පොදු අපේක්ශකයකු අවශ්‍ය කර තිබේ.

z_fea800

කව්රුන් කෙසේ තර්ක විතර්ක ඉදිරිපත් කලද අවසානයේ පැවති දකුනු හා බස්නාහිර පලාත් සභා මැතිවරණ ප්‍රතිඵලය රාජපක්ශ රෙජීමය වෙත රතු එළි නිකුත් කොට තිබේ. ආණ්ඩුව මෙම මැතිවරණය සදහා දින නියම කළේද තමන් හට උපරිම වාසිය ලබා ගත හැකි වන පරිදිය. එනම් ඔවුන් මැතිවරණ දිනය ජිනීවා සමුළුව ක්‍රෙන්ද්‍ර කොට ගෙන නියම කරන ලදි.ඒ අර්ථයෙන් ගත් කල මැතිවරණ දිනය නියම කොට ඇත්තේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය නොව නවනීදන් පිල්ලේය. ආණ්ඩුව සුපුරුදු පරිදි කොටස් ක්‍රමයට මැතිවරණ පවත්වමින් රාජ්‍ය දේපල ඉතාමත් නින්දිත ලෙස තම ජයග්‍රහනය වෙනුවෙන් යොදවමින්, ජනපති රාජපක්ශ විදුලි පුටුවට ගෙන යාමට බටහිර රටවල් කැස කවමින් සිටිනා බවට අදෝනා දෙමින් ඉල්ලූ ජනවරම ඔවුන් වෙත ලබුනේ නැත. ඔවුන් පළාත් දෙකම ජයග්‍රහනය කළද එම ජයග්‍රහනය පිටුපස ඇත්තේ පරාජයකි.දැන් විවිධ වූ තර්ක ගොඩ නගමින් එය එසේ නොවන්නේ යැයි කියන්නේ එබැවිනි.ඊට හොදම උදාහරණය වන්නේ මහා දැවැන්ත සංවර්ධනයක් වෙමින් පවතින කොළඹ දිස්ත්‍රිකය තුල සන්ධාණය ලබා ගත්තේ 50% නොඉක්මවන ජනවරමකි.

මනාප ප්‍රතිඵල හරහා රාජපක්ශ විරෝධය.

කොළඹ දිස්ත්‍රිකය තුල ඉදිරිපත් කළ අපේක්ශකයන් අතරින් රාජපක්ශ අනුහස ලැබී තිබුනේ ජාතික හෙළ උරුමය නියෝජනය කල උදය ගම්මන්පිල මහතාටය.ඔහු සිල් රෙද්දට මුවා වී රටේ නීතීය කුණු කූඩයට දමමින් රාජ්‍ය නිලධාරියකු වූ ගොඨාභය රාජපක්ශ මහතා තම මැතිවරණ ප්‍රචාරණය සදහා යොදවාගනිමින් මැතිවරණ කොමසාරිස් වරයා පවා නිරුවත් භාවයට පත් කරන ලද තත්වයක් යටතේ ඔහුට ප්‍රතිඵල ලයිස්තුවේ ප්‍රථමයා වීමට නොහැකි විය. ඔහු තම මැතිවරණ ව්‍යාපාරය සදහා කපටියගේ අවසාන ගැලවුම් මාර්ගය වන ජාතික සහ ආගමික අන්තවාදයද උපරිම ලෙස යොදවා ගත්තද ජනතා මනාපය වී තිබුනේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියයි. එය හුදෙක්ම සම්ප්‍රදායක නිදහස් පක්ශ ජේශ්ඨ ඇමතිවරුන්ගෙන් ලද තල්ලුවක ප්‍රතිපලයකි.ඔවුන් තම රාජපක්ශ විරෝධය හිරුනිකාගේ ජයග්‍රහනය හරහා පෙන්නුම් කරන ලදි.එය තවත් පසකින් තම පක්ශය වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කල ඇගෙ පියා රෙජීමයේ අනුහස් ලබන්නකු අතින් කරවන ලද ඝාතනයට නීතීයේ සාධාරණය ඉටු නොවිමේ ජනතා අප්‍රසාදය පෙන්නුම් කරවන්නකි.

පොදු අපෙක්ශක භුමිකාව.

පසුගිය කාලය මුලුල්ලේම කතාබහ වෙමින් පැවතිපොදු අපෙක්ශක භුමිකාව නැවතත් මෙම මැතිවරණ ප්‍රතිඵලය සමග නව මානයක් වෙත යොමු වෙමින් පවතී.17 වන ව්‍යවස්ථා සංශොධනය තුල වූ සියලු ප්‍රජාත්‍රන්තවාදී ලක්ශණ කුනු කූඩයට විසි කරමින් 18 වන ව්‍යවස්ථා සංශොධනය හරහා ව්‍යවස්ථාපිත එකාධිපතිවදයක් ගොඩනගමින් තුන්වන ධුර කාලයක් සදහා සිහින මවමින් සිටිනා පාලකයා වෙත විපක්ශයේ සියලුම බලවේග ඒකරාශි කරගත් පොදු අපෙක්ශකයකුට සාර්ථක සටනක් දිය හැකි බව මෙම පලාත් සභා ප්‍රථිපල ඔප්පු කර පෙන්වා ඇත. මෙරට ප්‍රජාත්‍රන්තවාදයෙත් යහපාලනයේත් අභිවෘධිය සදහා ඉදිරිපත් කරනු ලබන මූලිකම සටන් පාඨය විය යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහොසි කර පර්ලිමෙන්තුවට සහ ජනතාවට වගකියනා පාලන ක්‍රමයක් ගොඩනැගීම සදහා මාර්ගය සකස් කර දීමය. එම හේතුව නිසා පොදු අපේශකයා නියත වශයෙන්ම සියලු බලවේග වෙත නිතැතින්ම තෝරා ගත හැකි විකල්පයක් විය යුතුය.එම නියත හේතුකාරකය හේතු කොට ගෙන පොදු අපේක්ශකයා දේශපාලන පක්ශයක් නියෝජනය කරන්නකු නොවිය යුතුය. මන්දයත් නියම කරන ලද කාලසටහනකට අනුව ඔහු හෝ ඇය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නික්ම යා යුතු බැවිනි.

