා ජනපති අතර ඇති වූ ප්‍රශ්නයේදී පැහදිලිවම පෙනිනි.

ලංකාවේ සිංහල ජාතියේ චින්තනය මහත් බලපැම් ඇති කල පුද්ගලයන් වන්නේ අනගාරික ධර්මපාල,නලින් ද සිල්වා,ගුණදාස අමරසේකර හා ගංගොඩවිල සෝම හිමි ප්‍රධාන තැනක් ගනී.මොවුන්ගේ චින්තනයේ වු ප්‍රධානම දුර්වලතාව වන්නේ සිංහල ජාතියට බර තබමින් අන් ජාතින් හෙළා දකිනා එනම් ඔවුන් යටත් වැසියන් කොට සැලකීමේ ප්‍රතිපත්තියයි. මේ බව ඔවුන් පල කල ලිපි ලේඛ්න පරිශීලනය කිරිමේදී දැක ගත හැකිය. අද අප අත් දකිමින් සිටිනුයේ එම චින්තනයේ කූට ප්‍රප්තියද?. මුස්ලිම් ව්‍යාපර ඉලක්ක කරමින් එල්ල කරණා ප්‍රහාර තුල සැගවී ගෙන ඇත්තේ එම චින්තනයේ දුෂ්ඨ භාවයද?.

රටක් ලෙස අපට දියුණු වීමට මාර්ග කොතෙක් තිබියදීත් අප අදටත් දුක් විදිමින් සිටිනුයේ මේ චින්තනයේ දුබලතාවය නිසාද.මෙම චින්තනය විශ්වාශ කරනා බොහෝ දෙනා නොදන්නා කරුණ වන්නේ අප ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුල පවා කිසිම ජාතියක් හෝ ආගමක් උසස් කොට තවකකු පහතට දමා නැත.
“කිසිම පුරවසියකු වර්ගය,ආගම,භාෂාව,කුලය,ස්ත්‍රි පුරුෂ භේදය, දෙශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වු හේතුවක් මත හෝ වෙනස් කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේය.”

මේ සියල්ල රටේ උත්තරීතර නීතිය වුවද ශ්‍රි ලංකාවේ බුදු දහමේ අධිපතියන් ලෙස කටයුතු කරන බොදු බල සේනා සහ අනෙකුත් සේනා සිංහල බෞද්ධ හැර අන් සියලු දෙනා ආමන්ත්‍රනය කරන්නේ “පරයා” යන වචනයෙන් වීමම මෙරට නීතියට අත් වූ ඉරණම කියා පාන්නක් නොවේද? සිංහල ජාතියේ චින්තනයේ බාල බව බොහෝ අවස්ථා වල සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතු තත්වයන් තුල පවා ඔහුගේ ජාතිය සහ ආගම පසුපස හඹා යන තත්වයෙන් නිරූපනය වේ. මීට හොදම උදාහරණයක් වනුයේ 2004 එක්සත් ජනතා නිදහස් සංධානය බලය ලබා ගත් මොහොතේ ජනතා විමුක්ති පෙරමුණේ යෝජනාව වුයේ ලක්ෂ්මන් කදිරගාමර් මහතා අගමැති ධුරයට පත් කරලීමය. නමුත් ඒ අවස්ථාව වියැකී ගියේ අනෙක් කණ්ඩායම් ඔහුගේ වර්ගය අරඹයා දැක්වූ විරෝධය තුලය.කවර අඩුපාඩු කම් මධ්‍යයේ වුවද ඒ මොහොතේ ඊට සුදුසුම පුද්ගලයා වුයේ ඔහුය. මේ සියලු තත්වයන් කියා පානුයේ චින්තනයේ දුෂ්ඨ බව හැර අන් කවරක් ද?.

යතාර්ථය

අනෙක් ආගමික විශ්වාශ හා බැදුනු පුද්ගලයන් වෙත ‘පරයා” යන්නෙන් ආමන්ත්‍රණය කිරීමට පෙර දැන ගත යුතු කරුණ වන්නේ ශ්‍රි ලංකාවේ සියලු ජාති හා ආගම් විවිධ වූ කාල වකවානු වලදී වෙනත් රටකින් පැමිනි වුන්ය.වෙනසකට ඇත්තේ පැමිනි කාලය පමණි. එසේ වෙනත් රටකින් පැමිණි ජන වර්ගයන් “පරයන්” නම් වැදි ජනයා හට අප සියලු දෙනා වෙත “පරයා” යන්නෙන් ආමන්ත්‍රනය කල හැකිය.ඔවුන් කොතරම් නවීන ලෝකය වෙත පරිණාමනය නොවූවද,ඔවුන් එවැනි අන්තගාමීන් නොවීම පිලිබදව අප ලැජ්ජා විය යුතුය.

මෑතක සිට මුස්ලිම් වරු සමග ඇති කර ගන්නට යන ප්‍රශ්නයේ මූලය වී ඇත්තේ අන් කවරක්වත් නොව ඔවුන් වෙළදාමෙහි දක්වන ව්ශිෂ්ටත්වයයි.සැබෑ ලෙසම මෙය සිංහල බෞද්ධ සාමාන්‍ය ජනයාගේ ප්‍රශ්නයක් නොව වෙළදාමේ ප්‍රශ්නයකි. නමුත් මෙය  ආගම් අර්බුදයක් ලෙස ගැට ගසා ගැනීමේහිලා ඔවුන් ඉතා දක්ශ වී තිබේ. මන්දයත් ෛකරාටිකයාගේ අවසාන තුරුම්පුව වන්නේ ආගමික හා වාර්ගික අන්තවාදයයි. රටේ පාලකයාද මෙය තම බලය පවත්වාගෙන යාමේඑ ප්‍රතිපත්තිය කරගන්නා තත්වය තුල සුලු වාර්ගිකයන් හට අබ සරණ හැර කවර සරණක්ද?

නමුත් බොහෝ දෙනා නොදන්නා යථාර්ථය වන්නේ මුස්ලිම් වරු මෙරට පැමිනි දා සිටම වෙළදාමට යොමු වූයේය යන්නය. පෘතෘගිසීන් මෙරට වෙළදාමට අත පොවන මොහොතේ ඊට ප්‍රමුඛ විරෝධය එල්ල කලේ මුස්ලිම් වරුන් විසිනි.එකල කුල පීඩිත සමාජ ක්‍රමය තුල සිංහල ජනයා වෙළදාම සලකන ලද්දේ පහත් කර්මාන්තයක් ලෙසය.නමුත් කාලයත් සමග කුල පදනම බිද වැටී සමාජ ක්‍රමය වෙනස් වන තත්වයක් තුල සිංහල ජනයා පවා වෙළදාමට යොමු වන්නට විය. නමුත් ඒ වන විට මුස්ලිම් වරු සහ දමිල ජනයා තහවරු කරගෙන තිබූ තත්වය බිද දැමීම පහසු නොවීය.1983 කලු ජුලීය හා 2014 කලු ජූනියේ අන්‍ය ජාතික ව්‍යාපාර ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයන්හිදී මෙම අරෝව එලියට දැමීමට සිංහලයා සමත් විය.

කල යුත්තේ කුමක්ද?

මෙවැනි තත්වයක් අපට නැවත අවශ්‍ය නැත.එය එසේ නොවීමට නම් ඊට පිලියම් යෙදිම පූර්ණ ලෙසම දෙශපාලනාධිකාරිය වෙත පැවරෙනා වගකීමකි.මෙහිදී රාජ්‍ය නිර් ආගමික වීම ප්‍රමුඛ කාර්‍ය්කි. මන්දයත් තමන් කැමති ආගමක් විශ්වාශ කිරිමේ හෝ නොකිරීමේ කටයුත්ත පුරවැසි නිදහසකි.රාජ්‍ය ආගමික වීම එම නිදහසට වැට බැදීමකි.රාජ්‍යය නිර් ආගමික වීම පිලිබ්ද හිටපු අමෙරිකානු ජනපති ජොන් එෆ් කෙනඩි ආදර්ශයක් මෙසේය. 1960 දී ඒ මහතා පලමු වරට ජනාධිපතිවරණ සටනට යොමු වන විට කතොලිකයකු වීම හෙතූ කොට ගෙන ඔහුට පල්ලියේ බලපැමකින් තොරව තීරණ ගත හැකි වේ දැයි ප්‍රශ්න කෙරුනු විට ඔහු පිලිතුරු දුන්නේ මෙසේය.
” මා අදහන ආගම වැදගත් වන්නේ මට පමණකි”.
“අවසාන වශයෙන් මා මහජන කටයුතු වලදී මා අයත් පල්ලිය වෙනුවෙන් කතා නොකරමි,පල්ලියද මා වෙනුවෙන් කතා කරන්නේ නැත.”
අප රටටද අවශ්‍ය එවන් දුරදර්ශි නායකත්වයක් මිස පාලකයාගේ ආගම ඇදහීම උත්කර්ශයට නංවනා පාලනයක් නොවේ.

21/06/2014

Advertisements

2 thoughts on “වැරදුනේ කොතැනද ?

  1. ඔබ සමාජය තේරුම් ගන්නා විදිය යහපත්.. අනාගත සමාජයේ හැඩය පිළිබද යහපත් අදහසක් ඔබලාගේ භාවිතය ත=ළින් උපකල්පනය කිරීමට හැකිවීම සත=ටක් කැදවන්නක්..ජය..!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s