සජිත් ප්‍රේමදාසගේ සිහිනය.

පසුගිය දිනෙක සජිත් ප්‍රේමදාස තම හිතවත් මාධ්‍ය හරහා මතු කොට තිබු ප්‍රකාශය පොදු අපේක්ශකයකු වෙනුවෙන් ගොඩනැගෙනා බලාපොරොත්තු සුන් කරවන්නකි. ඔහු තම හිතේශි මාධ්‍ය වෙත පවසා තිබුනේ ඊලග ජනාධිපතිවරණය සදහා ඔහු ඉදිරිපත් වීමට සූදානම් බවය. දැනට තිබෙනා තත්වය හමුවේ එනම් එක්සත් ජාතික පක්ශයේ ඇති නායකත්ව අර්බුධය හමුවේ ඔහු හට තම පක්ශයේ සියලු දෙනාගේ සහයෝගය ලබා ගැනිම පවා අභියෝගයකි. බොහෝ එකසත් ජාතික පාක්ශිකයන් තුල රනිල් මෙන්ම සජිත් පිලිඹ්දවද ඇත්තේ කලකිරීමකි.බොහෝ දෙනෙක් තුල ඇති ගැටළුව වනුයේ ඔහු තුලින් ජාතික දෙශපාලන නායකයකුගේ ලක්ශන පෙන්නුම් නොකිරීමය.ඔහුගේ දෙශපාලනය හුදු ප්‍රාදේශිය එකක් වීම බොහෝ දෙනාට ඇති ගැටළුව වේ. කිසිදු අවස්ථාවක ඔහු රටේ ප්‍රධාන ප්‍රශ්න හමුවේ තම මතය ඉදිරිපත් නොකරන්නෙකි.රටේ නායකයා වීම පසෙකලා ඔහු තම පක්ශයේ නායකයකු ලෙස මතුවිය යුතුය. ඒ සදහ ඔහුට පලමුව කල යුතුව තිබුනේ නායකත්ව මණ්ඩලයේ කටයුතු බාර ගෙන පක්ශයේ නායකයකු ලෙස තම කුසලතා විදහා දැක්වීමය. මෙරට ජාතික ප්‍රශ්නය හමුවේදන් ඔහු දක්වන්නේ නිශ්චිත නොවනා මතයකි. එය සුළු ජාතික සහයෝගය ලබා ගැනීමේදි ඉතා වැදගත් සාධකයකි.ඔහුද රාජපක්ශ රෙජීමය මෙන්ම එය මගහරිමින් කටයුතු කිරීම තම ප්‍රතිපත්තිය කරගත්තෙකි.ජාතික ගැටලුව මග හරිමින් කටයුතු කිරිමෙන් අප මුහුන දෙන කටුක යථාර්ථය අප අමතක කල යුතු නැත. එම නිසා ඔහුගේ ඉදිරිපත්වීම රට මුහුන දෙන අභියෝග වලට විසදුම නම් නොවේ.

අවශ්‍ය මොහොත එලඹ තිබේ.

රට විධායක ජනාධිපති ක්‍රමය ඔස්සේ ගෙන යමින් පවතින අරාජිකත්වය නතර කල යුතු මොහොත උදා වී තිබේ.දැන් අවශ්‍ය කරනුයේ ඊට එරෙහි සියලු බලවේග ඒකරාශි කල යුතු මොහොතයි.ඊට එරෙහි වීමට අවශ්‍ය කරනා සාධක අප උවමනාවටත් වඩා අත්දකිමින් සිටිනා මේ මොහොතේ වෙනසක් අපේක්ශා කරනා සියලු දෙනගේ යුතුකම විය යුත්තේ ඊට අවශ්‍ය කරනා ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීමය. එය හුදු දේශපාලන අරමුණු වලින් ඔබ්බට විහිදුන අරමුනක් විය යුතුය. ඒ සදහා උර දී කටයුතු කිරීම මේ මොහොතේ අවශ්‍යතවය වේ. මේ සදහා මේ මොහොතේ මේ අරමුණ කඩා බිද දමමින් අන්තවාදයන් හිස ඔසවමින් සමාජය නැවතත් වලපල්ලට යැවීමට වෙර දරණා බල සේනා වල උවමනාවන් හදුනාගෙන සැබෑ ජනතා ව්‍යාපාරය සියලු ජාති ආගම් බේදයෙන් තොරව ගොඩනැගීම මෙ මොහොතේ අපට අනාගත සමාජය වෙනුවෙන් කල හැකි උදාරම කාර්‍ය්ය වේ. එහි පලමු කර්ත්‍රවය වනුයේ සියලු බලවේග ඒකරාශි කරගත හැකි පොදු අපෙක්ශකයා නිර්මානය කරගනීමය.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s